_Giza Bee_
"මිදුණු විශ්වය" එළිදකී......
සම්මානනීය සහ ප්‍රවීණ අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරියන් යනු ලාංකීය සිනමාව ක්ෂේත්‍රය වගේම ටෙලිනාට්‍ය ක්ෂේස්ත්‍රය තුළ නොමැකෙන නමක් සනිටුහන් කරන ලද අධ්‍යක්ෂකවරයෙක් බව නොරහසකි.එතුමා විසින් අධ්‍යක්ෂණය කරන ලද වෙදහාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැජින, හතර දෙනෙක් සෙම්පතියෝ, වෙස් මුහුණ යනු ලාංකීය ටෙලිනාට්‍ය අතර ඉහළම රසාස්වාදයක් ප්‍රේක්ෂකයන් වෙත රැගෙන ආ ටෙලි නිර්මාණයි.එමෙන්ම එතුමාගේ අග්නිදාහය, ගරිල්ලා මාර්කටිං, සමනළ ස්වංධනිය, මහරජ ගැමුණු, ඝරසරප ලාංකීය සිනමාවේ සම්මානයට පාත්‍ර වූ වෙනස්ම ආරේ සිනමාපට පහකි.
ජයන්ත චන්ද්‍රසිරියන් විසින් රිදී තිරයට රැගෙන එන්නට සැරසෙන "මිදුණු විශ්වය" එතුමාගේ සය වන සිනමා නිර්මාණයි. "මිදුණු විශ්වය" සිනමාපටය තුළින් අතීතය සහ අනාගතය යන කාල වකවානු දෙකක ජීවත්වන කිසිදා භෞතිකව හමුනොවන චරිත දෙකක් අතර ගොඩනැගෙන අපූර්ව ආදරයක් පිළිබඳ රසවත් වෘත්තාන්තයක් ඔබ වෙතට අධ්‍යක්ෂකවරයා රැගෙන එයි.
"මිදුණු විශ්වය" සිනමාපටයේ කතා සාරාංශය
"සුමාධ්‍යා" යනු තරුණ වියේ සිටින පියකරු තරුණියකි. ඈ විසින් රූපණය ත්‍රිව්රතර මානසික විද්‍යාව (Threefold Training) ගැන අධ්‍යනය කරන අතර ඒ සඳහා ඈ සුප්‍රකට ආචාර්යවරයෙකු වන "වරෙන්‍ය" යටතේ ඉගනුම ලබයි.වරෙන්‍යට තම දීර්ඝ කාලින අධ්‍යාපනය ජීවිතය තුල විවිධ වූ මානසික තළයන්ගෙන් යුතු ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහොමයක් හමුව තිබෙයි.නමුත් "සුමාධ්‍යා" යනු ඒ අතර සුවිශේෂ අයෙකි. යම් ගැඹුරු මානසික අභ්‍යාසයකදී සමහරෙකුට සිදුවිය හැකි ස්වාපන ආරුඩයකට යනවාට වඩා වෙනත්ම මානසික තලයකට ඇය ගමන් කරන්නෙකු වීම විශේෂයි. නමුත් එම මානසික තලයේදී ඉතාම අසාමාන්‍ය කාල පරිවර්තනයකට ගොදුරු වන ඈ, මීට දශක පහකට පමණ පෙර විදු "රාජිනී" නම් සුප්‍රකට සිනමා තාරකාවකගේ චරිතයකට ආරුඩ වෙන්නිය.
1960 වසර කාලයට කතාව දිවයයි..
"රාජිනී" සාර්ථක සිනමා දිවියක් ගත කල අයෙක් වුවද අසාර්ථක විවහා ජිවිතයක් තුල ඈ බෙහෙවින් විඳවන්නියක් විය. ඇයද "වරෙන්‍ය" ගෙන් තම ඉගෙනුමට අමතරව ආදරයද බලාපොරොත්තු වෙයි."සුමාධ්‍යා" හරහා නැවත පැමිණි "රාජිනී" සහ "වරෙන්‍ය" අතර අමතකව නොගිය පැරණි මතකය නැවත අලුත් කරන්නට පටන් ගනී.
ඔවුන්ගේ ආදරයේ ප්‍රකාශිත මාධ්‍යක් වනුයේ "සුමාධ්‍යා" හරහායි. "සුමාධ්‍යා" තුළ සිටින "රාජිනී" හට "වරෙන්‍ය" සමඟ ආදරයෙන් බැඳෙන්නට ලැබෙන්නේ ද නැවත වරක් "සුමාධ්‍යා" නිසාවෙනුයි. නමුත් මේ සියල්ලම කණපිටට හැරෙන්නේ "සුමාධ්‍යා" මේ සියල්ලම දැනගැනීමෙන් අනතුරුවයි. ඒ වන විටත් "සුමාධ්‍යා" ,"වරෙන්‍ය" හාට ආදරයෙන් බැඳී සිටී.
යුග දෙකක එකම හදවතක් වෙනුවෙන් ආදරය කරන "රාජිනී" සහ "සුමාධ්‍යා" ගේ ආදරය හමුවේ "වරෙන්‍ය" ගේ තීරණය කුමක් වෙයිද?
කාල දෙකක සිදුවන එකම ආදරයක් වෙනුවෙන් කවරෙකු ජය ගනීද?
ඒ දෘශ්‍යමාන ප්‍රේමය ද? අදෘශ්‍යමාන ප්‍රේමයද?
මේ සියල්ලම දැනගනන් ලැබෙන්නේ "මිදුණු විශ්වය" සිනමාපටය නැරඹීමෙන් පමණයි.
සිනමාපටයේ රංගනයෙන් උදාරි වර්ණකුලසූරිය, උද්දික පේ‍්‍රමරත්න, චුලක්ෂි රණතුංග, බුද්ධික ජයරත්න. ශි‍්‍රයන්ත මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, කුසුම් රේණු, දමිතා අබේරත්න, උදිත ගුණරත්න, ගාමිණි ජයලත්, දිමුතු චින්තක, දිලීප අබේසේකර ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපණයේ යෙදෙති.
"මිදුණු විශ්වය" කැමරාකරණය ප‍්‍රවීන් ජයරත්න වන අතර සංගීතය නවරත්න ගමගේ විසිනි. අංග රචනයෙන් ඉන්දික උදාර ලංකා ද සහාය අධ්‍යක්ෂණයෙන් නිමල් ෆ‍්‍රැන්සිස්, සරත් සේනාරත්න හා තිස්ස ගුණතිලක ද නිෂ්පාදන කළමනාකරණයෙන් ප‍්‍රසන්න ඉත්තෑපාන ද රේඛීය නිෂ්පාදනයෙන් නිමල් විජේසිරි ද මෙම නිර්මාණය සඳහා දායක වී තිබේ.
ජයාරූප සහ තොරතුරු අන්ත්රජාලයෙනි.





0 Comments