ආකර්ෂණීය ගායන විලාසයක් හිමි, ගී අහසේ පායන රන්පාට තරුව "මලිදු චතුරංග"



_ෂර්ලි සමරසිංහ_


ගී අහසේ පායන
             රන්පාට තරුව....

මලිදු චතුරංග ආකර්ෂණීය ගායන විලාසයක් හිමි නව යෞවනේ හැඟීම් ලයාන්විතව ඉදිරිපත් කරන අලුත් පරපුරේ කැපී පෙනෙන දක්ෂයෙක්.

මලිදු මේ වන විටත් අපේ රටේ යෞවුන් හදවත් බහුතරයට සමීප වෙන්න සමත් වෙලා ඉවරයි. ඔහු ගායනා කළ අසූව දශකයේ ප්‍රේමාන්විතම ගීත සහ හින්දි ගී මෙන්ම නූතන ගී ඔහුටම අනන්‍ය හර්දයාංගම රිද්මයකින් ගයන්නට සමත් වනවා. ඔහු ගැයූ cover එකතුව සහෘදයන් දිනාගන්නට ප්‍රධාන හේතුවක් වුණා.

ගිටාරයේ තත් අතර රඳවන සිය හඬ මෙන්ම ඒ සමඟ මුසුවන හැඟීම රසිකත්වය ඔහු වෙත රඳවා තබා ගන්නට සමත් ඉන්ද්‍රජාලිකු බවට ඔහු අපට ඉගිකරනවා.

ඡායාරූ මලිදු චතුරංගගේ මුහුණු පොතෙනි


ලයාන්විත ස්වරයෙන් ගී ගයන මලිඳු හිරු STAR වැඩසටහනෙන් ලංකාවේ ප්‍රේක්ෂකයන් විටෙක හදුනා ගන්නවා. එයින් නොනවතින මලිඳු YouTube සහ සිය Facebook fan page හරහා නිරන්තරයෙන්ම ගීතය, සංගීතය එක්ක වැඩ කරන්න පටන් ගන්නවා.

මලිදු මේ වසරේ (2021) තමන්ගේම ස්වතන්ත්‍ර ගීතයක් "හමුවෙලා වෙන් වී" නමින් ගායනා කරමින් කරළියට එනවා. චෙිතිය ලක්ෂාන් සංගීතවත් කරන එම ගී පද රචනය හර්ෂණ කේ. පෙරේරාගෙන්.  අන්තර්ජාලයට මුදා හැරුණු එහි රූප රචනය චෙිතිය ලක්ෂාන් විසින් නිර්මාණය කරනවා.

මීගමුවෙන් සංගීත ලෝකයට දායාද වන මලිඳු ඔහු සතු ගායන හැකියාව හා ජීවන විලාසිතාව රසික සිත් ආකර්ෂණය කරන්නට සමත් චරිතයක් වනු නොඅනුමානයි.

මලිදු චතුරංගගේ මුහුණු පොතෙනි

මලිදු චතුරංගගේ මුහුණු පොතෙනි




Hamuweela Wenwi (හමුවීලා වෙන්වි) - Malindu Chathuranga Official Music Video Watch Now








Post a Comment

0 Comments