දේශීය සිනමාවේ පළමු සිනමාපටය "රාජකීය වික්‍රමය" ගිනි ගනී...


_Giza Bee_

දේශීය සිනමාවේ නිර්මාණය වූ පළමු සිනමාපටය ගිනි ගනී...

දේශීය සිනමාවේ ප්‍රථම කතානාද සිනමාපටය "කඩවුණු පොරොන්දුව" (1947 ජනවාරී 21) යන්න බොහෝ දෙනෙක් දන්නා දෙයකී. ඉන්දියානූ ආභාශයට ලක් වුවද දේශීය නළුනිළියන් රංගනයෙන් දායක වූ මේ සිනමාපටය පිළිබදව මින් පෙර අප කතා කලේ දේශීය සිනමා වංශකතාවේ නොමැකෙන මතකයක් එකතු කලා වූ සිනමාපටයක්ම වූ නිසාවෙනී.

නමුදූ ලාංකීය සිනමා ඉතිහාසය තව තවත් හරා ඇවිස්සීමේදී දේශීය සිනමාවේ නිර්මාණය වූ දේශීයව ප්‍රදර්ශනය නොවූ සිනමාපටයක් ගැන අපට තොරතුරු සොයා ගැනීමට පුළුවන.ඒ 1925 වසරේදී නිර්මාණය වූ "රාජකීය වික්‍රමය" නම් වෙයි. එවක මෙය "Royal Adventure" නමින් ද හඳුන්වනු ලැබීය.

දේශීය සිනමාව ලංකාව තුල නංවාලීමට පුරෝගාමී වුයේ එවකට ලංකාව තුල වෙළදාම් කරමින් සිටි ඉන්දියානූ වෙළදුන් කිහිපදෙනෙකු විසිනී. "කඩවුණු පොරොන්දුව" නිෂ්පාදනය කලා වූ "එස්.එම්.නායගම්" සේම ප්‍රථම නිහඬ වූ සිනමාපටය වූ "රාජකීය වික්‍රමය" නිර්මාණය කෙරෙහිලා ද මූලීක අඩිතාලම යොදන ලද්දේ ද "ජී.ඒ.ජේ.නූර්බායි" යන බෝර ජාතික වෙළෙන්දෙකු විසිනි. ඉතිහාසය තුළ සොයා බැලීමේදී "ජී.ඒ.ජේ.නූර්බායී" දේශීය සිනමාපට නිෂ්පාදනයට එක් වන ප්‍රථමයා ලෙස සඳහන් වෙයි. එවක ඔහු මහ පරිමාණයෙන් ආනයන අපනයන වෙළදාම් කලා වූ ධනවත් අයෙකී. වැල්ලවත්තේ පිහිටි රෙදී මෝලේද හිමිකරු ඔහු විය. තවද ඔහු සතුව නැව් කිහිපයක්ම තිබී ඇත.

"ජී.ඒ.ජේ.නූර්බායී' 1900 සිට ගෙවී ගිය දශකයේ මෙරට සක්‍රීයව සිටි චිත්‍රපට ප්‍රදර්ශකයෙකී. ධනවත් වෙළෙදෙකූ වූ ඔහු එවක සිනමාපට ප්‍රදර්ශනය කලාවූ පිරිස සමග එක්ව ලංකාව තුළ සිනමාපට ප්‍රදර්ශනය සදහා කටයුතු කරන ලදී. ඒ වකවානූවේ සිනමාපට අතර ඉංග්‍රීසී, දෙමළ සහ හිංදී සිනමාපට ප්‍රදර්ශනය කරමින් මුදල් ඉපෑයූ අතරම "ජී.ඒ.ජේ.නූර්බායී" හට සිනමාපටයක් නිෂ්පාදනය කෙරෙහී සිත පහළ වන්නේ ඔය අතරේදීය. නමුදූ ඔහු බටහිර සිනමාවට බොහෝ සෙයින් රුචී වූ නිසාම "Royal Adventure" නමින් තම ප්‍රථම සිනමාපටය නිර්මාණය කිරීමට සිතාගත්තාය. පසු කාලීනව එය දේශීය සිනමාවට ගැළපෙන ලෙස "රාජකීය වික්‍රමය" ලෙසින් සිංහලට නම පෙරළන ලදී.

දේශීය සිනමාවේ ප්‍රථම සිනමාපට අධ්‍යක්ශක ලෙසට එකතු වන්නේ ඉංදියානූ අධ්‍යක්ෂකවරයෙකු වන "ගුප්තා" ය. ඒ "රාජකීය වික්‍රමය" අධ්‍යක්ෂනය කිරීමෙන්ය. එමෙන්ම මෙම සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂක වූයේද එතුමාමය. ඉන්දියාවෙන් ගෙන් වන ලද කැමරාව අතින් ක්‍රියාත්මක කරවන්නකී. සිනමාපටයේ රූගත කිරීම් සිදුකර ඇත්තේ බම්බලපිටියේ පිහිටි නිවසක් චිත්‍රාගාරයක් බවට පරිවර්තනය කිරීමෙනි. එම්.සාර්ලීස් මාස්ටර් සහ ජි.එස්.ප්‍රනාන්දූ මෙම සිනමාපටයේ කලා අධ්‍යක්ෂකවරුන් විය. සිනමාපටය සිංහල සහ ඉංග්‍රීසී බසින් දෙබස් වලින් ද මෙහි දෙබස් තිබීම විශේෂයි.

"රාජකීය වික්‍රමය" සිනමාපටයේ කතාව ඓතිකාසික කතා පුවතකින් සමන්විත වූවක් බව සඳහන් වෙයි. රාජධානියක සිටින කුමාරිකාවක් සහ රජ කුමාරයෙකුගේ පෙමක් සහ කුමාරිකාව පැහැරා ගන්නා දුෂ්ඨ රජ කුමාරයෙකු අතර ඇතිවන සටනින් සතුරු හමුදාව පරදවා දුශ්ඨ රජ කුමාරයා ඝාතනය කරමින් නැවත රජ කුමාරිකාව ඔහුගෙන් මුදවා ගැනීමත් අවසානයේ ඔවුන්ගේ විවහයෙන් සිනමාපටය නිමාවන බවද සඳහන් වෙයි.

"රාජකීය වික්‍රමය" සිනමාපටයේ රංගනයෙන් රාජ කුමාරයාගේ චරිතයට "එන්.එම්.පෙරේරා" ප්‍රධාන චරිතයෙන් එකතු වන්නට වරම් ලැබීය. ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ ඔහු විශ්වවිද්‍යාලයට බැදීමට බලාපොරොත්තුවෙන් එවක සිටින අතර සිනමාපටයක් සදහා නළු නිළියන් අවශ්‍ය යැයි සඳහන් කරමින් පුවත් පතක පළවූ දැන්වීමකට අනුව ඔහු එයට ඉදිරිපත් විය.

බර්ගර් ජාතික තරුණියක වූ "සිබිල් පීට්" කුමාරියගේ චරිතය සඳහා එකතු වු අතරම ටවර් හෝල් නළුවන් වූ ග්‍රේෂන් පෙරේරා (දුෂ්ටයා ගේ චරිතය), පර්සි පෙරේරා, ඇන්.ජී.ටී.ඇල්බට් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා සෙසු චරිත සඳහා එකතූ වී සිටියේය.

🎬 "රාජකීය වික්‍රමය" සිනමාපටයට සිදුවූයේ කුමක්ද?

සිනමාපටය රසායනාගාර හා මුද්‍රණ කටයුතු සඳහා ඉන්දියාවට නෙගටිව් පට යැවූ පසු එහි මුද්‍රිත පිටපත් "මදන්" සමාගමට අයත් ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ සිනමාශාලා කිහිපයකම ප්‍රදර්ශනය වූ බවට සාධක තිබේ. නමුදූ එය එකඳූ ලාංකිකයෙකුට හෝ නරඹන්න ඉඩහසරක් නොලැබුනේ ගින්නකට හසූ වීම හේතුවෙනුයි.

සිනමාපටයේ මුද්‍රිත පිටපත් මෙරටට රැගෙන ඒමේදී නැවේ ගබඩා කාමරයක ඇති වූ ගින්නක් හේතුවෙන් සියල්ල විනාශව ගිය බව මුලාශ්‍ර වල සඳහන් වන අතරම "රාජකීය වික්‍රමය" සිනමාපටය මෙරට ප්‍රථම සිනමාපටය වනු දැකීමට නොරිසී වූ ව්‍යාපාරිකයින් කණ්ඩායමකගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් ගිනි තබා විනාශ කළ බවට සනාථ නොවූ මතයක් ද තිබේ.

කෙසේ වෙතත් මෙරට සිනමාව ආරම්භ කිරීමේ කීර්තිය දිනාගන්නට "රාජකීට වික්‍රමය" සිනමාපටයට නොහැකි විය.ඉන් වසර 22 කට පසු නිර්මාණය වූ "කඩවුණ පොරොන්දුව" ලාංකීය සිනමාවේ කතා නාද සිනමාවේ ආරම්භය ලෙස රන් අකුරින් ලියන්නට සමත් විය.

නමුදූ සිනමා වංශය තුළ විමසීමේදී දේශීයව "රාජකීය වික්‍රමය" සිනමාපටය ප්‍රදර්ශනය වීමක් සිදු නොවුනත් දේශීය සිනමාවේ මූලාරම්භය කොතනකද යන්න මනාව වැටහී යනු ඇත.

දේශීය සිනමාව ගැන ඇල්මක් දක්වන අය සහ ඒ ගැන තොරතුරු සොයන දුවා දරුවන් උදෙසා මෙය ශෙයාර් කරන්න අමතක කරන්න එපා.

"මෙහි ඇතුළත් කරුණූ සිනමා පත පොත සහ අන්තර්ජාලයේ සෙවීම් මගින් සොයා ගත් කරුණු බව සලකන්න."

SUMMARY

Rajakeeya Wickramaya / රාජකීය වික්‍රමය

Released Date : 1925
Colorimeter : Black & White
Video Format : 16mm
Category : Drama


Main Actor : N.M. Perera

Main Actress : Sibilpim (Netherlands)

Director : Gupta (Bengali)

Producer : T.A.G. Noorbaih

CAST

N.M. Perera
As Prince

Sibilpim (Netherlands)

Erik Weerasekara
As Stunt for Sibilpim

Greshan Perera
As Thug

David Manuel

Piyadasa Wishwakula

Sybil Feem

Percy Perera

N.G.D.Albert Silva

Regie Perera

CREW

Director
Gupta (Bengali)

Producer
T.A.G. Noorbaih

Cinematographer
Gupta (Bengali)

Art Director
M. Sarlis

Art Director
G.S. Fernando

Dialogs
G.S. Fernando







Post a Comment

0 Comments