වැඩිහිටියන්ට පමණක්ම සීමා වූ "ගිනි මල් පොකුරු" බැලුවාද?

 

gini mal pokuru
18+

උදයකාන්ත වර්ණසූරිය යනූ ලාංකේය සිනමාව වෙනුවෙන් විවිධ වූ තේමාවන් ස්පර්ශ කරමින් සිනමාපට අධ්‍යක්ෂනය කලා වූ ප්‍රවීණයෙකි. ඔහු අතින් බිහි වූ ගිනි අවි සහ ගිනි කෙළි, රාජ්‍ය සේවය පිණිසයි, බහු භාර්‍යා, රන් දිය දහර, ලේ කිරි කඳුළු, රෝස වසන්තේ, බහූභූතයෝ, රන් කෙවිට, ආසයි මං පියාබන්න, යකඩ පිහාටු වැනි සිනමාපට අපට අමතක කළ නොහැකි සිනමාපට වෙයි. ඔහු විසින් අධ්‍යක්ෂනය කරන ලද සහ තිරගත වන නවතම සිනමාපටය "ගිනි මල් පොකුරු" ලෙසින් නම් කොට තිබෙයි. එතුමා විසින් මින් පෙර දී ද ලාංකේය සිනමාවට වැඩිහිටියන්ට පමණක් වූ ලේබලය යටතේ සිනමාපට කිහිපයක් ම නිර්මාණය කල අයෙකි.  මෙවර ඔහු විසින් අධ්‍යක්ෂනය කල නවතම සිනමාපටය බොහෝ පිරිසක් අතර කතා බහට තුඩු දුන් සිනමාපටයක් වූයේ ඔහු සහ කණ්ඩායම ඒ සඳහා ලබා දුන් ප්‍රාචාරණයයි. මේ දිනවල ඉතාමත් ජනප්‍රිය නිළියක් සහ මෝස්තර නිරූපිකාවක් වන චූලක්ෂී හරහා ඔහු ගිනි මල් පොකුරු තුළ ඇයව සහ ඇයගේ රූපය හරහා යම් ගින්නක් පතුරවා හරින්නට සමත් විය. ඒ හේතුවෙන්ම පසු ගිය කාලයේ ලීක් වූ විඩියෝවක් ලෙසින් වහ වහා ඒ මේ අත ගිය චුලක්ෂිගේ විඩියෝව සිනමාපටය වෙනුවෙන් වූ හොඳ මාර්කටින් එකක්ම විය.එමෙන්ම ගිනි මල් පොකුරු උදයකාන්ත වර්ණසුරියගේ සිනමා ගමනේ 25 වන සිනමාපටය ලෙසට එකතු වෙයි.

gini mal pokuru

ඉකුත් දෙසැම්බර් මස 03 වන දින සිට රිදී තිරයට එකතු වූ ගිනි මල් පොකුරු නැරඹීමට බොහෝම පිරිසක් පැමිණීම දැකීම සතුටකී.එය කළකට පසුව පැමිණි 18+ ලේබලය සහිත සිංහල සිනමාපටයක් වීමත් එහි රංඟන ශිල්පීන් ශිල්පිණියන් ගේ ජනප්‍රියත්වය නිසාම විය යුතුය.

gini mal pokuru

ලසිත් සහ පියුමි යනූ ප්‍රේමවන්තයින්ය.නිවෙස් වල ආශිර්වාදයෙන් ලියාපදිංචි විවහයක් කරගෙන සිටින අතර ඔවුන් විවාහ උත්සවය සඳහා දින ගනිමින් සිටින දෙදෙනෙකි.මුහුද අද්දර රාත්‍රිය අඳුරුය. වාහනය තුළ සිටි පෙම්වතුන් දෙදෙනා ආදරයෙන් මුසපත්ව ගිය අයුරකී.එදා රාත්‍රියේ ලසිත් හට ඔහුගේ රැකියාව සඳහා විදේශ ගත වීමට තිබුණු අතර පියුමිගේ කාරය ඔහු විසින් ඔහුගේ ගමන් බිමන් සඳහා යොදාගෙන තිබුනෙන් පියුමිව ඇයගේ නිවහනට ඇරලවා ඔහු තම මිතුරන් හමුවටත් පසුව තම සහෝදරියගේ නිවසටත් යන බව පවසා ඇයගෙන් සමුගෙන යන්නේ නැවත ඔහු එන විට ඔහුට ගුවන් තොටුපොළ වෙත යාමට කුළි රථයක් ලැහැස්ති කරන ලෙස ඉල්ලමින්‍ ය.

gini mal pokuru

පියුමි යනු තම පියා සහ බාල නැඟනිය සමඟ ජීවත් වූ අහිංසක තරුණියකි. අයගේ බාල නැඟනියට යම් මානසික අක්‍රමිකතාවයකින් පෙළෙන්නියකි.ඒ සඳහා බෙහෙත් ගන්නා ඈ නිරතුරුව රැකබලා ගන්නේ පියුමි විසිනි. පියුමි මෙන්ම ඇයගේ බාල නැඟනියද  ලස්සන යුවතියකි. රාත්‍රියේ නැවත ලසිත් පියුමිගේ නිවසට එන්නේ ඇයගේ කාරය භාර දී පියුමි විසින් ගෙන්වන ලද ටැක්සියේ නැඟ ගුවන් තොටුපොළ වෙත යාමටයි. නමුත් ලසිත් ඇය හමුවට පැමිණ පවසන්නේ නැවත නිවසට පැමිණීමේදී බල්ලෙකූ වාහනයේ ගැටුනු බවයි. පසුව පියුමි වාහනය තමා විසින් හදා ගැනීමට හැකි බව පවසමින් තම ප්‍රේමවන්තයාට සමු දෙන්නේ ආදරණීය ප්‍රේමවන්තියක් ලෙසයි.

දින කිහිපයකට පසුව පියුමිගේ නිවසට පොලිසිය පැමිණෙන්නේ පියුමිගේ කාරය සොයා ගෙනය. පොලිස්වරයෙක් වූ රංග ඇගේ නිවසට පැමිණ ඉකුත් දිනයේ වූ අනතුරක් ගැන විමසා සිටියද පියුමි දත් සියල්ල ඔහු හා පැවසුවද තම වාහනයට යටවී පුද්ගලයෙකු මරණයට පත් වූ වගක් ගැන ඇය හීනෙකින් වත් නොසිතූ දෙයකී.තමාව මෙවැනි තත්වයකට පත් කරමින් ලසිත් පැන යාම ගැන ඇගේ සිතේ උපන්නේ කේන්තියකි. තමාගේ කාරය තමාගේ නමට ලියාපදිංචි වී තිබීම ඇය වෙතට එක හෙළාම පැමිණෙන චෝදනාවකි.

gini mal pokuru

රංග යනූ තනිකඩ අයෙකි. පියුමි විසින් නොකළ වැරැද්ද වෙනුවෙන් ඔහු ඇයට උදව් කිරීමට පෙළබෙන්නේ ඔය අතරේදීයි. ඒ ඇය ලියාපදිංචි විවාහක කාන්තාවක් බවද ලසිත් ගැනද සියල්ල දැන දැනමයි. නමුත් තරුණ කාන්තාවක් ලෙසින් මේ සියල්ලටම  පියුමිට මුහුණ දීමට සිදුව ඇත.

මිනිමරුම් චෝදනාවට පියුමි නීතියට කොටු වේවිද? 

ලසිත් නීතියෙන් පැන නොයමින් ඔහු පොලිසියට භාර වේවිද? 

රංග විසින් පියුමිව මේ ප්‍රශ්නයෙන් කෙසේ බේරා ගනීවිද? 

පියුමි තමාට අත් වූ ඛේදාන්තය හමුවේ රංග වෙනුවෙන් කුමක් කරාවිද? 

රංග සහ පියුමි අවසානයේ දී එකතූ වේවිද? 

ලසිත්ට අවසානයේ කුමක් වෙයිද? 

මේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ඔබට ගිනි මල් පොකුරු සිනමාපටය හරහා දැකගන්න ලැබෙවී.ආදරය සහ නොසිඳෙන ලිංගික තෘෂ්ණාව ගැන ඇතුළත් වන කෘතුහලය උපදවන කතාවකින් සමන්විත වන මෙම සිනමාපටයේ රංගනයෙන් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චුලක්ෂි රණතුංග, චරිත් අබේසිංහ, දිල්රුෆා ෆානාස්, කුමාර වඳුරැස්ස, ආනන්ද කුමාරඋන්නැහේ එකතුවී තිබෙයි.

gini mal pokuru

ගිනි මල් පොකුරු නිෂ්පාදන කණ්ඩායම 

කතාව, තිරරචනය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසුරිය 

කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි

කලා අධ්‍යක්ෂණය - ඇහැලියගොඩ සෝමතිලක 

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

සහාය අධ්‍යක්ෂණය -  ඩොනල්ඩ් ජයන්ත

අංග රචනය - ඉන්දික උදාර

නිෂ්පාදන කළමනාකරණය -  අශෝක ආරියරත්න

නිෂ්පාදනය - ප්‍රසාද් රුද්‍රිගු, සුරංග ද අල්විස්, නිශාන්ත ජයවර්ධන, රජිකා ජීවන්ති රාජා, ශාන්ත හෙට්ටිආරච්චි, නිව්ටන් විදානපතිරණ සහ බන්දුල ගුණවර්ධන

සත්‍ය කතාවක් පසු බිම් කොට ගෙන නිර්මාණය වූ ගිනි මල් පොකුරු සිනමාපටය ලාංකේය සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂකයෙක් ලෙස සිනමාශාලාවට ගොස් නැරඹිය යුතු සිනමාපටයකි.එමෙන්ම සිනමාපටය නරඹා සිනමාත්මක ඔබේ අත්දැකීම ද අප හා බෙදා ගන්නා ලෙසද Art Street - කලා වීදියේ අප ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.

ජයාරූ අන්තර්ජාලයෙන් බව සළකන්න 



giza

gini mal pokuru









Post a Comment

0 Comments