වසර හැත්තෑ හතරක ප්‍රෞඩ, ශ්‍රී ලාංකේය සිනමාවේ "අමරපාලී" 2021 වසරේ දෙසැම්බර් මස... ( Amarapali )

අමරපාලී


_Giza  Bee_

ලාංකීය සිනමාවේ නැවුම් පරිච්චේදයක් පෙරළමින් "අමරපාලී" රිදී තිරයට

වසර හැත්තෑ හතරක් තරම් ප්‍රෞඩ ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය තුල නන්වැදෑරුම් ආකාරයේ සුවිශේෂි වූ අති විශිෂ්ට සිනමා කෘතීන් විශාල ප්‍රමාණයක් බිහිවූ අතර ඒ සෑම සිනමා කෘතියක්ම පරබවා යන ලාංකීය ජන ඉතිහාසයේ නව පිටුවක් පෙරලන්නට සූදානම් වන ඓතිහාසිකමය, සාහිත්‍යමය, ජානාශෘතමය යන කරුණු කාරණා ඇතුළු තව බොහෝ කරුණු කාරණා පෙරදැරිකරගෙන සැකසෙන භාරතීය රාජ්‍යම තම වසගයෙන් මුසපත් කරගෙන. පංචකළ්‍යාණිය පවා තම එක් සිනහවකින් යටපත්කොට ගත හැකි මහා මහා අධිරාජ්‍යන් පවා ඇයගේ ඉදිරියෙන් දනෙන් නැවි වැටුණ අතර නර්තනය තම ජීවිතය කරගත් දෙවගනන් පරදන රූපසපුවක් මාණික්‍යයන් අතරින් අග්‍රවූ චින්තාමාණික්‍යක් බදු වූ රූප දේහ ලීලාවෙන් වැජඹෙමින් සිටි ඇය, වසර දෙදහස් පන්සියකටත් වඩා එහා ගිය බුද්ධ භාශිතය තුල උස් අකුරින් ලියවූ කාන්තාවකගේ ඓතිහාසිකමය කතා පුවතක් ලෝකවාසි ජනිජනයා වෙනුවෙන් බිහි ශ්‍රේෂ්ඨ නව කලා කෘතියකී කෝසල මහා නෘත්‍යරාජිණිය දේවී අමරපාලී .....

ලාංකීය සිනමාවේ නවමු පරිච්චේදයක් පෙරළමින් "සංජය තුසිත කුමාර" සහ "සංඛ ප්‍රසාද්" ගේ කුළුඳුල් සම අධ්‍යක්ෂණයෙන් බිහි වන ඓතිහාසික කතා පුවතකින් සමන්විත වන "අමරපාලී" ද්විභාෂික සිනමාපටය 2021 වසරේ දෙසැම්බර් මස දී රූ ගත කිරීම් සඳහා සියල්ල සුදානම් කොට ඇති බවයි සදහන් වන්නේ. විශාල පිරිවැයක් යොදා නිර්මාණය වන මෙම සිනමාපටයේ කතාව, දෙබස්, ගී පද මාලා සහ තිර රචනය සඳහා "සංජය තුසිත කුමාර" දායකත්වය ලබා දෙයි.

සංඛ ප්‍රසාද්


ලොව පුරා නව තාක්ෂනය මුසුකොට ගෙන සිනමාපට බිහි වන අවදියේ "අමරපාලී" සිනමාපටය නිර්මාණයේදී VFX ඇතුළු බොහෝ නව තාක්ෂණික සිනමා ශිල්පවිධි මේ සඳහා මුසුකර ගැනීමටත් සිනමාපටය ප්‍රදර්ශනය සඳහා ලංකාව තුළ පමණක්ම නොව තවත් රටවල් 7කින් මේ සඳහා ප්‍රදර්ශනයට එකඟතාවය පලකොට තිබීමම තවත් සුවිශේෂ වෙයි.

"අමරපාලී" සිනමාපටයේ රංගනයෙන් ප්‍රධාන චරිතය වන අමරපාලිගේ චරිතය සඳහා ප්‍රසිද්ධ ඉන්දියානු නිළියක් එක් වන අතරම අනෙක් ප්‍රධාන චරිතය වන අජාසත් චරිතය සඳහා තවත් සුවිශේෂ නවක තරුණයෙකු තෝරාගෙන ඇති අතර ඔවුන්ගේ නම් ප්‍රකාශය සියල්ලක්ම රහසක් ව පවත්වා ගෙන යාමට අධ්‍යක්ෂක දෙපළ කටයුතු කරයි. ඊට අමතරව සිනමාපාටයේ රංගනය සඳහා දක්ෂ ජනප්‍රිය සහ නවක නළු නිළි රැසක් මේ සඳහා දයාකත්වය ලබා දීමට නියමිතයි. දමිතා අබේරත්න, බිමල් ජයකොඩි, කුසුම් රේණු, විල්සන් ගුණරත්න, චන්දික නානායක්කාර, මිහිර සිරිතිලක, පසිඳු උමයංග, නිලුෂි පවන්‍යා, අයේෂා මධුෂාණි ඇතුළු තවත් නළු නිළි කැලක් මේ හා එක් වෙයි.

සංජය තුසිත

"අමරපාලී" සිනමාපටයේ කැමරාකරණයෙන් "විශ්වජිත් කරුණාරත්න" එකතු වන අතරම මෙහි කලා අධ්‍යක්ෂණය සඳහා "නිරෝෂ් සංජිව" එක් වෙයි. සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය සඳහා දක්ෂ සහ ජනප්‍රිය සංගීත ශිල්පියෙකු වන "නාලක සජී" එකතු වන අතරම මෙය ඔහු සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙස එකතු වන ඔහුගේ ප්‍රථම සිනමා සිත්තම වෙයි.

"අමරපාලී" සිනමාපටයේ ගීත ගායනය සඳහා ජනප්‍රිය ගායිකා විශාරද මංජුලා දිල්රුක්ෂි, සමන් ලෙනින් සහ නවක ගායක තිසරු ඉමංක එකතු වී තිබේ. සිනමාපටය සංගීතය මෙන්ම නර්තනයෙන් පොහොසත් නිර්මාණයක් වන අතරම නර්තන අධ්‍යක්ෂණය සංඛ ප්‍රසාද් විසින් සිදුකරනු ලබයි. සංඛ ප්‍රසාද් යනු කුඩා කල සිටම සිනමා පවුලකින් පැමිණෙන කුඩා කල ජනප්‍රිය ළමා නළුවෙකු ලෙසින්ද මේ වන විට දක්ෂ නර්තන අධ්‍යක්ෂකවරෙයෙකුව සිටින ජනප්‍රිය තරුණයෙකි.

සිනමාපටය සඳහා නිෂ්පාදන දායකත්වය ඉන්දියානු නිෂ්පාදකයෙකු හරහා සිදුවන අතරම මේ සඳහා බොහෝ ජාත්‍යන්තර ජය ගත් වෘතිමය ශිල්පින් රැසක් "අමරපාලී" හා එක්ව කටයුතු කිරීමට නියමිත වේ.

වසර ගණනාවක් සිට "අමරපාලී" සිනමාපටය යතාර්ථයක් කරගනිමින් රිදී තිරය ට රැගෙන එන්න කැප වෙමින් සංඛ සහ සංජය දැරූ උත්සාහය මේ වන විටත් මල් පළ ගැන්වෙමින් තිබෙයි. සිනමාපටයේ රූගත කිරීම් ලංකාව තුළ දී සිදුවන අතර "අමරපාලී" සිනමාපටය 2023 වසරේදී ප්‍රදර්ශනය සඳහා කටයුතු කිරීමට නියමිත වෙයි.



Post a Comment

0 Comments