_Giza Bee_
හොල්මන් අල්ලන්න
Bhoot Police ඇවිල්ලා
2021 වසරේ මෑත කාලයේදී නිකුත් කරන ලද හාස්‍යමය සහ හොල්මන් යන වර්ගීකරණයට අයත්ව නිර්මාණය වූ අපුරූ බොලිවුඩ් සිනමාපටයක් ලෙස Bhoot Police වෙනස්ම ආරේ කතා පුවතකින් සමන්විත වූ Pawan Kripalani විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. Pawan Kripalani විසින් පෙර අධ්‍යක්ෂණය කරන ලද RAGINI MMS, PHOBIA, DARR @ THE MALL සිනමාපට බොහොම ප්‍රේක්ෂයකන් ආදරයෙන් වැළඳ ගත් සිනමාපට වෙයි.
සැප්තැම්බර් 10 වන දින Disney + Hotstar හරහා නිකුත් කරන ලද මෙම සිනමාපටයේ රංගනයෙන් Saif Ali Khan, Arjun Kapoor, Jacqueline Fernandez, Yami Gautam සමඟ Javed Jaffrey රංගනයෙන් එකතු වෙයි. සිනමාපටයේ Saif Ali Khan සමඟ Arjun Kapoor ගේ රංගනය මෙහි විශේෂයක් දකින අතරම VFX තාක්ෂණය අපුරුවට සම්බන්ධ කරගන්නා ලද සිනමාපටයක් වෙයි.
Bhoot Police සිනමාපටයේ කතාව
Vibhooti සහ Chiraunji යනු සහෝදරයන්ය. ඔවුන් භූතයන් ඇල්ලීම ගැන ප්‍රකට දෙපළක් වන අතරම ඔවුන් දෙදෙනාගේ පියාද ප්‍රසිද්ධ භූතයන් පලවා හරින සහ අල්ලා සිරකරන යකදුරෙකි (Ullat Baba). ඒ හේතුව නිසාම පියා සතු ශිල්පය සමඟ මේ සහෝදරයන් දෙදෙනා භූතයන් සමඟ වැඩ කිරීම ආරම්භ කරන ලදී.නමුත් Vibhooti කපටියෙකු සහ හොල්මන් ගැන විශ්වාසයක් නැති අයෙකු වන අතරම ඔහු මිනිසුන් මුලා කරමින් මුදල් හම්බකරන්න වෙර දරනඅයෙකි. Chiraunji සැමවිටම මියගිය තම පියාගේ ශාස්ත්‍රය ඉගෙන ගනිමින් මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්නට පුරුදු වූ හොල්මන් ගැන විශ්වාස කරන ලද අහිංසක අයෙකි. දිනෙක තමාගේ ඉදිරියේ සැබවින්ම හොල්මනක් දැකීම Chiraunji ගේ කැමැත්තම විය. Chiraunji සතුව ඔහුගේ පියා විසින් ලබා දුන් භූත පොතක් තිබෙන අතර එය අධ්‍යනය කරමින් සිටින ඔහු තම පියා මෙන් මිනිසුන් අතර ගෞරවයට පාත්‍ර වූ අයෙක් වීමට සැමවිටම සිහින දකී.
දිනක් මොවුන් දෙදෙනා සොයාගෙන Maya නම් තරුණිය ඔවුන් වෙත පැමිණෙන්නේ ඇයට සිදුව ඇති ප්‍රශ්නයක් වෙනුවෙන් විසඳුමක් ලබා ගැනීමටයි. හිමාචල් කදුකරයේ පිහිටි ඇය සතු වූ තේ වත්ත සහ ගමේ සිදුවන අත්භූත දේවල් වලින් මිදෙන්න ඈ ඔවුන් ගෙන් උදව් ඉල්ලා සිටී. වසර ගණනාවකට ප්‍රථම ඔවුන්ගේ පියා විසින් හිමාචල් හි සිදුවූ කිච්කණ්ඩි නම් හොල්මනක් සමඟ පැන නැඟුණු ප්‍රශ්නයක් විසඳීම නිසාම Maya මොවුන් වෙතට නැවත එය විසඳා දෙන ලෙසට භාර දෙයි.
Vibhooti ගේ සල්ලි පෙරේත කමත් කපටිකමත් සමඟ මේ හා සම්බන්ධ වන අතරම Chiraunji මේ හා එකතු වන්නේ අවංකම සිතෙන්. තිදෙනාම හිමාචල් වෙතට යන අතරදී ඔවුන් නවාතැන් ගන්නේ Maya ගේ විශාල නිවසේයි. පිටරට ජිවත් ව නැවත ඉන්දියාවට පැමිණි Maya ගේ වැඩිමල් සොහොයුරිය වන Kanika ද එහි සිටින අතර ඇය හොල්මන් අවතාර ගැන විශ්වාසයක් නැති තැනැත්තියකි. Maya ගේ තේ කර්මාන්ත ශාලාවේ සිටින පිරිස ඉර බැස යාමටත් ප්‍රථම නිවෙස් වලට ගොස් බයේ ජිවත් වන්නේ කිච්කණ්ඩි නිසාය.මෙය Maya ට සහ ගම්මුන්ට මහත් වූ ප්‍රශ්නයකි. මේ සියල්ලම Vibhooti සහ Chiraunji විසඳාවී යන්න Maya විශ්වාස කරයි.
පසු දින ගමේ වෙසෙන තේ දළු නෙළන්නන් සහ කර්මාන්ත ශාලාවේ වැඩ කරන පිරිස එකට එකතු කරගනිමින් Vibhooti සහ Chiraunji හඳුන්වා දෙන අතරම ඔවුන් ඉක්මනින්ම කිච්කණ්ඩි පළවා හරින බව පවසයි. නමුත් ඒ දිනයෙන් අනතුරුව ආරම්භ වන රාත්‍රීන් කිච්කණ්ඩි විසින් ගිල දමන්නට පටන් ගනීවි.
Vibhooti සහ Chiraunji ගේ පියා අවරුදු ගණනකට ප්‍රථම සිර කරන ලද කිච්කණ්ඩි කෙසේ නම් නැවත පැමිණියාද?
මේ කිච්කණ්ඩි කියන හොල්මන කවුද?
කිච්කණ්ඩි ට අවශ්‍ය මොනවාද?
Vibhooti සහ Chiraunji ට මේ සියල්ලටම මුහුණ දෙන්න හැකි වෙයිද?
මේ සියල්ල සමඟ සිනමාපටය තුළ රැගෙන යන සියුම් කුමන්ත්‍රණයක් මෙන්ම අවසානයේ සිනමාපටයේ භයානක සහ කෘතුහලය උපද්දවමින් සිදුවන්නා වූ කතාව හරහා ප්‍රේක්ෂකයන්ට හාස්‍ය තුල භය උපදවමින් Bhoot Police සිනමාපටය පරිපුර්ණ වෙයි.
මේ දිනවල නිවෙස් වලට වෙලාම ඉන්න ඔයාලා වෙනුවෙන් නරඹන්න පුළුවන් හාස්‍යට නැඹුරු වූ නමුත් හොල්මන් කතා පුවතකින් සමන්විත වන Bhoot Police සිනමාපටය නැරඹීමට ඔබටත් ආරාධනා කරන්නෙමු. සිනමාපටය නරඹා ඔබේ අදහසුත් අපත් සමඟ බෙදා ගන්න.
ඒ වගේම අපේ Facebook පිටුවට, You tube channel එකටත් අපේ අලුත්ම Art Street Blog එකටත් ගොඩවෙන්න අමතක කරන්න එපා.



0 Comments