දිදුලන ගී හදවත "හර්ෂ මධුරංග"
You tube මාධ්‍ය ඔස්සේ cover ගීත තුළින් ආකර්ෂණය දිනාගත් හර්ෂ මධුරංග සිය හැඟීම්බර හඬින් ගයන තුරුණු ගායන ශිල්පියෙක්.
ඉතාමත් ලයාන්විත නිවුණු ස්වරයක් හර්ෂ සතුවීම සුවිශේෂීයි. වර්තමානයේ නිර්මාණකරණයට ප්‍රවේශ වන අපේ අලුත් පරම්පරාවට සමාජ මාධ්‍ය හරහා ලැබෙන අවකාශය ඔහුන්ව ඉහළට ඔසවා තබන්නට බෙහෙවින්ම හේතුවක් වනවා.
සාම්ප්‍රදායික මාධ්‍ය කලාව තුළ අලුත් පරම්පරාවේ දක්ෂයින්ට නිදහසේ සිය හැකියාවන් ඉදිරිපත් කරන්නට ලැබෙන අවකාශයන් සීමා සහිතයි. ගායන රියලිටි තරඟාවලි හරහා අසීමාන්තිකව විඩාපත් වන තරුණයන් සිය නිර්මාණ නිදහස් අවකාශයක මුදාහරින්නට සමාජ මාධ්‍ය පිටුවහලක් කරගන්නවා අද අපට පෙනෙනවා.
ඒ අතරින් මතුව ආ කැපී පෙනෙන හඬක් හර්ෂ සතුවීම හැම දෙනාගේම අවධානය දිනාගන්නට හේතුවක් වුණා.
ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායකයන්ගේ අති විශිෂ්ට ගීත හර්ෂ තමන්ගේ හඬින් ගායනා කරන විට එහිදී ඔහුටම අනන්‍ය ලයකින් ඉදිරිපත් කරන්නට සමත්වීම විශේෂත්වයක්. රසික ආකර්ෂණය දිනා ගැනීම පහසු කාරණයක් නොවේ. ඒ සඳහා නිසඟ කුසලතාවක් හා වාසනා ගුණයක් හිමි වීම හේතුවක් වෙනවා. හර්ෂ කුසලතාවෙන් පිරිපුන් වාසනා ගුණයෙන් අනූන අලුත් පරම්පරාවේ තරුවක්.
හර්ෂ මධුරංග You tube මාධ්‍ය ඔස්සේ ගයන ඉතාමත්ම මනරම් ප්‍රේමාන්විත ගීත රාශියක් වෙනුවෙන් ඔහුගේ හඬ මුසු කරනවා . එයින් නොනවතින ඔහු තමන්ගේම ගී නිර්මාණයක් එළිදක්වනවා."අද කඳුළු නෑ"විශේෂත්වය වන්නේ ගායනය වගේම ඒ ගීතයේ පදමාලාව රචනා කරන්නෙත් ඔහුගේ අතින් වීම. සංගීතය මිතුන් හා ගීතයේ රූප රචනය අර්ජුන බංඩාර විසින් නිර්මාණය කරනවා.
මෙරට ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න පුළුවන් දක්ෂ හැකියාවකින් යුත් තරුණයෙක් හර්ෂ මධුරංග. දිදුලන තරු හදවතට සුභ පැතුම්.
Ada Kandulu Naa (අද කදුලු නෑ)_Harsha Maduranga
Music Video
ඡායාරූප මුහුණු පොතෙන්





0 Comments