"තුං මං හන්දිය" මේක අලුත් හංදියක්.
දින කීපයකට පෙර තවත් නැවුම් සිනමාපටයක පෝස්ටර් කිහිපයක්ම මධ්‍යට එකතු කරනු ලැබුවා. හැබැයි මේ පෝස්ටර් වල සුවිශේෂත්වය තමයි සිංහල , ඉංග්‍රීසී, දෙමළ වලට අමතරව මලයාලම් බසින් හැඩවූ පෝස්ටරයක් ඒ පෝස්ටර් අතර නිර්මාණය වීම. මේ වෙනස් වැඩේට අත ගහලා තියෙන්නේ වෙනින් කවුරුත් නෙමෙයි, තරුණ කෙටි සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන මහේල හෙට්ටීආරච්චීයි.
පසුගිය දිනෙක Cinema World නාළිකාවේ විකාශය වුණු, "Sneha : The Black in Every Pink" කෙටි සිනමාපටය ඔබ වෙත රැගෙන ආවේද මේ නිර්මාණකරුවා සහ ඔහුගේ කණ්ඩායමයි.
"තුං මං හන්දිය" ලෙස නම් කර ඇති මෙම සිනමාපටයේ කතා තේමාව Drama / Thriller යන ශානරයන්ට අයත් වන අතරම ආදරය ගැන වෙනස්ම විදියකට කතා කරනූ ලබන සිනමා සිත්තමක් විදියට ප්‍රේක්ශකයන්ට සමීප කරන්න ඔවුන් සූදානම් වෙමින් සිටියි.
මහේල හෙට්ටිආරච්චි විසින් අධ්‍යක්ශණය කරනු ලබන ඔහුගේ දෙවන සිනමා අධ්‍යක්ශනය වන "තුං මං හන්දිය" සිනමාපටය සඳහා නිෂ්පාදනය වෙනුවෙන් ජනිදු රාජකරුණා (JRP Pictures) එකතුවී තිබේ.
ලාංකීය සිනමාව තුල සිංහල, ද්‍රවිඩ ඉංග්‍රීසී සිනමාපට බිහි වෙද්දී මේ කණ්ඩායමේ එකම අභිප්‍රාය අපේ දේ ජාත්‍යන්තරයේ සිටින ප්‍රේක්ශකයනටද සමීප කරවන්නයි. ඒ හේතුවෙන්ම භාෂා හතරකින් මේ සිනමාපටයේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ඔවුන් සැළසුම් කරනවා. සැබැවින්ම අද සිදුවිය යුත්තෙද එයයි. අපේ සිනමාව ගැන ලෝකයම කතා කල යුතු කාලයක් නැවතත් උදාවිය යුතුයි.
"තුංමං හන්දිය" ගැන තවත් තොරතුරු නුදුරේදීම රැගෙන එන්නම්. ඒ වගේම මහේල ඇතුලු තුංමං හංදියේ කණ්ඩායමට අපේ සුභ පැතුම්.
Giza Bee



0 Comments