ජාත්‍යන්තර කෙටි සිනමා තරඟාවලි 7ක් නියෝජනය කරන "ලංතෑරුම් අඳුර"



_Giza Bee_

"ලිකී" ගේ "ලංතෑරුම් අඳුර" ජාත්‍යන්තර සහ අන්තර්ජාතික කෙටි සිනමා තරඟාවලි 7ක් නියෝජනය කිරීමට සැරසෙයි.

    "ලින්ස්කි ගමගේ" හෙවත් "ලිකී" කියන්නේ තරුණ කෙටි සිනමාපට අධ්‍යක්ෂකවරයෙක්. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද "Rainbow kite" කෙටි සිනමාපටය පසු ගිය දිනෙක පැවති Colombo Pride 2021 තරඟාවලියේ කෙටි සිනමාපට සඳහා වූ ජයග්‍රහණයක් ඔහු සතු කරගන්නට සමත් කම් ලැබීය. එමෙන්ම ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද "Lockdown Vesak", "Bridge Rich" වැනි කෙටි සිනමාපට බොහෝ කෙටි සිනමාපට නරඹන්නන්ගේ පැසසුමට ලක්වූ ඒවායි.

"ලිකී" ගේ ප්‍රධානම විශේෂත්වය වන්නේ ඔහු විසින් නිර්මාණය කරන ලද සියලුම කෙටි සිනමාපට සඳහා අධ්‍යක්ෂණය, තිර රචනය, කැමරාකරණය, සංස්කරණය, පොස්ටර් නිර්මාණය, පසුතල නිර්මාණය ඔහු විසින්ම සිදුකර ගැනීමයි. මේ සියල්ල කණ්ඩායමකින් තොරව තනි පුද්ගලයෙක් ලෙස සිදුකරගැනීමට නම් මනා හික්මීමක්, අධිෂ්ඨානය වගේම දක්ෂකමක් සහ තමා පිලිබඳ හොඳ විශ්වාසයක් තිබීම අනිවාර්ය වෙයි. මේ සියල්ලම එකතු කොට ගෙන මේ තරුණ අධ්‍යක්ෂකවරයා මැනවින් ඔහුගේ කෙටි සිනමාකෘතිය ප්‍රේක්ෂකයන් වෙත රැගෙන එන්නේ සමාජීය වශයෙන් වැදගත් පණිවිඩයන් සමඟයි.


"ලංතෑරුම් අඳුර" යනු "ලිකී" විසින් නිර්මාණය කරන ලද තවත් කෙටි සිනමාපටයකි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද අනෙකුත් නිර්මාණ සේම මෙම නිර්මාණයද වෙනස්ම වූ කතා පුවතකින් හෙබි සිනමාපටයකි.

ළමා මනස "ලිකී" විසින් සමාන කොට ඇත්තේ ලංතෑරුමකටය. විටෙක එළිය දෙමින් විටෙක අඳුරු වෙමින් දැල්වෙන ලන්තෑරුම ළමා මනස තුළ නිර්මාණය වන විවිධ වූ සිතුවිලි හරහා ඒ පැතිකඩයන් හරහා වස්තු බීජය කොට ගෙන මෙම සිනමාපටය බිහි වෙයි.නගරයෙන් ඈත පිහිටි දුෂ්කර ධිවර ගම්මානක වෙසෙන දරුවෙකු සහ කොවිඩ් වසංගතය හමුවේ නිවසට කොටු වෙමින් දරුවා ගේ මනස තුළ හටගන්නා වෙනස්ම වූ පර්යේෂණ සිතුවිලි ගැන "ලංතෑරුම් අඳුර" හරහා "ලකී" ප්‍රේක්ෂකයන්ගේ මනසට ආමන්ත්‍රණය කරනු ලබන්නේ ද රැගෙන එන්නේද සමාජීය වශයෙන් වැදගත් වූ පණිවිඩයකි.


කුඩා ළමයෙකුගේ මනස හරහා ගලාගෙන එන සිතුව්ලි තුළින් ආමන්ත්‍රණය වන තේමාවකින් සමන්විත වන "ලංතෑරුම් අඳුර" මේ වන විට අන්තර්ජාතික සහ ජාත්‍යන්තර කෙටි සිනමාපට තරඟාවලි හතක් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙයි.

🎬 23rd Digicon6 Asia Supreme Short Film Festival

🎬 11th Pelikultura Calabarzon Film Festival - Southern Tagalog Shorts Premiere

🎬 TDF2021 Film

🎬 32nd SGIFF Southeast Asian

🎬 Short Shorts Film Festival & Asia -Smartphone Film Competition supported by Sony's Xperia

🎬 Short Shorts Film Festival & Asia-Cinematic Tokyo Competition

🎬 Tokyo Anime Award Festival 2022

"ලංතෑරුම් අඳුර" කෙටි සිනමාපටය සඳහා රංගනයෙන් "ශෙවෝන් නජිත්","අවිශ්ක කාවින්ද","සදීප සමිත","ශෙවෝන් විදුෂ","සදීෂ නිම්නෙත්","සහන් දුලංජන","නිකිල් යුරෙන්" සමඟ "දිළිඳු" එකතු වී තිබෙයි. එමෙන්ම පසුබිම් හඬ සංයෝජනය "ශෙවෝන් නජිත්" ගෙනි. "ලංතෑරුම් අඳුර" කෙටි සිනමාපටයේ අධ්‍යක්ෂණය, තිර රචනය, කැමරාකරණය, සංස්කරණය, පොස්ටර් නිර්මාණය, පසුතල නිර්මාණය "ලින්ස්කි ගමගේ" විසින් සිදුකර තිබෙයි.

කෙටි සිනමාපටයේ රූගත කිරීම් හලාවත රිදී වැල්ල සහ වැල්ල ආශ්‍රිත මුහුදු තිරයට සමීපව සිදුකර තිබෙන අතරම මෙම සිනමාපටය සඳහා ස්වභාවික සංගීතය පමණක් යොදා නිර්මාණය වීමද තවත් සුවිශේෂිත්වයක් දරයි.


"ලිකී" විසින් නුදුරේදී අධ්‍යක්ෂණය කරන්නට සැරසෙන "මල්ලි","හසුන","මගේ යාලු" සහ "Bridge Rich 2" කෙටි සිනමාපට ද ප්‍රේක්ෂකයන් වෙත නුදුරේදීම එළී දැක්වීමට නියමිතයි.

"ලංතෑරුම් අඳුර" කෙටි සිනමාපටය හා එකතු වූ සියල්ලන්ටම සුභ පතන ගමන්ම සිනමාපටයට වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගැනීමට හැකිවේවා කියමින් "ලින්ස්කි ගමගේ" ට තව තවත් මෙවැනිම වූ කෙටි සිනමාපට මෙන්ම රිදී තිරය දක්වාම සිනමාපට බිහි කිරීමට ශක්තියක්ම වේවා කියා ප්‍රාර්ථනා කරනෙමු.



Post a Comment

0 Comments