වැල්ලේ ඉපදී වැල්ලේම හැදී වැඩී වැල්ලෙන්ම යැපෙනා පවුල් බොහොමයක් ඒ මුහුදු වැල්ලේ ජීවත්වෙයි. "යාත්‍රා"



_Giza Bee_

යාත්‍රා

ශ්‍රී ලාංකික සිනමා කලාව විපතට පත් ව ඇති බව කියන බොහෝ පිරිස් සිටි. නමුත් විදේශීය සිනමාපට වලට නැඹුරුවුවන්ට සිංහල සිනමාපට බලන්නට ලැබෙන්නේ කලාතුරකින්. සතියේ දින හතම රූපවාහිනියෙන් විකාශය වන්නේ හින්දි, දෙමල, හොලිවුඩ් සිනමාපට පමණි. තවද සිංහල සිනමාපට අන්තර්ජාලයෙන් download කරගෙන බැලීමට වුවද ප්‍රේක්ෂකයන් මැලි කමක් දක්වයි. එත් කිවයුතු දෙයකි. සිනමාපටයේ පෝස්ටරයෙන් හෝ trailer එකක් තුලින් සිනමාපටය මැනීම නම් සුදුසු නැත. ලංකාව වැනි රටක අවම පහසුකම් එක්ක සිනමාපට තැනීමත් ලොකුම සටනකි. අද ඔබට සමීප කරන්න තෝරා ගනු ලද්දේ අනාගතේ දිනක අපට නරබන්න ලැබෙන තවත් ජාත්‍යන්තර තලයේ සම්මාන වලට පාත්‍ර වූ සිනමාපටයක් ගැනයි.




"ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු" මහතා විසින් අධ්‍යක්ෂණය කළ "යාත්‍රා" සිනමාපටය ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර Festigous international සිනමා උලෙළේ Best Narrative Feature - Drama Category හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. මෙය එම සිනමාපටය ලබාගත් පළමු අන්තර්ජාතික සම්මානය වේ.ඉන් පසුව තවත් අන්තර්ජාතික සම්මාන ද්විත්වයක් හිමි වී තිබේ. ඒ තාගෝර් සහ මදුරාසි අන්තර්ජාතික සිනමා උලෙළදීය. එම උලෙළ දෙකෙහිදීම හොඳම චිත්‍රපටය ලෙස සම්මාන යුගලයක් යාත්‍රා සිනමාපටය දිනා තිබේ."යාත්‍රා" චිත්‍රපටය මේවන විට සම්මාන 05 කට පාත්‍රව තිබෙන සිනමාපටයකි.

"යාත්‍රා" සිනමාපටයේ කතා සාරාංශය

වැල්ලේ ඉපදී වැල්ලේම හැදී වැඩී වැල්ලෙන්ම යැපෙනා පවුල් බොහොමයක් ඒ මුහුදු වැල්ලේ ජීවත්වෙයි. ඔවුන්ගේ ජීවිතය මහ මුහුදය. "තෙරේසා" නමැති තරුණිය ඔවුන් අතරින් කෙනෙකි. ඇයට "ඇන්ටනි" නම් බාල සහෝදරයෙකු සිටියි. එක්තරා රාත්‍රියක "ඇන්ටනි" පළිගැනීමේ චේතනාවෙන් කෙනෙකු සොයයි. ඔහුගේ නම "මාකස්"ය. "මාකස්" යනු "තෙරේසාට" වඩා අවුරුදු විස්සකට පමණ වැඩිමහල් අයෙකි. "තෙරේසා"ගේ රූ සපුවට වශී වන ඔහු කෙසේ හෝ ඇය අත්පත් කර ගැනීමට මාන බලමින් සිටියි. තෙරේසාගේ පවුලේ උදවිය ඊට විරුද්ධ වන තැන "මාකස්" කරන්නේ ඇයව බලෙන් පැහැරගෙන යාමයි. ඒ ගමන කෙළවර වනුයේ තරුණියක වූ තෙරේසා ගැහැනියක වීමෙන්ය.

තමන්ගේ සහෝදරියගේ පිරිසුදුකම කෙළෙසූ "මාකස්"ව සොයා විනාශ කිරීම "ඇන්ටනි"ගේ එකම අරමුණ විය. නිමාවක් නැති මුහුදු රළ වෙරළෙහි හැපි හැපී බිඳෙයි.නිස්කලංක පාළු වූ තැනක බෝට්ටුවක නිදා සිටින "මාකස්"ව ඇන්ටනි දකින්නේ ඔය මොහොතේදීය. ඔහුගේ ඇඟට පෙට්‍රල් වත් කොට ගිනි කූරක් ගසා "ඇන්ටනි" පළා යයි. මේ සියල්ල දෙස බලා සිටින "තෙරේසා" සිය සහෝදරයා දුව යන දෙසට පදුපසින් යන්නේ ඔහුව සැඟවීමේ අරමුණෙනුයි.

අවසනදී "තෙරේසා"ට "ඇන්ටනි" සොය ගන්නට හැකියාව ලැබෙන්නේ නැත. වසර ගණනාවක් ගත වී යයි. අහඹු සිදුවීමක් නිසා මැණික් ව්‍යාපාරිකයකු වන "තෙරේසා" දැන් ගජ සල්ලිකාරියකි. ඇයට අහම්බෙන් නේපාලයේ සංචාරයක නියැළෙන්නට අවස්ථාව ලැබේයි. එහිදී ලාංකේය භික්ෂුවක් "තෙරේසා"ට මුණ ගැසෙයි. උන්වහන්සේ වැඩ සිටිනා පන්සලට යන ඇයට දැකගන්නට ලැබෙන්නේ ධීවර ජීවිතය අලළා අඳිනු ලැබූ සිතුවම් කිහිපයකි. ඇගේ සිතෙහි ඒ මොහොතේදී සැකයක් කෘතුහලයක් මතු වෙයි. අතීතය ද සිහිපත් වෙයි.

"තෙරේසා"ගේ නොකී ජිවිත කතාව ඔබට හමු වන්නේ "යාත්‍"රා සිනමාපටයේදීය.

යාත්‍රා සිනමාපටයේ නළු නිළියෝ
ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියාණි අමරසේන, ලක්ෂ්මන් මෙන්ඩිස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය, සාරංග දිසාසේකර, සොනාලි ෆොන්සේකා, පබෝධා සංදීපනී, උදාරි පෙරේරා, දිනෙත් ද සිල්වා, සඳුන් විජේසිරි, ලිලානි පෙරේරා, කුමුදු නිශාන්ත, ඉන්දික මධුරගේ

යාත්‍රා නිෂ්පාදන කණ්ඩායම
අධ්‍යක්ෂණය – ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
කැමරා අධ්‍යක්ෂණය – අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි
තිර රචනය – අරුණ ජයවර්ධන
කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල්
අංග රචනය – ඉන්දික උදාරලංකා
සංගීත අධ්‍යක්ෂණය – නවරත්න ගමගේ
ගීත රචනය – බණ්ඩාර ඇහැලියගොඩ, වසන්ත කුමාර කොබවක
ගායනය - නෙලු අධිකාරි, ඉන්දිකා උපමාලි
සංස්කරණය සහ වර්ණ සංයෝජනය - මේඝ කොළඹගේ
ශබ්ද සැලසුම – ඩිරාන් විජේසිංහ
නිෂ්පාදනය - ශ්‍රියාණි අමරසේන, රුවන් ජයසිංහ, ලිලානි පෙරේරා, නිරංජලා සරෝජනී

තවත් නැවුම් සිංහල සිනමා සිත්තමකින් නැවත ඔබ වෙතට සිනේමාලෝකනය හරහා හමුවෙන්නම්.



Post a Comment

0 Comments