“විෂම භාග” සිත්තමට පසු වදනක්
සිංහල සිනමාව සදහා මෑත කාලීනව විවිධ තේමාවන් යටතේ නිර්මාණයන් සිදුවීම දක්නට හැකිය. ඒ අතර ඉතිහාසය පදනම් කරගත් ඓතිහාසික සිදුවීම්, සමාජයේ විවිධ ක්ෂේත්‍රවල පවතින ගැටලු වැනි කාරණාවන් ස්මතු කිරීමට මෙම නිර්මාණයන් සිදු කරනු ලබයි. මේ අතර අධ්‍යාපන ක්ෂේත්‍රය තුල පවතින සම්පත් බෙදී යාමේ විෂමතාවය, එකී සංකල්පයන් වල පවතින ගැටලු සහගතභාවයන් පදනම් කරගෙනද විවිධ නිර්මාණයන් මෑත කාලීනව කරලියට ආ අතර, එවනි නිර්මාණ අතර තාල, හෝ ගානා පොකුණ,විදු, විෂමභාග වැනි නිර්මානයන් අපට දැකගත හැක. ඒ අතරින් මෑත කාලීනව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පත් බෙදීයාමේ විෂමතාවය, ශිෂ්‍ය කේන්ද්‍රීය හා ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයේ වෙනස වැනි කාරණාවන් සමග සමාජ සංසිද්ධියක් ස්මතු කරමින් ඉදිරිපත් වුණ විෂම භාග සිනමා නිර්මාණය පිළිබදව අද අපි කියවන්නට සිතුවා.
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාවය ගොඩනගා ගෙන තිබූ ලලිත් රත්තනායක විසින් තම කුළුදුල් සිනමා නිර්මාණය ලෙස ‘විෂම භාග’ නිර්මාණය කරන ලදී. මේ තුල රෑප කාව්‍යයක් තුල අන්තර්ගත විය යුතු කාරණා ඉතා ප්‍රබල ලෙස ඉදිරිපත් කිරීමට ක්‍රියාකර ඇති අතර, ඇතම් දර්ශනතල වලින් ඔහුට ටෙලිනාට්‍ය ශෙලියෙන් සම්පූර්ණයෙන් ඉවත් විය නොහැකි බව පෙන්වා ඇත. කෙසේ නමුත් එවැනි සියුම් තැන් පවා සිතුවමේ රසාස්වාදයට කිසිදු හානියක් සිදු කර නොමත.
වීෂම භාග චිත්‍රපටියේ තේමාකරණයට ලක්වනු ලබන්නේ රජරට ප්‍රදේශය අාශ්‍රිතව පවතින වකුගඩු රෝගයත් එයට හේතුව ලෙස බොහෝ පිරිස් පෙන්වා දෙනු ලබන පානීය ජල ගැටලුව පිළිබදවත්ය. මෙම සමස්ත ගැටලුව පුරාම කමල්සිරි, රුවන්සිරි, ගණිත හා සංගීත ගුරුවරයා පදනම් කර ගනිමන් මෙරට පවතින අධ්‍යාපන ක්‍රමවේදයේ සම විෂමතා සියම් ලෙස විවේචනයට බදුන් කරනු ලබයි.
මෙම සිනමා කෘතියේ සුවිශේෂිත්වය වනුයේ ආරම්භය සහ අවසානය ගණිත සංකල්ප දෙකකින් අවසන් කිරීමයි. මා දකින පරිදී මෙම සිත්තමේ ඉතාමත් වැදගත් පණිවිඩයක් මෙම අවස්ථාවන් දෙක හරහා සමාජයට ලබාදීමට ක්‍රියාකර ඇති ආකරය පෙනෙනු ලබයි. විෂමභාග යනු හරියට සමාජයක් තුළදී විවිධත්වයෙන් යුතු දරුවන් අපට හමුවේ. මෙහි දක්වන අකාරයටම ඇතම් දරුවන් ගණිත විෂයට දක්ෂ වන අතර, තවත් කෙනෙක් සෞන්දර්ය විෂයන්ට දක්ෂ විය හැකිය. මෙය ලියන මා පවා පාසල් කාල සීමාව තුල ගණිත විෂයට අදක්ෂයෙක් වූ අතර, සාහිත්‍ය විෂයන්ට හා තර්කනයට සුවිශේෂි හැකියාවක් පවතින ලදී. මේ අනුව අප පාසල් අධ්‍යාපනය තුළින් විවිධාකාර හැකියාවන් හා සුවීශේෂීතාවයන් පවතින දරුවන් හදුනාගත යුතුය. එම හැකියාවන් නිවරදිව තේරුම් ගැනීම ගුරුවරයාට මෙන්ම සෑම වැඩිහිටියෙක්ටම ඉතාමත් වැදගත් වනු ඇත.
තවද මෙම නිර්මාණය තුළ ළමා මනෝවිද්‍යාව තුළ අප නිතර සාකච්ඡාවට බදුන් කරනු ලබන දරුවන් නොසලකා හැරීම වැනි කාරණාවන් පිළිබදවද සමාජයට අවබෝධාත්මකව දැනුමක් ලබා දෙන්නට නිර්මාපකයා විසින් කටයුතු කර ඇත. රුවන්සිරි හා කමලසිරිගේ සංගීත හා ගණිත හැකියාව ඔවුන්ගේ මව විසින් දරුවන් දෙදෙනා සන්සන්දානාත්මක ගැලපීමට උත්සාහ කිරීම තුළ Discriminate, Neglective කියන කාරණාවන් දරුවන්ගේ මනසට ඇතුලු කරන අකාරය දැකගත හැකිය. එම නිසා එවනි සිදුවීම වර්තමාන සමාජ ස්තරය තුළ ඇතම් දෙමාපියන් හා ගුරුවරුන් මගින් සිදු වන නිසා මෙමගින් ළඹා මනෝවිද්‍යාත්මක හා අධ්‍යාපන මනෝවිද්‍යාත්මක කාරණාවන්ද ඇතුලත් කරමින් සමාජයට ප්‍රබල පණීවිඩයක් ලබා දීමට ක්‍රියාකර ඇති ආකාරය දැකගත හැකිය.
මෙම සිනමා කෘතිය අවසන් කරනු ලබන්නේ පරිධිය හා ධාරිතාව පාඩමෙනි. මේ තුළින් අපි තේරුම් ගත යුතු කාරණාව වනුයේ සමාජයේ සෑම දරුවෙක් සතුවම පවතින හැකියාවන් විවිධ ධාරිතාවන් වලින් යුුක්ත වන බවයි. මෙම නිසා දරුවන් සමග වැඩකරන සියලු වැඩිහිටියන් තේරුම්ගත යුතු කාරණාවක් වනුයේ දරුවන්ගේ හැකියාවන් විවිධ වන බවත් එවායේ පරිධිය හා ධාරිතාව වෙනස් වන බවයි.මෑතකාලීනව වැඩි වශයෙන් අවධානයට ලක් වනු ලබන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ වැදගත්කම මේ තුලින් මනාව ස්මතු කර ඇත. අපි සැවොම දන්නා කාරණයක් වනුයේ තවමත් අප රට තුල ක්‍රියාත්මක වනු ලබන ගුරුකේන්ද්‍රීය අධ්‍යාපනය වෙනස් වී, දරුවා කේන්ද්‍ර ගත වූ අධ්‍යාපනයක අවශ්‍යතාවය බහුලව මේ වන විට දැනී ඇත. එහි දැඩි අවශ්‍යතාව විෂමභාග තුලින්ද තහවුරු කරනු ලබයි.
මේ සදහා රංගනයෙන් දායක වනු ලබන ජක්සැන් ඇන්තනී මුලදී කළු චරිතයක් ඉදිරිපත් කරනු ලැබවත් සිනමා නිර්මාණය අවසානයේ ඔහු සන්වේදී වීම හරහා ඔහුගේ භාවාත්මක රංගන හැකියාව වඩාත් හොදින් පෙන්නුම කරනු ලබයි. හීන්මැණිකා ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු ද, ඇගේ පියා ලෙස හේමසිරි ලියනගේ ද හීන්මැණිකාට උදව් පදව් කරමින් ජීවත්වන බණ්ඩාර ලෙස ප්‍රියන්ත සිරිකුමාර ද සංගීත ගුරුතුමිය වූ තිලක්ෂිණී රත්නායක ද විෂම භාග අංග සම්පූර්ණ නිර්මාණයක් කිරීමට තම රංගන කෞශල්‍ය ඉදිරිපත් කරනු ලබයි. නමුත් මෙම සිත්තමට ප්‍රේක්ෂක අවධානය ඇද ගැනීමට පංකජ හා පන්සිළු වික්‍රමරත්න දරුවන්ගේ රංගනය විශේෂ දායකත්වයක් සපයනු ලබයි. ඒ අතරින් රුවන්සිරිගේ චරිතයට පන දෙන පන්සිළු වික්‍රමරත්නගේ හැකියාව ඉතාමත් විශිෂඨය. මේ තුළ සංගීත ගැලපීමද කතා සන්දර්භයට ගැලපෙන පරිදි නිර්මාණය කර තිබීමද මෙය විශිෂ්ඨ නිර්මාණයක් විමට බලපා ඇත.
සිනමා කෘතිය තුළින් ඔබ ඉගනගත යුතු කාරණාව වනුයේ දරුවන්ට පරිසරය සමග ඇතම් සංකල්පයන් ඉගනීමට ඉඩ ලබාදිය යුතුයි. එමෙන්ම දරුවාගේ හැකියාව තිබෙන ක්ෂේත්‍රය තුළ නිදහසේ ඉගනීමට අවස්ථාව ලබා දිය යුතුය. අනික් කාරණාව වනුයේ ලොව පවතින සියල්ලටම හැමෝම දක්ෂ නැත.එම නිසා ඒ විෂමත්වය අපි අවබෝධ කර ගත යුතුය.
(මෙම සිනමා නිර්මාණය පිළිබදව සමාජ විද්‍යාත්මක, දාර්ශනික හා මනෝවිද්‍යාත්මක පුළුල් විවරණයක් සිදු කල හැකි වුවත් මෙහදී මා විසින් සිදු කරන ලද්දේ ඉතා සරල පැහැදිලි කිරීමක් පමණක් බව කරුණාවෙන් සළකන්න. එම නිසා මෙහි විවිරණය විය යුතු ඇතැම් සංකල්පයන් දීර්ඝ ලෙස පැහැදිලි කර නොමැත.)
0 Comments