සැප්තැම්බර් 15 දින සිට "කතුරු මිතුරු" ප්‍රදර්ශනයට



_Giza Bee_

කැපෙන කතුරෙන් නොකැපෙන මිතුදම
"කතුරු මිතුරු"


ලාංකීය හාස්‍යෝත්පාදක සිනමාව තුළ බිහි වූ විවිධ සිනමාපට අතර ඉහළින්ම තිබෙන සහ සම්මානයට පාත්‍ර වූ 2007 වසරේ තිරගත වූ සිනමාපටයක් වන "සිකුරු හතේ" සිනමාපටය ප්‍රේක්ෂක ආදරය නොබඳව ලබා ගත් සිනමාපටයකි.අදට වුවද එය ආසාවෙන් නරඹන්න හැකි පවුලේ සිනමාපටයක් ලෙස හැඳින්විය හැක.එමෙන්ම දේශපාලණය සහ එහි කළු සුදු යතාර්ථය හරහා ගෙතෙන හාස්‍යයෙන් පිරුණු තවත් සිනමාපටයකි "සුහද කොකා". මේ සිනමාපට දිත්වයම අධ්‍යක්ෂණය සිදු කලේ ලාංකීය වේදිකා සහ සිනමා ටෙලි නිර්මාණ රැසක චරිත මැවූ ජනප්‍රිය සහ ප්‍රවීණ රංඟධරයෙකු වන ගිරිරාජ් කෞශල්‍ය විසිනි.

නුදුරේදී ප්‍රදර්ශනයට සැරසෙන "කතුරු මිතුරු" සිනමාපටයද ගිරිරාජ් කෞශල්‍ය විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ නවතම සිනමාපටය වන අතරම සිනමාපටයේ රංඟනයෙන් අභාවප්‍රාප්ත විශිෂ්ට රංගනවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමඟ මහේන්ද්‍ර පෙරේරා ප්‍රධාන චරිතයන් හා එක්ව ඇති අතර රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, මොරින් චාරුනි, ජයනි සේනානායක, රසාංජන නන්දසිරි, සඳුනි හෙට්ටිගොඩ, වසන්ත විට්ටච්චි, ලලිත් ජයකාන්ත, ගිහාන් ප්‍රනාන්දු, මිහිර සිරිතිලක, චන්ද්‍රසෝම බිංදුහේවා, ඩී. බී. ගංගොඩතැන්න, දයා වයමන්, නිමල් යටිවැල්ල, එස්. අයි. සමරක්කොඩි, ආනන්ද අතුකෝරාල, සම්පත් ජයවීර, සහන් රන්වල, සමන් හේමරත්න, උපතිස්ස බාලසූරිය, ශිරෝමිකා ප්‍රනාන්දු, සුදාරා රන්දිනි, ගාමිණී අම්බලන්ගොඩ, රූපා පතිරණ, නිමල් ජයසිංහ වැනි ජනප්‍රිය සහ සම්මානනීය නළු නිළි කැලක් මෙහි දායකත්වය සපයනු ලබයි.



කතුරු මිතුරු සිනමාපටයේ කතාව


නගරයෙන් එපිට තිබෙන සුන්දර ගම්මානයක ජිවත් වූ විල්සන් පාරම්පරික ඇඳුම් මසන්නෙකි. ඔහුගේ අතිජාත මිත්‍රයා වුයේ සැම්සන්ය. ඔවුන්ගේ මිත්‍රත්වය ලේ නෑදෑ කමටත් එහාට ගිය එකකි. සැම්සන් යනු ගමේ බාබර් කෙනෙකි.ඉතින් මොවුන් දෙදෙනාගේම එකම යහළුවා කතුරයි. ඉතින් කතුරකට වුවද කපා වෙන් කල නොහැකි මේ කතුරු මිතුදම කාටවත් වෙන්කරන්න බැරි වූ මිත්‍රත්වයකි.

විල්සන් හට දුවක් සිටින අතරම සැම්සන් හට පුතෙකු වෙයි. ඔවුන් වැඩි දුර අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයන් සඳහා යැවූ අතරම එයින් පසුව ඔවුන් ගේ උගත් කමට සරිළන රැකියාවක් සොයා ගැනීමට නොහැකි වූ නිසාම නැවත ගමට පැමිණ ජිවත් වන්නට උත්සාහයක යෙදෙයි. මෙලෙස නිකරුනේ කාලය ගෙවා දමමින් ජිවත් වනු වස් විල්සන් ගේ දුවත් සැම්සන් ගේ පුත්‍රයාත් තම පියාගේ රැකියාවන් හි නිරත වීමට තීරණය කරයි.නමුත් විල්සන් ගේ සහ සැම්සන් ගේ එකම කැමැත්ත තම දරුවන් හොඳ අධ්‍යාපනයක් ලබා ඇති උගතුන් නිසාම හොඳ පරිපාලන සේවයට සම්බන්ධ උසස් ස්ථානයක සේවය කරනු දැකීමටයි.




කාලයත් සමඟම නව යෞවුන්වියේ සිටින දරුවන් දෙදෙනා තම පියවරුන් නියැලුණු රැකියාවන් කිරීමට සැරසෙයි. විල්සන් ගේ දියණිය ඇඳුම් මැසීම සහ සැම්සන් ගේ පුතා බාබර් ලෙසත්ය. නමුත් මොවුන් සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් වෙනස්ම වූ අයුරෙන් මේ වෘතීන් වෙතට යොමු වෙයි.

මෙවැනි කතාවකින් සමන්විත වන කතුරු මිතුරු සිනමාපටයේ සුන්දර සහ හාස්‍යයෙන් පිරුණු කතාව රචනා කොට තිබෙන්නේ ගිරිරාජ් කෞශල්‍ විසිනි. 2020 වසරේ සැප්තැම්බරයේ දී පැවති ස්කෝප් සරසවිය සිනමා සොම්නස සිනමා උළෙල වෙනුවෙන් කතුරු මිතුරු සිනමාපටයේ විශේෂ දර්ශන වාර කිහිපයක් පෙන්වූ අතරම ඒ සඳහා වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් එක් වූ අතරම සිනමාපටය ප්‍රේක්ෂක සහ විචාරක බොහෝ පැසසුමට ලක් විය.

ආලංකුලම චිත්‍රපට වෙනුවෙන් බාසුරු සිරිවර්ධන විසින් නිෂ්පාදනය කරන ලද කතුරු මිතුරු සිනමාපටයේ විධායක නිෂ්පාදනය යසිත් සිරිවර්ධන විසිනි.සිනමාපටයේ කැමරාකරණය සම්මානනීය කමරා අධ්‍යක්ෂක රුවන් කොස්තාය. මෙහි දෙවන කැමරා අධ්‍යක්ෂණය සඳහා තුසිත අනුරාධ එකතු වී තිබෙයි. නිෂ්පාදන කළමනාකරණය සඳහා කතුරු මිතුරු සඳහා ශ්‍රීලාල් වික්‍රමගේ දායකත්වය ලබා දී තිබෙයි.


කතුරු මිතුරු සිනමාපටයේ සහය අධ්‍යක්ෂණය සඳහා ජයන්ත අබේරත්න එකතු වී තිබෙන අතරම සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහයන් විසිනි. ගේ පද පදරචනය බණ්ඩාර ඇහැලියගොඩ, නිලාර් එන්. කාසිම් සමඟ අචල සොලමන්ස් එකතු වී තිබෙයි. ගීත ගායනය සඳහා අමරසිර පීරිස්, අමන්ද්‍යා උත්පලි, තාරක ගුණරත්න, ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල සමඟ ප්‍රියන්ත සෙනෙවිරත්න දායක වී ඇති අතරම සිනමාපටයේ ගීත සඳහා තනු නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහ, සමන්ත පෙරේරා සහ කපිල පූගලආරච්චි විසිනි. සිනමාපටයේ ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි විසින් සිදුකර තිබේ.

සිනමාපටයේ නිෂ්පාදන සැලසුම ජයප්‍රකාශ් සිවගුරුනාදන් විසින් වන අතර නිෂ්පාදන කළමනාකරණය ශ්‍රීලාල් වික්‍රමගේ විසින්ය. එමෙන්ම මෙහි නිෂ්පාදන සම්බන්ධකරණය නිලන්ත ප්‍රියදර්ශන දායකත්වය ලබා දී තිබෙයි. අංග රචනය සඳහා ප්‍රියන්ත දිසානායක එකතුවන අතර මෙහි කලා අධ්‍යක්ෂණය මනෝජ් වික්‍රමසිංහ ගෙනි. කතුරු මිතුරු නළු නිළියන් වෙනුවෙන් ඇඳුම් නිර්මාණය සඳහා සංජීව කරුණාරත්න දායකත්වය ලබා දී ඇති අතර සිනමාපටයේ සංස්කරණය අජිත් රාමනායක විසිනි. කතුරු මිතුරු හී නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්න ගෙනි.

නුදුරු දිනයකදී කතුරු මිතුරු සිනමාපටය ලාංකීය ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් රිදී තිරයේදී පායාවී.ඔබටත් ඔබේ පවුලේ සැමටත් Art Street අපි ආදරයෙන් ආරාධනා කරනුයේ නැවතත් සිනමාශාලා වලට ගොඩවී කතුරු මිතුරු සිනමාපටය නරඹන ලෙසයි.

Kathuru Mithuru Film Trailer






ඡායාරූප අන්තර්ජාලයෙන්



Post a Comment

0 Comments