අපි හැමෝම සිහින සිනමාකරුවෝ වෙමු... Cinema Bandi



_Giza Bee_

අපි හැමෝම සිහින සිනමාකරුවෝ වෙමු...

Cinema Bandi

තෙලිඟු සිනමාවට ප්‍රිය කරන අයට හැමදාම බලන සිනමාපට වලට වඩා වෙනස්ම වූ රසයකින් ලබන්න පුළුවන් විදියේ සිනමාපටයක් ලෙස "Cinema Bandi" හඳුන්වා දිය හැක. 2021 වසරේ මැයි 14 වන දින "Netflix" හරහා ප්‍රදර්ශනය ඇරඹි "Cinema Bandi" බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වූ සිනමාපටයකි. සිනමාපටය පළමු ප්‍රදර්ශන සතියෙම "Netflix Top 10" අතරට පැමිණීමද මෙහි විශේෂත්වයකි.

"Praveen Kandregula" විසින් අධ්‍යක්ෂණය කරන ලද "Cinema Bandi" සිනමාපටය ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණය වෙයි."Vasanth Maringanti" විසින් කතාව රචනා කොට ඇති මෙම සිනමාපටයේ කිසිඳු තරුවක් රංගනයෙන් එකතු නොවෙන අතරම නැවුම් වූ මුහුණු ගණනාවකින් මේ සිනමාපට සැරසෙයි, හාස්‍ය රසයෙන් පිරුණ සිනමාපටයක් වුවද ග්‍රාමීයව ජිවත් වන මිනිසාගේ ජීවිතය අපුරුවට සිනමාව හරහා ගොඩනඟා තිබෙයි.



.........Cinema Bandi සිනමාපටයේ සාරාංශය...........


"Veerababu" කියන්නේ ත්‍රීවිල් රථ රියදුරෙක්. ඔහු විවාහකයි. නගරෙන් ඔබ්බට තියෙන නිස්කලංක පරිසරයකින් යුතු පිටිසර නොදියුණු ග්‍රාමයක ජිවත් වූ අයෙක්. ඔහුගේ එකම ආසාව වුයේ ඔහුගේ ගම දියුණු තත්වයකට පැමිණෙනු දැකීමයි. කිසිවෙකු ඔහු ජිවත් වන ගම ගැන වැරදියට කතා කළත් ඔහුට එය ඉවසුමක් නොවෙන දෙයක් වෙනවා.

ඔහුට දිනක් බොහොම වටිනා කියන කැමරාවක් හමුවෙනවා. ඔහු සමඟ ගමන් ගත් දෙපළක් විසින් මෙය ඔහුගේ ත්‍රිවිලයේ දමා ගියද ඔහුට ඒ කව්රුන්ද යන්න වගක් මතක නැහැ. ලක්ෂ ගණනක් වටිනා වූ මේ කැමරාව සාමාන්‍ය කැමරාවක් නොව සිනමාපට සඳහා උපයෝගී කරගන්නා වූ කැමරාවක් බව පසුව ඔහුට දැනගන්නට ලැබෙනවා.

තමාට ලැබුන මේ කැමරාවෙන් තමාට ඇති පලය කුමක්ද? මෙය විකුණා ගත්තොත් තමාගේ ත්‍රිවිලය වෙනුවෙන් ගත් ණය මුදල පියවා ගත හැකි බව ඔහුට හිතෙනවා. ඒ නැතිනම් මෙය කුළියට දෙන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි කියලා "Veerababu" ට සිතෙනවා. ඔන්න ඔහොම ඉන්න අතරේදී තමයි "Veerababu" ට රූපවාහිනී යන්ත්‍රයේ යන ප්‍රවෘතියක් දෙසට ඇහැ යන්නේ. මහාපරිමාණ සිනමාපට වලට වඩා නිර්මාණය වන කුඩා පරිමානයේ සිනමාපට වලට හොඳ තැනක් දැන් සැදී තිබෙන බව එහි විකාශය වෙනවා. ඉතින් කලින් සිතු කිසිවක් නොකර සිනමාපටයක් නිර්මාණය කර සල්ලි හොයාගන්නවා කියන තීරණයට "Veerababu" එළඹෙනවා. ඒ වගේම ගමේ නම හොඳ තැනකට ගේන්නත් කිරිතියක් ලබා ගෙන පිළිගත් අයෙක් ලෙස නමක් දිනාගන්න ඔහු සිතාගන්නවා.

"Veerababu" ගේ හොඳම යහළුවා Ganapathi, ඔහු ජයාරූප ශිල්පියෙකි. ඉතින් ඔහුගේද සහය ඇතිව සිනමාපටය නිර්මාණය කිරීමට "Veerababu" කටයුතු කරනවා.සිනමාපටයට අවශ්‍ය කතාවක් සොයාගෙන යද්දී ග්‍රාමයේ සිටින වයසක පුද්ගලෙයෙකු විසින් ලියන ලද ආදර කතාවක් ගැන කන වැටෙන ඔවුන් ඒ කතාව ඔවුන්ගේ කුළුඳුල් සිනමාපටය ලෙස නිර්මාණය කරන්නට තීරණය කරනු ලබනවා.

සිනමාපටය සඳහා නළු නිළියන් සොයා ගැනීම ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. ග්‍රාමය පුරා ඇවිදමින් අවසානයේදී ගමේ බාබර් සැලුන් එකේ කොන්ඩ රැවුල් කපන තරුණයා වූ "Maridayya" ප්‍රධාන චරිතයට තෝරාගන්නා. ඔවුන් "Divya" නම් පාසල් ශිෂ්‍යාවක් ඔවුන්ගේ සිනමාපටයේ ප්‍රධාන නිළිය ලෙසට තෝරාගන්නේ විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙමිනුයි.



සිනමාපටයේ ආරම්භය මෙය වුවද මේ තුළ නිර්මාණය වන ප්‍රස්තුතය ප්‍රේක්ෂකයන්ට වෙනස්ම රසාස්වාදයකට මුලක් සදයි. කිසිඳු දැනුමකින් තොරව රුපවාහිනියේ හෝ සිනමාවේ ඔවුන් දුටු රූපමය දේවල් ආශ්‍රය කරගනිමින් සිනමාපටය නිර්මාණය කරන්න දඟලන සහ පසු නොබසින අධ්‍යක්ෂකවරයෙක්, කමරාකරුවෙක්, නළුවෙක් සහ නිළියක් අතර ගලාගෙන යන කතාව තුල හාස්‍ය, දුක, මනුෂත්වය ගැන සරළව අධ්‍යක්ෂකවරයා කතා කරයි. නමුත් ඒ ප්‍රේක්ෂකගේ සිත් වලටයි. ඉතින් මේ අහිංසක ගැමි සිතේ හට ගත් සිතුවිල්ල මල්පල ගැන්වීමට දරන උත්සාහය කෙසේ නම් ජය ගනීවිද?

අපි හැමෝම සිහින දකිනවා. හරියට සිනමාපටයක රූප පෙළක් වගේ.අපිට සිහින තියෙනවා.ඒ සිහින අපි කවදා හෝ ජය ගන්න වෙර දරනවා.

ඉතින් සිහින දකින සිහින සැබෑ කරගන්න දඟලන අය වෙනුවෙන් "Cinema Bandi" වෙනස්ම වූ සිනමාත්මක නිර්මාණය ඔබ වෙත රැගෙන ආවේ ඔබේ සියලු ප්‍රර්ථනා සිහින සැබෑවක්ම වේවා යයි එක සිතින් ප්‍රාර්ථනා කරමිනුයි.

"Cinema Bandi" සිනමාපටය නරඹා ඔබේ අදහසුත් අපිත් සමඟ බෙදාගන්න වගේම ඔයාලාගේ යාලුවන්ටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා.


Post a Comment

0 Comments