_Giza Bee_
ශාන්ති දිසානායක ලියූ කුළුඳුල් ටෙලි තිර රචනය
"අඳුන්ගිර" නුදුරේදීම පුංචි තිරයෙන්...................
සම්මානනීය ලේඛිකා ශාන්ති දිසානායකගේ කෙටිකතා, නවකතා මෙන්ම තීරූ ලිපි ආදී සාහිත්‍යාංග ලාංකේය පාඨක ආදරය හා ගෞරවයට නොඅඩුව පාත්‍ර විය. සින්තටික් ලෝකයෙන් වියුක්ත සමාජ යථාර්ථය පදනම්ව ගොඩ නැඟුණු අනුභූතීන් එකී නිර්මාණයන්ට ඈ ප්‍රස්තුත කරගත් බව අපගේ අදහසයි. එකී නවකතා පාඨකයින් අතර ආදරයට සහ ජනප්‍රියතාවයට පාත්‍ර වූවා සේම ඉන් බොහොමයක් විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ ටෙලි නිර්මාණ බවටද ප්‍රතිනිර්මාණය විය.
පරඬැල්, පුළිඟු, සඳ මඬල, ද්වාර, වරාමල්, වාලුකා, සරුංගල් හැන්දෑව, වංක ගිරිය,ගිරිකුළ සහ අංගනා ඉන් නවකතා කිහිපයකි.
ඇයගේ නවකතා ආශ්‍රයෙන් නිර්මාණය වූ කවිය නුඹ, විය සිදුර, ගිරිකුළ, එරන්ලන්දු, මද්දහන, හැන්දෑව,ගිරි කුල, ගිරිදේවි, සකර්ම වැනි නිර්මාණ පුංචි තිරයේ එකාකාරී ටෙලි නිර්මාණ නැරඹු ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් වූ බව නොරහසකි.
ස්වාධීන රුපවාහිනී නාළිකාව (ITN) හරහා සැප්තැම්බරයේ 12 වන දින සිට රාත්‍රී 8 ට සති අග ටෙලි සිතුවමක් ලෙස "අඳුන්ගිර" ප්‍රාසාංගික ටෙලි නාට්‍ය
දිග හැරෙන්නට නියමිතය.......
"ගිරිදේවි" ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කළ ඉන්දික ධර්මතිලක විසින් මෙම "අඳුන් ගිර"ටෙලි නිර්මාණයද අධ්‍යක්ෂණය කරනු ලබන අතර ප්‍රථම වරට ශාන්ති දිසානායක විසින් මෙහි තිර රචනය සඳහා දායකත්වය ලබා දෙයි. "අඳුන් ගිර" නිෂ්පාදන නුවනි වලිමුණි දායකත්වය දරයි.
1970 සිට 1994 අතර කාල පරිච්ඡේදය තුළ මෙ රට සමාජ ප්‍රකම්පනය "අඳුන් ගිර" ටෙලි නිර්මාණයට මූලික ප්‍රස්තුතය සපයයි. මානව සමාජ සහකම්පනය ආදරය සහ පුද්ගල අධ්‍යාත්මය විවරණය වන මෙම ටෙලි නාට්‍ය හරහා සාකච්ඡාවට බඳුන් වෙයි.
"අඳුන්ගිර" ටෙලි නිර්මාණයේ රංගනයෙන්
සජිත් අනුත්තර, දමිතා අබේරත්න, කලණ ගුණසේකර, නිරෝෂන් විජේසිංහ, නුවණි වලිමුණි, සම්පත් ජයවීර, පහන්දී නේත්‍රා, රම්‍යා වනිගසේකර, බන්දුල විජේවීර, නයෝමි තක්ශිලා, කෝරලගේ සමන්, ශාලිකා එදිරිසිංහ, පුජන දන්දෙණිය, මාධවී වත්සලා ඇතුළු තවත් ජනප්‍රිය දක්ෂ නළු නිළි කැලක් මේ හා එක්වෙයි.
"අඳුන්ගිර" ටෙලි නිර්මාණයේ සංගීත දක්ෂ සංගීතඥයෙකු වන සතිස් සුරේන්ද්‍ර ඒකනායක එක් වෙි. ගිරිදේවී ටෙලි නාට්‍යයේ මුසු වූ සෞන්දර්යාත්මක සංගීත අධ්‍යක්ෂණය ද ඔහුගේ නිර්මාණයක් වෙයි. "වන්නිගම් දොර අයියනායකගේ" නමින් නිර්මාණය වූ "අඳුන් ගිර" ටෙලි නිර්මාණයේ තේමා ගීතය රචනය මංගලිකා දිසානායක අතිනි. ගීත ගායනය සඳහා දුලක්ෂි අමායා, විකුම් කාවින්ද, ප්‍රසංගිකා ජයකොඩි එකතු වී තිබෙයි.
"අඳුන්ගිර" ටෙලි නාට්‍යයේ කැමරාකරණය ප්‍රභාත් දර්ශන විසින් දායකත්වය සපයා ඇති අතරම මෙහි අංග රචනය සඳහා සම්මානනීය අංග රචනා ශිල්පී ප්‍රියන්ත වන්නිනායක එක්වෙයි. රංග වස්ත්‍ර නිර්මාණය සඳහා ලක්මා වීරසේකර ද කලා අධ්‍යක්ෂණය හසින්ත වැල්ලවාය දායක වෙයි. සහාය අධ්‍යක්ෂණය මහේෂ් උයන්වත්ත හා දෙවන සහාය අධ්‍යක්ෂණය විශ්ව ප්‍රභාත් සමඟ සංඛ බංඩාර එක්ව තිබේ. සංස්කරණය ඉන්දික ජයවර්ධන විසින් දායකත්වය ලබා දී ඇති අතර නිෂ්පාදන කළමනාකරණය සමන් අතපත්තු ගෙනි.
"අඳුන්ගිර" ටෙලි නාට්‍ය විලච්චිය සහ මහා විලච්චිය යන දුෂ්කර ග්‍රාමීය දර්ශන තල ආශ්‍රිතව රූ ගත කර ඇති අතර කලාත්මක ටෙලි නිර්මාණ රස විඳින්න කැමති ඹබ සැමට මෙය නැවුම් නිර්මාණයක් වනු නොඅනුමානය................................




0 Comments