Sweet Girl 2021 Review

Sweet Girl 2021

මේ දිනවල නිවෙස්වලටම වෙලා පරිස්සමට ඉන්න ඔයාලට ආසාවෙන් නරඹන්න පුළුවන් විදියේ තවත් Action,Thriller සිනමාපටයක් විදියට Sweet Girl සිනමාපටය හඳුන්වා දෙන්න පුළුවන්.2021 අගෝස්තු මස 20 වන දින Netflix හරහා ප්‍රදර්ශනය ඇරඹි මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Brian Andrew Mendoza විසින්.

අපි කව්රුත් ආදරය කරන Aqua Man එහෙමත් නැතිනම් Jason Momoa මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය හා එකතු වී තිබෙනවා.එමෙන්ම තවත් දක්ෂතා පිරි නළු නිළි කැලක් මේ සඳහා දායකත්වය ලබා දී තිබෙනවා.Isabela Merced, Manuel Garcia-Rulfo, Raza Jaffrey, Justin Bartha, Lex Scott Davis, Michael Raymond-James සමඟ Amy Brenneman යනු ඒ පිරිසයි.
විනාඩ් 110ක් පුරාවටම ඔබට එක එල්ලේ නැරඹිය හැකි මෙම සිනමාපටය IMDb අගය දැනට 5.5 ක් ලබාගෙන තිබෙනවා.

.........."Sweet Girl " ...........

සිනමාපටයේ කතා අනුගතය

Cooper පවුල ආදරණිය පවුලක් වගේම ඔවුන් ජිවත් වුනේ පෙන්සිල්වේනියාවෙයි.මේ පවුල තිදෙනෙකුගෙන් යුතු කුඩා පවුලකි.Ray Cooper ට සහ Amanda Cooper ට දාව උපත ලද දියණිය Rachel ය.හුරුබුහුටි ඈ පවුලේ සිටි දඟකාරීයයි.පියාගේ අඩිපාරේ යමින් ඈ ද කුඩා කල සිටම බොක්සිං ක්‍රීඩාවේ නියුතු වූ අයෙකි.දිනක් මේ ආදරණීය පවුලට අඳුරු කලදසාවකට මුහුණ පෑමට සිදු වන්නේ Rachel ගේ මවට දරුණු පිළිකා රෝගයකට ගොදුරු වීමට සිදුවූ නිසායි.වෛද්‍යවරු යටතේ ඈ බෙහෙත් ලබා ගත්තද ඇයගේ පිළිකාව දරුණු අතට හැරෙමින් මිය යන්නේ Ray සහ Rachel ව මෙලොව තනිකරමින්ය.ඔවුන් දෙදෙනාටම මෙය ඉවසා සිටිය නොහැක්කකි..බොහෝ සෙයින් දුක් වෙමින් ඔවුන් දෙදෙනා ජිවිතයට මුහුණ දෙමින් මාස කිහිපයක් ගතකලේ Amandaගේ ආදරණිය මතක සමඟයි.

මාස කිහිපයකට අනතුරුව දිනක් Ray වෙත දුරකථන ඇමතුමක් එන්නේ මාධ්‍යවෙදියෙකුගෙනි.ඔහු පවසන්නේ ඉක්මනින්ම ඔහුව ඇවිත් හමුවන ලෙසත් Amanda ගේ මරණය නිකම් මරණයක් නොව සාපරාදී ක්‍රියාවකින් සිදුවුක් ලෙසයි.Ray ගේ සිත තුළද ඔහුට කරදර කළ ඒ සැකය සත්‍යක් බව ඔප්පුවන බව හැඟෙන නිසාම ඒ මොහොතේම ඒ මාධ්‍යවේදියා මුණගැසීමට දුම්රියපොළට පිටව යන්නේ ඒ හේතුවෙන්මය.තම පියා කිසිවෙකුහෝ කතා කරනු දැකීමත් Rachel ගේ සිතට පැම්ණි බිය සැකය හේතුවෙනුත් තම පියාටත් හොර රහසේම Rachel ඔහුව ලුහුබඳින්න පටන්ගනී.

පියා පසුපසම හොර රහසේ යන Rachel, Ray ගොඩවන දුම්රියට ඇතුළුව සැඟවී සියල්ල බලා සිටින්නේ තම පියාට අනතුරක්වේ යයි සිතමිනුයි.Ray සහ මාධ්‍යවේදියා මොහොතකට හමුවන අතරම ඔහු කියා සිටින්නේ Amandaගේ මියයාමට හේතුව ජිවත් කිරීමට බෙහෙත් තිබුනත් එක්තරා සමාගමක් නිසා එම බෙහෙත රෝගීන්ට ලබා නොදෙන බවයි.නමුත් ඒ කතාව අතරතුරේ දී නාඳුනන අයෙක් පැමිණ මාධ්‍යවේදියාට පිහියකින් ඇණ පළා යන්නට තනද්දී Ray විසින් ඔහුව වළක්වා පහර දෙන්නට පටන් ගනී.මාධ්‍යවේදියා පිහිපහරින් මිය යන අතරම ඔහු මැරීමට පැමිණි නාඳුනන පුද්ගලයාද සවිශක්තියෙන් හෙබි අයෙකි ඒ නිසාම Ray විසින් එල්ල කරන පහරවල් වලට මුහුණ දෙමින් ඔවුන් දෙදෙනා අතර සටන ඇරඹියේ Rachel ගේ දෑස් ඉදිරිපිටමය.තම පියා තනිවම ඔහු සමඟ සටන් වදින නිසාම Rachel ද ඔහුගේ සහයට ඉදිරිපත් වුවත් Rachel හටද පහර පිට පහර වැදෙමින් දුම්රියෙන් එපිටට වැටෙන්නේ නාඳුනන පුද්ගලයාගේ පහර නිසයි.මේ සියල්ල දැක කලබල වන Ray හට ද එම පුද්ගලයා පිහියෙන් ඇණ දුම්රියෙන් පිටතට විසි කරන්නේ Amanda ගේ මරණය පසුපස කුමක් හෝ රහසක් සැඟවී තිබෙන බව පසක් කරමින්ය.

මේ සිදුවීමත සමඟම Amanda ට සිදුවූ මේ සපාරාදී ක්‍රියාව පසුපස නීතියකින් සාධාරණයක් නොමැති කල ආදරය වෙනුවෙන් යුක්තිය සොයා යන ආදරණිය සැමියාත් දියණියත් එක්ව යන ගමනක ඔබටත් සාක්ෂිකරුවෙක් ලෙසට එකතු විය හැක.

Sweet Girl සිනමාපටයේ කතාව කෙටියෙන් ඔබ වෙතට රැගෙන ආවේ සිනමාපටය අළුත් නිසාම මෙය නරඹා එහි ගැබ්වූ කෘතුහලය ඔබට උපරිමෙන්ම රසවිඳිය හැකි නිසායි.ඔබද මම වගේම සිනමාපටයේ අවසාන විනාඩි කිහිපයේදී පුදුමයට පත් වෙනවා නොඅනු මානයි.එතරම් රසකට සිනමාපටයේ රචකයා කතාව ලියා තිබෙනු රසවත්ය.

Rachel ලෙසින් Isabela Merced එම චරිතයට ඇයගේ රංගනය හරහා මනා සාධාරණයක් ඉෂ්ඨ කරනවා වගේම Jason Momoa ගේ සුපුරුදු රංගන හැකියාව RAY තුළින් ගොඩනංවා ගෙන තිබෙනවා.එමෙන්ම සිනමාපටයේ FBI නිලධානියක ලෙස Lex Scott Davis ද ප්‍රේක්ෂකයන්ගේ නොඅඩු ආකර්ෂණයට ලක් වෙනවා.ඉතින් මේ සිනමාපටය සුපිරියක්ම කියන්න බැහැ.එත් කම්මැලි කමකින් තොරව නැරඹිය හැකි වෙනස්ම විදියේ අවසානයකට ඔබව රැගෙන යන සිනමාපටයක් ලෙස Sweet Girl හඳුන්වාදිය හැක.

Sweet Girl | Official Trailer | Netflix



Post a Comment

0 Comments