2021 අගෝස්තු 12 වන දින Amazon Prime Video හරහා ප්‍රේක්ෂකයන් වෙතට පැමිණි "Shershaah" සිනමාපටය එතෙක් මෙතෙක් "Sidharth Malhotra" ගේ විශිෂ්ඨ රංගනයක් දැකගන්න ලැබෙන සිනමාපටයක් විදියට හඳුන්වන්න පුළුවන්. සත්‍ය කතාවක් පසුබිම් ( biographical war film) කරගෙන නිර්මාණය කරන ලද මෙම සිනමාපටය යුද්ධය,මනුෂත්වය, සහෝදරත්වය, ජාතිය කුළය සහ ආදරය තුළ අපුරුවට මිනිස් සිතට දැනෙන්නට නිර්මාණය වූ කතා පුවතකින් සමන්විත වෙනවා.එමෙන්ම මේ වන විට "Shershaah" සිනමාපටයට බොහෝ ප්‍රේක්ෂක මෙන්ම විචාර පැසසුම් නොඅඩුව ලැබෙන සිනමාපටයක් ලෙසටත් තුඩු දෙමින් තිබෙනවා.මේ දිනවල නිවසටම වී සිටින ඔබට මේ අපුරු සිනමාපටය නරබන්න ආරාධනා කරනවා.
"Shershaah" සිනමාපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Vishnuvardhan යන ද්‍රවිඩ අධ්‍යක්ෂකවරයා විසින්. Dharma Productions සහ Kaash Entertainment සමාගම් යටතේ මෙහි නිෂ්පාදන කටයුතු සිදුවී තිබෙනවා.
අවරුදු 24ක් වයසැති වික්‍රම් බත්‍රා (Sidharth Malhotra) හමුදා සෙබලෙක් ලෙස ඉන්දියානු හමුදාවේ සේවයෙහි නියුතු වූ අයෙක්.ඔහු ප්‍රේමය කලේ ඩිම්පල් (Kiara Advani) නම් වූ තරුණියටයි.ප්‍රේමයෙන් වෙළී සිටියදීම යුධ සෙබලෙක් ලෙස වික්‍රම් හට පකිස්තානයට එරහිව යුධ වදින්නට අවස්ථාව ලැබුණෙන් ඔහු කාර්ගිල්ස් යුද්ධය සඳහා එකතු වෙනවා.ඔහු එම යුද්ධයේදී සුවිශේෂ චරිතයක් වනවා සේම ඔහු පද්මවීර චක්‍ර ගෞරව සම්මානයෙන් ද පිදුම් ලබනවා.අවරුදු 24ක් වයසැති ලාබාලතම රණවිරුවෙක් ලෙසින් එම සම්මානයට පාත්‍ර වූ ඒ සුවිශේෂී චරිතය ගැන සහ වික්‍රම් සම්මානයට පාත්‍ර වීමට ලද හේතුවද මේ සිනමාපටය නරඹන ඔබලාට දැකගන්න ලැබෙනවා.විනාඩි 135ක කාලයක් පුරාවට ගලාගෙන යන මෙම සිනමාපට ඉන්දියානු සිනමාවේ මෑත ඉතිහාසයේ දුටු යුධ සිනමාපට අතර ඉදිරියෙන් තිබෙන සිනමාපටයක් ලෙසටද එකතු වෙනවා.
Shershaah - Official Trailer
Giza Bee

0 Comments