ආදරයේ චමත්කාරය සමඟ රිදී තිරයට "ආදරණීය ප්‍රාර්ථනා"

Adaraneeya Prarthana Sinhala Film

ආදරයේ චමත්කාරය සමඟ රිදී තිරයට පායන්න සැරසෙන වාසව බදුගේ විසින් නිර්මාණය කරන ලද ඔහුගේ කුළුදුල් සිනමා සිත්තම වන " ආදරණීය ප්‍රාර්ථනා " හී ප්‍රථම පුර්ව ප්‍රචාරක පටය සමාජ මාධ්‍යජලා වලට නිකුත් කරනු ලැබීය.

සිනමාපටයේ රංගනයෙන් රාහුල් වරාවිටගේ,ශනුද්‍රී ප්‍රියසාද් සහ නෙත්මි රොශෙල් ප්‍රධාන චරිත තුළින් ප්‍රේක්ශයන්ට සමීපවෙයි. සිනමාපටය ගීතවත් සිනමාපටයක් වන අතරම මෙහී අපූරූ මියුරූ ගීත 8කින් සමන්විත වෙයි.මෑත කාලයේ සිනමාපටයක ගී 8කින් සමන්විත වන එකම සිංහල සිනමාපටය ලෙස මෙය හඳින්විය හැක. සිනමාපටයේ සංගීතය සඳහා යසස් මැදගෙදට සමඟ Bns එකතු වී තිබේ.ශෙහාන් ගලහිටියාව විසින් ගී පද රචනය සිදුකර තිබේ.

ආදරණීය ප්‍රාර්ථනා සිනමාපටයේ තිර රචනය මලිඳූ ගජධීර සහ රංඟනාත් වීරසිංහ දෙපළ එකතූ වී තිබෙන අතරම සිනමාපටයේ නිෂ්පාදන දායකත්වය අශාන් කන්නංගර,වාසව බදුගේ සහ යසස් මැදගෙදර විසිනි.


Giza Bee


Post a Comment

0 Comments