![]() |
| Poster design by Lakshan Perera |
_Giza Bee_
"දැන් නටපල්ලා"
"භාතිය" සහ "සවිරූ" ගේ හඬ මුසුවෙන්
ලාංකීය ඉතිහාසයේ වැඩිම පිරිවැයකින් "නුවන් හෙට්ටිආරච්චී" විසින් නිෂ්පාදනය කල "දැන් නටපල්ලා" මියුසික් වීඩියෝව ළඟදීම කරළියට.....
නටන්න බැරි අයටත් නටන්නම හිතෙන අලුත්ම වැඩක් එක්ක තාරුණ්‍යයේ ජවය ඉස්මතු වන තවත් පෙරළියක් සිදුවීමට නියමිතයි.....
වෙනස්ම ආරේ පද රචනයෙන්ද නැටවෙන සංගීතයෙන් ද නව්‍යකරණය වූ රූප රචනාවකින්ද පෝෂණය වූ "දැන් නටපල්ලා" මියුසික් වීඩියෝවේ පුරව ප්රචාරක පටය අද දින සයිබර් අවකාශයට මුදා හරින ලදී. යෞවුන් වියේ සිටින දක්ෂ සහ විසේකාර නර්තන ශිල්පියෙකු වන "මධුවන්ත භාතිය" සමඟ "සවිරු කුමාරසිංහ" "දැන් නටපල්ලා" හී ගීත ගායනයෙන් ප්‍රථම වරට එකතු වෙමින් කළඑළි දකී.
"මධුවන්ත භාතිය","සවිරු කුමාරසිංහ" ට අමතරව "දැන් නටපල්ලා" හා ලාංකීය සිනමාව, වේදිකාව සහ ටෙලිනාට්‍ය තුළින් ජනප්‍රියත්වයට මෙන්ම සම්මානයට පාත්‍ර වූ දක්ෂ රංඟන ශිල්පියකු වන "කළන ගුණසේකර" වෙනස්ම චරිතකින් මේ සඳහා ගරු රංඟනයෙන් එකතු වීම සුවිශේෂී වෙයි.
තවද රංඟනය සහ නර්තනය තුළින් ප්‍රේක්ශක ආදරයට නොඅඩුව පාත්‍ර වන දක්ෂතා සපිරි ජනප්‍රිය තාරුකාවක් වන "මාධවී ඇන්තනී" "දැන් නටපල්ලා" හරහා ගරු රංගනයෙන්ද නර්තනයෙන් ද වර්ණවත් කරන්නට එකතු වී තිබීම මෙහී අනෙක් විශේෂත්වයයි.
රුපියල් මිලියනකට අධික මුදලක් වැය කරමින් නිර්මාණය වූ "දැන් නටපල්ලා" මියුසික් විඩියෝව සඳහා නර්තන දක්ෂතා වලින් පරිපූර්ණ වූ තවත් නර්තන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මේ සඳහා නර්තනයෙන් එකතු වන අතරම ප්‍රේක්ශක ආදරය නොමඳව ලබා ගත් "සුපර් ඩාන්සර්" හී නර්තනයන් සඳහා දායකත්වය ලබා දුන් "තිනේෂිකා නිසල්යා (ජින්නා)", "ලකිඳු තිමේෂ්", "චනුත් චන්මිත", "දෙනෙත් ආකර්ෂ", "අගසි දෙව්නී", "මතිශ කල්හාර", "සිතුම් මලීෂ", "රිසලි සනුලියා", "නෙත්මි සත්සරණී", " විශ්මී සංජනා", "හිරුනි මල්ෂා" ඇතුළු දක්ෂ සහ ජනප්‍රිය තරු රැසක් මේ සඳහා දායකත්වය ලබා දී තිබීමද සුවිශේෂී වෙයි. විශාල පිරිවැයක් යොදමින් "දැන් නටපල්ලා" මියුසික් වීඩියෝවේ නිෂ්පාදන දායකත්වය "නුවන් හෙට්ටිආරච්චි" විසිනි.
"මධුවන්ත භාතිය" විසින් "දැන් නටපල්ලා" ගීතයේ ගායනයට අමතරව මියුසික් විඩියෝවේ ඔහුටම ආවේනික වූ දක්ෂ රංඟනයෙන් ද නර්තනයෙන් ද දායක වන අතරම නර්තන අධ්‍යක්ශනයෙන් ද මියුසික් වීඩියෝවට පාදක වන කතාව සහ තිර රචනයෙන්ද එකතු වෙයි. එමෙන්ම "දැන් නටපල්ලා" ගීතයේ RAP ගායනාවෙන් ද නර්තනයෙන් ද "සවිරූ කුමාරසිංහ" දායකත්වය ලබා දෙයි.
යෞවනයට උචිත අයුරෙන් ගීතය සඳහා පද නිර්මාණය "මුර්ෂාඩ් හුවායිස්" විසින් සිදුකර ඇති අතර ගීතයේ RAP පද රචනය "NIKZNK" විසින් මුසුකොට තිබෙයි. වෙනස්ම වූ ජව සම්පන්න නාද රටාවක් සමඟින් තරුණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන "ෂෙනාල් මද්දුමගේ" එකතුවන අතරම "සුභුති අනුරුද්ධ" ගේ Electronic සංගීතයෙනුත් "දැන් නටපල්ලා" ගීතයට තවත් ජීවයක් ලබා දෙන්නට සමත්කම් කියයි.
"දැන් නටපල්ලා" මියුසික් වීඩියෝව සඳහා සිනමාත්මක අධ්‍යක්ෂණයක් සමඟින් දක්ෂ කැමරා අධ්‍යක්ෂක "සන්දේශ් බණ්ඩාර" ඇතුළු ඔහුගේ කණ්ඩායම නොමසුරු දායකත්වයක් ලබා දී ඇති අතරම සහය අධ්‍යක්ෂණය "ධනංජය සඳරුවන්" විසිනි. කැමරා අධ්‍යක්ෂනය සඳහා "ඉරුෂ්ක බෝගොඩ" විසින් දායකත්වය ලබා දෙයි. තවද "ඩිලාන් සේනානායක" විසින් "දැන් නටපල්ලා" පූර්ව ප්රචාරක පටයේ හඬ මුසුව සඳහා දායකයත්වය ලබා දී තිබෙයි.
වෙනස්ම ආරේ රූප රචනාවකින් සමන්විත වන මෙහි වර්ණ සංයෝජනය සඳහා "මධුවන්ත ජයකොඩි" දායකත්වය ලබා දී ඇති අතරම වේශ නිරුපණය සඳහා "ඉරේෂ් එරංග" එකතුවෙයි. "දැන් නටපල්ලා" හි නිෂ්පාදන කළමනාකරණය "තාරක සඳරුවන්" විසින් සිදුකර තිබෙයි.
විවිධ වූ දක්ෂතා පරිපූර්ණ නර්තනකරුවන් වැඩිම පිරිසකගේ නර්තන දායකත්වයෙන් ද තාරුණ්‍යයේ රිද්මය, ජවය කැටි කොට ගත් "දැන් නටපල්ලා" මියුසික් වීඩියෝව, ලාංකීය සංගීත ලොවේ තවත් ආරම්භයක් සණිටුහන් කරමින් නැවුම් පෙරළියක්ද සමඟ ප්‍රේක්ෂකයන් වෙතට තිළිණ කරන්නට "දැන් නටපල්ලා" කණ්ඩායම සුදානම් වන අතරම, නොබෝ දිනකින්ම දිනය සහ තවත් බොහෝ දේ ආදරණීයන් වෙත රැගෙන එන්නට සැරසෙයි.
"දැN නටPAලා"
HEART එකේ BEAT එක වෙනම තැනකට රැගෙන යන MUSIC එක්ක DANCE කරන්න. ARE YOU READY ?






1 Comments
😍😍
ReplyDelete