කන්දක් සේමා
ආදරයේ පරමාදර්ශී පෙම්වතා 

කන්දක් සේමා යනු සුමිත්‍රා රාහුබද්දයන්ගේ 2010 වසරේදී හොඳම රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ නව කතාවයි. මෙයට රාජ්‍ය සම්මාන පමණක් නොව විද්‍යෝදය සම්මාන, ගොඩගේ සම්මාන සේම, ස්වර්ණපුස්තක සම්මානයද හිමිවිය.
කන්දක් සේමා කෘතිය 70 දශකයේ සන්සිදුවීම් ස්පර්ශ කරමින් එළිදක්නා ලද කෘතියකි. මෙහිදී එළිදක්වන සමාජීය ලක්ෂණයක් ලෙස එහි නිරූපිත ප්‍රේමය පෙන්වාදිය හැකිය.ප්‍රේමය මෙලොව සැමදෙනාටම පොදු වූ ධර්මතාවයකි.එය සමාජීය සත්වයාගේ උපතේ සිටම මෙලොව ආරම්භවූ දෙයකි. නමුදු ප්‍රේමය විදින තැනැත්තාගේ සිතේ ස්වභාවය , ප්‍රේමය දෙනු ලබන සහ ප්‍රේමය ලබන තැනැත්තා අනුව වෙනස් වන අතර සෑම යුවලකම පරමාදර්ශී චරිතයක් දක්නට ලැබේ.
කන්දක් සේමා නව කතාවේදී ප්‍රධාන චරිතයන් යුගලයක් දකින්නට ලැබෙන අතර ඒ නම් "නූපා" සහ "මසයා සං" ය. මොවුන් දෙදෙනාගේද පරමාදර්ශී ප්‍රේමයක් සිතෙහි දක්නට ලැබේ, නුපාගේ පෙම්වතා පරමාදර්ශී චරිතයක් වන අතර නුපා යනු පරමාදර්ශී සිහිවටනයකි.යථෝක්ත චරිතයක් හරහා ප්‍රේමය සහ යථාර්තය අතර දෝලනය වන අයුරු කතුවරිය විසින් ඉතාමත් අපුරුවට පාඨක මනස වෙත කන්දක් සේමා නව කතාව හරහා ගලාගෙන යාමට ඉඩ සලස්වයි.
මේ නවකතාව සිනමාපටයක් ලෙස හැරවීමේදී සිනමාපටයේ අධ්‍යක්ෂකවයා වන "අශෝක ආතාවුදහෙට්ටි" මැනවින් සිනමාපටය හසුරුවා ඇති අයුරු පුර්වප්‍රචාරක පටන් මොනවට පිළිබිබු වෙයි. මේ සම අධ්‍යක්ෂණය ලෙස "ටාඕ තෂිමොටෝ" සම්බන්ධ වී තිබෙයි.
කන්දක් සේමා සිනමාපටයේ අනුගතය(නවකතාවද මේ සදහා සම්බන්ධ කරගනිමි)
"නුපා" යනු ලාංකීය පහළ පාන්තික ජන කොට්ටාශයක දිළිඳු පවුලක ඉපිද හැදී වැඩෙන 1990 ගණන් වල ඉපදුන තරුණියක් වන අතර සියලු දුක් දෝමනස්සයන් ඉවසා දරා ගෙන ජිවිතයට මුහුණ දෙන ධෛර්යමත් තරුණියකි. වියපත් ජපන් ජාතිකයකු වූ "මසයා සං" හා විවහා වන නුපා විවාහයෙන් පසුව ජපානයේ නිගතා නුවර සන්ජෝ නගරයට වාසයට යයි. එසේ යාමට හේතු වන්න පුරව ලිංගික ක්‍රියාවලියක ට මුහුණ දී එහි අනිසි ප්‍රතිපලයක් ලෙසයි.
.
දුගී දුප්පත්බව හේතු කොටගෙන ප්‍රේමය සහ පිරිමියා හරහා තම ජීවිතය සැපවත් කර ගැනීමේ අරමුණින් 15 වැනි වියේදී 25හැවිරිදි "ජයනාත" හා ඇති කර ගනු ලබන ප්‍රේමණීය සංසිදුවිම හේතුකොට ගෙන ඇතිවන දරු ගැබ ගබ්සාවකට ලක් කරන්නට සිදුවන්නේද අනිසි ප්‍රතිපලයක් ලෙසයි. වත්මන් තරුන්‍යයේදී ආදරයට සෙනෙහසට මුලික ස්ථානය යොමු වන්නේ ලිංගිකත්වයටය. "නුපා" යනු එකී තාරුණ්‍යය ගැබ් කරන්නාවූ සංකේතයයි.
නිගතාවේ වයසක මිනිසුන් හා ජීවත්වීමට එහි කාන්තාවන් කැමති වුයේ නැත.මංද එහිදී ඔවුනට අත්විඳීමට ලැබෙන ෂිනනෝ ගංගාව පිටාර ගැලීමයි.මෙයට හේතුව වුනේ එහි පිහිටි විසල් කන්දයි. එය බාධකයක් ලෙසින් පැන නැගුනු අතර එය මුහුද ට ගලාගෙන යාමට බාධකයක් ලෙස ගොඩ නැගුණි.මේ කන්ද කැපීමට අවශ්‍ය වූ අතර පිරිමින් එම කන්ද කපන අතරතුර පස් කරමත තබාගෙන කාන්තාවන් කිලෝමීටර් ගණන් දුර දුක්විඳිමින් යාමට නිගතාවේ කාන්තාවන්ට සිදුවිය.මේ හේතුකොට ගෙන මෙම කතුන් නිගතාව අතහැර තෝකියෝ නුවර පැමිණ එහි පුරුෂයින් සොයාගෙන විවහා වුහ.මෙම කරුණු හේතු කොටගෙන ශ්‍රීලංකාව , පිලිපීනය වැනි රටවලින් කාන්තාවන් විවහා කරගෙන ජපානයට ගෙන ගියහ.මෙම සිදුවීමට මුහුණ දුන් බොහෝ කාන්තාවන් ලාබාල වයස් සීමාවල පසුවූවන් වේ.
ජපානයේ සුන්දර සිහින දකින්නට බලාපොරොත්තු වන නුපාට තම සැමියාගේ ආර්ථික ප්‍රශ්නවලට සහ ඔහුගේ අමුතු හුදකලා ජීවිතයටද හැඩ ගැසෙන්නට සිදු වෙයි. ලා බාල කෙල්ලෙක් වන ඇයට මේ ජීවිතය සැබවින්ම වෙනස්ම සහ නැවුම් කටුක ජීවිතයකි.භාෂාව නොදැන තමාගේ සිතේ උපන්න දේ කියාගන්න නොහැකිව නුපා මනසින් වැටුන අවසථා එමටයි. නොදන්නා දේශයක නොදන්නා මිනිසුන් ගොඩක් මැද භාෂාව තේරුම් ගන්න බැරිව හිතෙන් දුක් වුනු වාර වගේම ඇසින් වැටුන කදුළු මෙපමණයි කියන්න බැහැ.ඔවුන්ගේ සංස්කෘතිය පවා වෙනම එකක්.
"මසයා සං වැඩට යනවා.එනවා කොහෙද වැඩට යන්නේ කියලා කියන්න ගැලපෙන ඉංග්‍රීසි වචන එයා දැනගෙන හිටියේ නැහැ.කොහෙද වැඩට යන්නේ කියලා අහන්න ජපන් වචන මම දැන ගෙන හිටියේ නැහැ" යන වැකි පෙළෙන් පෙර කී දේ ගැන නවකතාව තුල ඉතා ගැඹුරින් විග්‍රහ වේ.සිනමාපටය තුලද මේ හැගීම් ගොනුවී ඔබට නවකතාව ඔබේ දෙඇස් ඉදිරියේම දිගහැරේවි.
නුපාගේ සැමියාට නූපාගේ සිතැඟි ගැන වගක් නැත. ඔහු වයස් ගතයි.ඇය ජපානයට අනුගත වීමේ හුදකලා උත්සාහයක යෙදෙයි. "නුපා" සංචාරකයකු මෙන් ඇය පදිංචි නීගතාවෙහි ඇවිද යමින් ගහ කොළ මතු නොව පන්සල්, ගම්නියම් ගම් සොයමින් ඇවිදියි. භාෂාව ටිකෙන් ටික ඉගෙන ගනියි. මේ අතර චිත්‍ර ශිල්පිනි "සොරා සාන්" ඇයට මුණ ගැසෙයි. "සොරා සාන්" "නුපා"ට මවක මෙන් ආදරය කරයි. "නුපා" ජපානයේ ඇණ කම්හලක සේවයට යන්නේ "සොරා සාන්" ගේ උදව්වෙනි. තමාට නොලැබෙන ආදර සෙනෙහස සොයන ඇය තරුණයකු සිතෙහි මවාගෙන ඔහුට බෙහෙවින් ආදරය කරයි. එම පෙම්බරා සිතිවිලි මාත්‍රයක් පමණි.
කාලයාගේ ඇවෑමෙන් "නූපා" මව්පදවිය ලබයි. "මසායා"ගේ ඇවතුම් පැවතුම් වෙනස් වී නැත. ඔහු තමාගේ තරුණ කල අහිමි වූ ආදරයක මතකය මත හුදකලා වී සිටියි. නුපාට උද්‍යානයකදී "සුමල්" නම් තරුණයකු හමු වන්නේ මේ අතරතුරදීය.ඔහු ශ්‍රී ලාංකික යොවුන් වියේ පසුවන කඩවසම් තරුණයෙකි. ඔහුගේ කෙළිලොල්කම නූපාට හුදකලා සැමියාගේ අමුතු පැවැත්ම හමුවේ වෙනසක් දනවයි. මවක් වුවත් තමා නැවත ජිවත් වන බව "නුපා"ගේ සිතට දැනෙන්න "සුමාල්" හේතුවක් කරගනී."නුපා" සහ සුමාල් බොහෝ මිතුරු වෙති. "නුපා" සහ "මසායා" යුවළගේ ජීවිත මැද ගිනි කන්දක් නිර්මාණය වෙයි.
මේ ගිනි කන්ද කෙසේ නම් නිවී යාවිද .
කෙසේ නම් පුපුරා යාවිද?
නුපා.... මසයා සං.. සුමාල්....... මේ කතාවේ පුජනිය ආදරය කව්රුන් විසින් පුද කරාවිද?
සිනමාපටයේ රංගනයෙන්
නිරෝෂා පෙරේරා, ජින් ඉතෝ, බිමල් ජයකොඩි, දිනෙත් ද සිල්වා, සිරිල් වික්‍රමගේ, වසන්ත කොටුවැල්ල, මිදෝරි ඉසොමුරා, ජයනි සේනානායක, ඉෂියාමා හිරෝෂි, චාන්දනි සෙනෙවිරත්න, විශ්වජිත් ගුණසේකර, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියංකර රත්නායක, ටකයාමා යුකෝ, පුබුදු චතුරංග, දසුන් පතිරණ, අයාකෝ කොබයාෂි, ටකායුකි ඔත්සුකි, කටෝකා සෙයිමා
කන්දක් සේමා සිනමාපටයේ නිෂ්පාදන කණ්ඩායම
නිෂ්පාදනය - ජයන්ත හෙට්ටිආරච්චි/සමන්මලී පද්මකුමාර/ සුමිත්‍රා රාහුබද්ධ/ආශූ මාරසිංහ
කතාව, තිරරචනය සහ දෙබස් - සුමිත්‍රා රාහුබද්ධ
සහය අධ්‍යක්ෂණය- ටඕ නෂිමොටෝ
කැමරාකරණය - රුවන් කොස්තා
කලා අධ්‍යක්ෂණය - කුමාර කරවුදෙණිය/ ෂින්ජි ෆුජිවාරා
වේශ නිරූපණය - නාරද තොටගමුව/ ක්‍යුකෝ ටනබේ/ හිරෝමි සිබාටා
කොණ්ඩා මෝස්තර සැකසුම තුෂාර විදානගමගේ
සංගීත අධ්‍යක්ෂණය - සුරේෂ් මාලියැද්ද
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය - සඳනි විජේතුංග
සංස්කරණය - අජිත් රාමනායක
සංස්කරණ අධීක්ෂණය - රවීන්ද්‍ර ගුරුගේ
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රියන්ත කළුආරච්චි
2019 පාස්කු ප්‍රහාරය මෙරට සියලු අංශවලට මරු පහරක් වුනා. බොහෝ ක්ෂේත්‍ර සියයට සියයකින්ම වාගේ කඩා වැටීම සිදුවුවා. අප චිත්‍රපට කර්මාන්තය ද මේ වන විට බොහෝ සෙයින් අසරණ වී තිබෙන්න එය එක් හේතුවක් වගේම කොරෝනා වසංගතයද මේ වෙද්දී ලොකුම හේතුවක් වෙලා තියෙනවා. ඒ හේතු දෙක නිසාම කන්දක් සේමා සිනමාපටය ප්‍රදර්ශනය කිරීම 2019 සිටම ප්‍රදර්ශනය කල් යමින් තිබෙනවා.
විශාල පිරිවැයක් යොදා තනන ලද කන්දක්සේමා සිනමාපටය, ඔබ නැරබිය යුතුම සිනමාපටයක් විදියට අද භාර කරන්නෙම්.
ඉක්මනින්ම මේ සිනමාපටය අපට නරබන්න ලැබේවා.
තව තවත් මගේ දේශය තුල සිනමාව පුබුදුවන්න නිර්මාණ ගොඩ නැගේවා.!!!
සියලුම සිනමාපට හා සම්බන්ධ ශිල්පීන්ට සහ නිර්මාණකරුවන්ට ජයෙන් ජය..!!!තවත් සිංහල සිනමාපටයක් සමග නැවත ඔබ හමුවට එන්නම්.
Giza Bee

0 Comments