ගාඩි - හිරු දරුවෝ
බොහෝ ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂකවරුන් ජාතක කතා ,මහා වංශය වගේ දේවල් වලින් උකහා ගත් කතා එකතු කරගෙන විවධ සිනමාපට නිර්මාණය කිරීම ට්‍රේන්ඩ් එකක් වී හමාරයි. නමුත් අද ඔබට සමීප කරන්න යන්නේ 1992 වසරේ විතර හීනයක්ව තිබු සිනමාපටයක් 2019 වගේ වසරක නිර්මාණය කරන්න ලැබුවක් ගැනයි.
සිසිල ගිනිගනී, අනන්ත රාත්‍රිය, පුර හඳ කළුවර, පවුරු වළලු, ඉර මැදියම, ආකාස කුසුම්, ඔබ නැතුව ඔබ එක්ක, උසාවිය නිහඬයි වැනි විවිධ වූ තේමාවන්ගෙන් යුක්ත වූ සිනමාපට රැසක් බිහි කළා වූ සම්මානනීය අධ්‍යක්ෂකවරයෙකු වන "ප්‍රසන්න විතානගේ" මහතාගේ නවතම සිනමාපටය වන ගාඩි නොහොත් හිරු දරුවෝ සිනමාපටය වෙනුවෙන් ඉඩක් තබන්නම්.
ගාඩි සිනමාපටය ස්වාධීන සිනමා සහ ස්වාධීන සිනමාකරුවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ චෙන්නායි නගරයේ තෙවැනි වරට පැවැත් වූ චෙන්නායි ස්වාධීන චිත්‍රපට උලෙළේදී එහි ප්‍රධාන සම්මානය වන එමරල්ඩ් ඩව් (හරිත පරෙවියා) සම්මානය හිමිකර ගන්නා ලදී. මේ වන විටත් මෙය ජාත්‍යන්තර තලයේ විචාරක සම්මාන වලින් පොහොසත් වූ සිනමාපටයක් ලෙස සැළකිය යුතුයි.
ගාඩි කියන්නේ ආසියාවේ නිර්මාණය වූ බැලිය යුතුම යන්න කියන වර්ගයේ සිනමා ගොන්නට වැටුණු අපේ සිනමාපටයක් කිවහොත් නිවැරදියි. ලක් වාසි වන අපට මෙය නරඹන්න නොලැබුනත් විවිධ ජාත්‍යන්තර සිනමාපට උළෙලවල් හරහා ඔවුනට මෙම සිනමාපටය රසවිදීමේ හැකියාව ලැබී තිබෙනවා.
1992 දී තමයි ගාඩි සිනමාපටය නිර්මාණය කරන්න මෙහි අධ්‍යක්ෂකවරයා වූ ප‍්‍රසන්න විතානයන් අදහස නිර්මාණය වන්නේ.නමුත් මෙහි කතාවේ එක එක සිද්දීන් තිර රචනයෙන් වෙනස් කරමින් ඔහු 2019 වසර දක්වාම මෙම සිනමාපටය නිර්මාණය කිරීම ඉදිරියට රැගෙන එන්නේ ඒ හේතුවෙන්.පොඩ්ඩක් හිතන්න.1992 සිට 2019 දක්වා කියන්නේ මොන තරම් කාලයක් ද? වසර ගණනක සිනමා අධ්‍යක්ෂණයේ පළපුරුද්ද එක්ක ඔහු කල් යල් බලමින් මෙම සිනමාපටය 2019 දී අධ්‍යක්ෂණය කරනු ලබනවා.1992 වෙද්දී සමහර විට ඔබ ඉපදිලත් නැතුව ඇති.ඒ කාලේ මේ සිනමාපටය තැනුනානම් අඩු තාක්ෂණයත් සමග කොයි විදියට තියේවිද? සතුටට කරුණ නම් අධි තාක්ෂණයෙන් යුත් මැත කාලින සිනමා උපාංගත් සමග මෙම සිනමාපටය නවමු අත්දැකීමක් ලබන්න ප්‍රේක්ෂකයන්ට හැකියාව ලබා දීමයි.
ගාඩි සිනමාපටයේ නිෂ්පාදනය සදහා දැනට ලංකාවේ වැඩිම මුදලක් වැය වූ සිනමාපටය බවට ද පත්වී හමාරයි.සිනමාපටය සඳහා බොහෝ ඉන්දීය පිරිසක් කටයුතු කිරීම මෙහි විශේෂයක්.බොලිවුඞ් සමාගමක් වන "ජා චිත‍්‍රපට"( Jar Pictures) සමාගමත් සමඟ. "රජීව් රවී",( අනුරාග් කාශ්‍යප් ගේ ගැන්ඞ්ස් ඔෆ් වසීපූර් ( Gangs of Wasseypu)) කැමරා ශිල්පියා. "ඩන්ගල්" චිත‍්‍රපටයේ රේඛීය නිෂ්පාදකවරුන් වන "ජා චිත‍්‍රපට" සමාගමත් සමඟ මෙම චිත‍්‍රපටයට සඳහා එකතුවී තිබෙයි. හවුල් නිෂ්පාදන සමගාමක් වශයෙන් ඔවුන් කි‍්‍රයා කරමින් ඉන්දීය ශිල්පීන්ගේ ගෙවීම්, පසු නිෂ්පාදන කටයුතු සඳහා නිෂ්පාදන දායකත්වය සපයා දී තිබෙනවා. ඒ හරහා චිත‍්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භය සිදුවීමත සමඟම එය චිත‍්‍රපටයේ නිෂ්පාදනයට විශාල ශක්තියක් වී තිබෙයි. එමෙන්ම ශී‍්‍ර ලංකාවේ ෆිල්ම් අයිලන්ඞ් සමාගම මේ චිත‍්‍රපටය සඳහා ආයෝජකයන් ලෙස එකතු වී තිබෙනවා.
**
ගාඩි සිනමාපටයේ කතා අන්තර්ගතය **
ගාඩි සිනමාපටයේ කතා අන්තර්ගතය **සිනමාපටය දිවෙන්නේ ලංකාවට නිදහස ලැබෙන්න තියන කිට්ටු වකවානුවකටයි.ඒ කියන්නේ 1814 කාලවකවානුව වගේ.කන්ද උඩරට ගැන කියවෙන මෙම කතාවේ ප්‍රධාන අරගලය ඇති වන්නේ රොඩී එහෙමත් නැත්නම් ගාඩි කුලය සමගයි.ලංකාවේ එවකට තිබු කුළ භේදය මත රොඩී කුලය පහත්ම කුලයක් ලෙස සැලකු බව ඔබ නොදන්නවා විය නොහැක.
රොඩී යනු ‘රොඞ්ඩා’ යන අදහස දෙනවා.එහි සැබෑ මිනිස් දුහුවිලි යන්නයි.නමුත් රොඩීන් තමන්ව හැඳින්වූයේ ‘ගාඩි’ හෙවත් ‘හිරුදෙවියන්ගේ දරුවෝ’ ලෙසින්.
එවකට උඩරට තිබුණු නීතිය යටතේ තම ස්වාමි පුරුෂයා රජුට විරුද්ධව කුමණ්ත‍්‍රණය කර, රාජ උදහසට ලක් වී උඩරට රදළයෙන් පැන ගිය විට හෝ රජුට විරුද්ධ වූ අවස්ථාවක දී එම පවුලේ කාන්තාවක්ව එම කුළයෙන් පහළට හෙළනවා. ඒ සඳහා ඔවුන්ට රොඞීන් සමග සරණ පාවා ගැනීමට සලස්වනවා වගේම ඔවුන්ට එක් අවස්ථාවක් ලබා දෙනවා කුළ ගෞරවය තියාගෙන සියදිවිහානි කරගැනීමට.ඉතින් මෙවැනි කතා පසුබිමකට අධ්‍යක්ෂකවරයා සිනමාපටය ගොනු කරනවා.
සිනමාපටයේ කතාව ගැන ලොකු විස්තරයක් ලියනවාට වඩා මේ කෙටි හැඳින්වීම ප්‍රමාණවත් ඇති මෙහි අරුත සහ අන්තර්ගතය දැනගන්න.සිංහල සිනමාවට ආදරය කරන සැමටම නුදුරේදී එම විශිෂ්ට සිනමාපටය නැරබීමට වරම් ලැබේවි.අප එතකොට තවත් මේ සිනමාපටය ගැන සටහන් තබමු.කතා කරමු.
**
නළු නිළි කැල **
නළු නිළි කැල **රවීන්ද්‍ර රන්දෙණිය ඓතිහාසික චරිතයක් වූ ඇහැලේපොළ නිලමේගේ චරිතය සඳහා රංගනයෙන් එකතුව ඇත. නව පරපුරේ සජිත අනුත්තර මෙන්ම සිනමාවට හඳුන්වා දෙන ඩිනාරා පුංචිහේවා ගාඩි රංගනය ඔපවත් කරති. අයිරාංගනී සේරසිංහ, දමයන්ති ෆොන්සේකා, ශ්‍යාමි ප්‍රනාන්දු, තිලිණ පෙරේරා, නෙතලි නානායක්කාර, කලණ ගුණසේකර, මහේෂ් හෙට්ටිආරච්චි, ප්‍රසන්න දැකුම්පිටිය, ඩිස්නි රාජපක්ෂ, තුසිත ලක්නාත්, ඇඩම්ස් අලි, ආනන්ද කුමාරඋන්නැහේ, අනුස්පති ගයන්ත, විෂ්මි පූර්ණිමා, අනුර ධර්මසිරිවර්ධන, මුදු රංජිත් ද සිල්වා, තමාල් ප්‍රියදේව ඇතුළු සියයකට අධික නළු නිළි පිරිසක් මෙහි සෙසු චරිත සඳහා පණ පොවනු ලබයි.
**
නිෂ්පාදන කණ්ඩායම **
නිෂ්පාදන කණ්ඩායම **ඉන්දීය විශිෂ්ට ගණයේ කැමරා අධ්‍යක්ෂවරයකු වන ඩබ්ලිව්. රජීව් රවි පළමු කැමරා අධ්‍යක්ෂක ලෙස ද, සම්මානනීය කැමරා අධ්‍යක්ෂ එම්. ඩී. මහින්දපාල දෙවන කැමරා අධ්‍යක්ෂක ලෙස ද මෙහි කටයුතු කරති.
රේඛීය නිෂ්පාදනය ඉරන්ති අබේසිංහ විසිනි.
නිෂ්පාදන සම්බන්ධිකරණය අනිශ්කා අලස්ගෙනි.
වී. ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණ වෙනුවෙන් දායකත්වය සපයා දී තිබෙයි,.
ලාල් දිසානායකගේ ශබ්ද පටිගත කිරීම සදහා එක්ව තිබෙයි..
නළුවරණය දමයන්ති ෆොන්සේකාගෙනි.
කොණ්ඩා සැකසුම තුෂාර විදානගමගේ ගෙනි.
පූර්ව නිෂ්පාදන සහාය දමින්ද ඩී. මඩවලගෙනි.
රන්ජන් ප්‍රසන්න සහාය අධ්‍යක්ෂවරයා ලෙස ගාඩි හා එක්ව තිබෙයි..
තපස් නායක් සිනමාපටයේ ශබ්ද පරිපාලකවරයා කෙස කටයතු කර තිබෙයි.
ධම්මික හේවාදුවත්ත සිනමාපටයේ කලා අධ්‍යක්ෂවරයා වෙයි..
සමරසිරි කඳනගේ අංග රචනා ශිල්පියා ලෙස ගාඩි හා එක්ව තිබෙයි.
රංගවස්ත්‍ර සැකසුම අකුරම්බොඩ පියතිස්ස, බුද්ධි සංජය, ජානක උල්ලන්දුපිටිය සහ මංජුල පෙරේරාගෙනි.
කේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස මෙහි කටයුතු කර ඇත.
ප්‍රසන්න විතානගේ විධායක නිෂ්පාදකවරයාය ලෙසත් සන්ධ්‍යා සල්ගාදු, අජේ රායි සහ එච්. ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයක් ලෙසින් ගාඩි නිර්මාණය වී තිබෙයි.
.
තවත් මෙවැනිම ලාංකීය සිනමාපටයක් සමඟ හමුවෙන්නම්.
Giza Bee

0 Comments