දින පොතක අකුරෙන් ලියැවුණු වචන පෙළක් අමුනමින් කෙටි සිනමාපටයක් ලෙසින් එය ප්‍රේක්ශක හදවතට සමීප කරන්නට "Diary" කෙටි සිනමාපටය අධ්‍යක්ෂනය කරනුයේ "ජනාධි ෂොනිල්" විසිනි.
මේ දිනවල බොහෝම පිරිසක් කෘතුහලයෙන් යුතුව කතා කරන "Case No 447" (නඬු අංක 447) සිනමාපටය හා දායක වන ශිල්පීන් මේ හා එකතු වී තිබීම විශේෂයි. මේ සඳහා "මොහොමඩ් මිෂාල් පෙරේරා" සහය අධ්‍යක්ශනයෙන්ද සිනමාපටයේ දෙබස් සඳහා දායකත්වය සපයා දී තිබේ. එමෙන්ම Case No 447 සිනමාපටයේ අධ්‍යක්ශක වන "ජගනාතන් චන්ද්‍රහසන්" මෙම සිනමාපටයේ තිර රචනයෙන් සහ අධීක්ෂනයෙන් එකතූ වී තිබෙනවා. මේ කෙටි සිනමාපටයට සංස්කරණයෙන් අචිලංඛ එකතූ වී තිබෙන අතරම විශිෂ්ඨ අන්දමින් මේ කෙටි සිනමාපටය සඳහා කැමරා අධ්‍යක්ෂනයෙන් වෙනුවෙන් "රතෙයන් ඤානප්‍රකාසම්" , "Diary" කෙටි සිනමාපටය සඳහා දායකත්වය ලබා දෙයි.
Diary සිනමාපටයේ කතාව "ජනාධි ෂොනිල්" විසින් ගොඩනඟන ලද ආදරණීය නිර්මාණයකි. "Diary" කෙටි සිනමාපටයේ රංගනයෙන් "ජනාධි" සමඟ "නවයුඝා" හා තවත් පිරිසක් එකතු වී තිබේ. ප්‍රදර්ශනයට සැරසෙන "Diary" කෙටි සිනමාපටයේ "බාචී සුසාන්" ගේ හඬින් ද "Honey" ගේ සප්තස්වර සංගීතයෙන් ද පෝෂණය වූ අපූරූ ආදර ගීතයක් මේ සිනමාපටයට ඇතුලත් ව ඇති අතරම නුදුරේදීම "Music video" වක් ලෙසින් නිකුත් වීමටත් නියමිතව තිබේ.
ලංකාවේ සුන්දර සහ ස්වභාවසෞන්දර්‍යෙන් පිරිණු අපට වැඩිය ඇස නොගැටෙන ප්‍රදේශ වල රූගත කර තිබෙන "Dairy" කෙටි සිනමාපටය මේ දිනවල පැතිරෙන කොවිඩ් 19 හමුවේ එයට පරිස්සමෙන් මුහුණ දෙමින් ඉතාම සුළු තාක්ෂණික සහ රංගන ශිල්පීන් පිරිසක් එක් ව සහයෝගයෙන් කළඑළි දකින්නකී.
"Diary" කෙටි සිනමාපටය හා සම්බන්ධ වූ සැමට ජය පතමින් ඉක්මනින්ම කෙටි සිනමාපටය ප්‍රේක්ශකයන් වෙතට රැගෙන එන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. සමාජයට වටිනා පණිවිඩයක් රැගෙන එන ආදරණීය "Diary" කෙටි සිනමාපටය නිකුත් වූ පසු අපි තව තවත් ඒ ගැන කතා කරමු...
Giza Bee

0 Comments