හුස්ම රැකගෙන ජීවත් වෙන්න කියා දෙන
“Breathe with Anoja”
ජිවිතය කියන්නේ ආශ්වාස සහ ප්රාශ්වාස අතර තියෙන කාලයයි. හුස්මක් අරන් එය පිට කරනකම් විතරයි අපි ජිවත් වෙන්නේ. අපි හුස්මක් අරන් ඊලග හුස්ම ගත්තේ නැත්නම් ඒ ජිවිතේ එතැනින් ඉවරයි. ඔය දේ තුළ තියෙන ජිවන දර්ශනයේ වටිනාකම කියා දෙන එකම තැන "අභින" යෝග ආශ්රමයයි.
ලාංකේය සිනමාවේ දශක කිහිපයක් මුළුල්ලේ තම රංඟන කෞශල්‍යය හරහා දේශීය සහ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ දක්ෂතා පරිපුණ නිළියන් අතරේ අදටත් ඇගේ රංඟනය ගැන ලාංකීය ප්‍රේක්ෂකයන් කතා කරනුයේ ඈ විසින් සජීවී කලා වූ සිනමාත්මක චරිතයන් තවමත් ප්‍රේක්ෂක හදවතේ පැළපදියම්ව තිබෙන නිසාය. අද අප ජිවත් වන්නට ආශ්වාස ප්රාශ්වාස කරන හුස්මෙහි වටිනාකම කියා දෙන්නේ ඇයයි. ඈ අප කවුරුත් ආදරය කරන්නාවූ අනෝජා වීරසිංහයන්ය. රංඟන ක්ෂේත්රයේ පරිණතය ඔබ්බට, ධර්මානුකුල ගමනක් යමින්, අධ්‍යාත්මික සහ ඉතා චාම් දිවිපෙවතකට නැඹුරු වෙමින්, ජීවිතය හොයා යන ගමනේ රංග කාර්ය තුලින් ඈත් වුවත්, නව පරපුරට නිවැරදි දැක්මක් ලබා දීම උදෙසා ඈ "අභින" නමින් නිදහස් නිස්කලංක පරිසරයක යෝග ආශ්රමයක් නිර්මාණය කරන්නීය.
බෙල්ලන්විල රාජමහා විහාරයට අයත් ශාලාවක්, ඇය විසින් මහන්සියෙන් උපයාගත් ධනය වැය කොට, ප්‍රතිසංස්කරණය කර, අභින ආශ්‍රමය ආරම්භ කරනුයේ,
ගෞරවණිය බෙල්ලන්විල විහාරයේ විමලරතන අනූ නායක ස්වාමීන් වහන්සේගේ සහ විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදය සමඟයි. මේ හරහා ඈ විදේශීයව උගත් යෝග, ශ්වසන අභ්‍යාස , රංග පුහුණුව, කටහඬ පුහුණුව සහ ජිවිතයට වැදගත් වූ දැනුම් සම්භාරයක්, සුවහසක් දරු දැරියන්, ආරක්ශක අංශ, සුව විරුවන්, විශේෂ අවශ්‍යතා ඇති රනවිරුවන්, උතුරු,, නැගෙනහිර දමිළ ජනතාව ඇතුලු ලොව සතර දිග් භාගයේ වෙසෙන සිංහල ජනතාව වෙත මාර්ගගත ඉගැන්වීම්, පුහුණුවීම් හරහා, මේ දිනවල මිනිසුන් පෙළෙනා දැඩි අසුභවාදය,විශේශයන් කාoසාව ( Anxiety), සංත්‍රාස කාංසාව (Panic), විශාදය (Depression) වැනි, ජීවිත අඩපන කරන්නාවූ චිත්තවේග කළමනාකරණය කිරීම සදහා ව්‍යායාම හදුන්වා දෙමින් විසල් සේවයක් කරමින් සිටින්නීය.
පසුගිය වසරේ මුළුමහත් ලෝකයේ බොහෝ රටවල් වලට බලපෑම් කල, අදටත් ඒ හා සටන් වදින කොවිඩ් වසංගතය හේතුවෙන් බොහෝම දෙනෙක් විරාම තබද්දී අභින ආශ්‍රමය හරහා සිදුකලා වූ සේවයන් ටද එයින් විශාල පාඩුවක් සිදුවිය. මේ සියල්ල විඳදරා ගනිමින්, ඈ ඇයගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක්ම නොව, දීපව්‍යාප්ත ව සිටින දුවා දරුවන් උදෙසා සයිබර් අවකාශය තුළින්, සහ Breathe with Anoja youtube නාලිකාව තුලින් නොමිලේම ඇයගේ දැනුම බෙදා දීමට සැලසුම් සැකසීය.
“Breathe with Anoja” හි ආරම්භය සිදුවන්නේ මේ අයුරෙනි. ජීවිතය සොයා යන ගමන් මගේ අපට වැදගත් වන බොහෝමයක් Video මේ වන වටත් “Breathe with Anoja” YouTube නාළිකාව තුළ ඈ විසින් ඔබට සමීප කරමින් ඇත. ලාංකියව YouTube අවකාශය තුල ස්ථාපිතව ඇති ලක්ෂ සංඛ්‍යාත නාළිකා අතුරෙන් ජීවිතය ජයගැනීමට මෙන්ම, ජිවිතයට වැඩදායි ප්‍රායෝගික සහ ධනාත්මක චින්තනයක් ලබා දෙන විශේෂ වූ සහ ක්‍රමවත් වූ එමෙන්ම උසස් තත්වයේ වීඩියෝ සහිත “Breathe with Anoja” නාළිකාව, අනෙකුත් නාළිකා අතර ප්රමුඛස්ථානයක් ගනී.
YouTube නාළිකාවත් සමඟම තව තවත් තම දැනුම බෙදා දෙමින් තවත් පියවරක් ඈ ඉදිරියට යන්නේ "අභින" හරහා Zoom තාක්ෂණයෙන් ප්‍රායෝගිකව වැඩමුළු පැවැත්වීම සඳහායි. ලංකාව තුල ආයතන මට්ටමෙන්ද, විදේශීය ශ්‍රීලාංකික ප්රජාවද ඇගේ මෙම සේවාවන් ලබාගන්නා අතර, 2021 ඔක්තෝම්බර් 03 වන ඉරුදින ආරම්භ කරන්නා වූ නවතම අභින Zoom වැඩමුළුව සඳහා අවුරුදු 16 ට වැඩි ඕනෑම නවකයෙකුට වයස් භේදයකින් තොරව එකතු වීමට අවස්ථාව උදා වෙන අතරම, මේ හරහා පැරණි සාම්ප්‍රදායික සිවානන්ද යෝග ක්‍රම ශිල්ප පුහුණුවට අමතරව ඇය විසින් ප්‍රගුන කලාවූ විශේශිත ආශ්වාස ප්රාශ්වාස ව්‍යායාම් ගැනද, මෙම වැඩමුළුව හරහා මනා දැනුමක් ලබා ගැනීමේ අවස්ථාව උදා වෙයි. උදෑසන 9 සිට මධ්‍යහන 12 දක්වා පැවැත්වෙන මාර්ගගත (Online) වැඩමුළුව හරහා ඔබටත් එකතු වන්නට අප ආරාධනා කර සිටිමු.
ලාංකේය සිනමා කලා ක්ෂේත්රයේ සිංහල සිනමාවට සහ මාතෘ භූමියට කීර්තියක් එක් කරමින් පැමිණි මඟේ කලාකීර්තිවූ අනෝජා වීරසිංහයන්, යෝග ආචාර්යවරියක් ලෙසින් අද සමාජය උදෙසා කරන්නාවූ මේ සමාජ මෙහෙවර සහ සත්කාරය ඉතාමත් අගය කරන්නෙමු. ඔබටත් මේ වටිනා වැඩමුළුව සඳහා එකතු වීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකය හරහා ලියාපදිංචි වී ඒ හා සම්බන්ධවිය හැක. තවද “Breathe with Anoja” YouTube නාළිකාව සමඟ එකතුවී ජිවිතයට අවශ්‍ය වටිනා වූ වීඩියෝ නැරඹීමටත් හැකි අතර ඔබේ වටිනා අදහස් ඒ හා එකතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
දුරකථන අංකය 0772292667
0 Comments