පියවරුන්ගේ සටන
Don't Breathe 2
"Don't Breathe" යනු 2016 වසරේදී තිරගත වූ "Horror/Thriller" ශානරයේ සාර්ථක සිනමා නිර්මාණයක් ලෙස හඳුන්වාදිය හැක. මෙහි දෙවැන්නක් 2021 වසරේ දී අගෝස්තු 13 වන දින ප්‍රදර්ශනය ආරම්භ වුයේ Don't Breathe 2 නමිනි. සිනමාපටය අධ්‍යක්ෂණය Rodo Sayagues විසින් සිදුකල අතර මෙහි කතාව Fede Álvarez, Rodo Sayagues විසින් රචනා කොට ඇත. සිනමාපටය Sony Pictures හරහා නිකුත්කරන ලද්දකි.
"Don't Breathe 2" සිනමාපටයේ රංගනයෙන් Stephen Lang,Brendan Sexton III,Madelyn Grace ඇතුළු තවත් බොහෝ නළු නිළි පිරිසක් දායකත්වය සපයා ඇති අතර මෙම සිනමාපටය ද ප්‍රථම සිනමාපටය සේම කෘතුහලයෙන් යුතුව ප්‍රේක්ෂකයාට නැරඹීමට හැකි සිනමාපටයකි. ඔබත් !Don't Breathe 2" සිනමාපටය නරඹන්න කැමැත්තක් දක්වන අයෙක් නම් මෙම සිනමාපටයේ පළමු වැන්නත් නරඹා දෙවැන්න නරඹන්න කියා ඉල්ලීමක් කර සිටිනවා. සිනමාපටයේ කතාව ප්‍රථම සිනමාපටයට එකහෙළා සම්බන්ධව ගලාගෙන නොගියත් මෙහි ප්‍රධාන චරිතය ගැන මනා වැටහීමක් ඔබට ප්‍රථම සිනමාපටය නැරඹිමෙන් ලබා ගත හැකිවනු බව මාගේ විශ්වාසයයි.
...........Don't Breathe 2 සිනමාපටයේ කතා සාරාංශය ..........
ප්‍රථම සිනමාපටයෙන් අනතුරුව වසර අටකට පසුව සිදුවන සිදුවීමක් සමඟ සිනමාපටය ආරම්භ වෙයි. "Norman"යනු දෙඇස් නොපෙනන වයස් ගත වෙමින් සිටින පුද්ගලයෙක්. ඔහු නාවික හමුදාවේ සිටි අයෙක් වන අතරම ඔහු කායිකව තවමත් පෘෂ්ඨිමත් අයෙකි.කුඩා ශබ්ධයක් පවා තේරුම්ගෙන එයට ක්‍රියා කිරීමට ඔහුට තවමත් හොඳ කල්පනාවක් ඇති අයෙකි.
"Norman" සමඟ ඔහුගේ නිවසේ ජිවත් වුයේ ඔහුගේ සුරතල් "Rottweiler" සුනඛයා සහ වයස එකොළහක් වූ "Phoenix" නම් ගැහැණු දරුවායි. "Phoenix" ගේ මව ජීවත්ව සිටි නිවසේදී ගින්නට හසුවී මිය ගිය හෙයින් අසරණව සිටි "Phoenix" ව හදාවඩා ගෙන තමා ඇයගේ පියා ලෙස සැමවිටම "Phoenix" ට දැනෙන්නට "Norman" ඉඩ සලසන්නට විය. නිවසින් පිටතට යාම නගරයට යාම තහනම් වූ "Phoenix"ට පත පොතේ දැනුම ඉගැන්වීමට අමතරව විවිධ අරාක්ෂක ශිල්පිය විදි "Norman" විසින් නිතරම ඈ හට පුහුණු පුරුදු කළාය....
තමාගේම දියණියක ලෙස හදාවඩා ගන්නා "Phoenix" හට නිවසින් බැහැරව යන්නට ඉඩක් ලබා දුන්නේ "Hernandez" නම් හමුදාවේ රැකියාව කල තරුණිය සමඟයි. "Norman" විසින් සමාජයෙන් සැඟවී සිටින්නට දරන උත්සාහයේදී ඔහුට සම්බන්ධ වන සහ විශ්වාසයක් ගොඩනැඟුණු එකම තරුණිය ඇයයි. දිනක් නගරයට යන "Hernandez" විසින් "Phoenix" ද රැගෙන යන්නේ නිවසටම කොටුවී සිටින ඇයට නගරය පෙන්වීමටයි. නමුත් එක අවස්ථාවකදී ඔවුන්ට නාඳුනන පිරිසකගේ ඇසට හසුවන අතරම ඔවුන් විසින් "Hernandez" ගමන් ගත් වාහනය ලුහුබදින්නේ ඇයටත් නොදැනීමයි.
"Hernandez" විසින් "Norman" හට දියණිය භාරදී නැවත පැමිණෙන අතරතුර දී නාදුනන පිරිස අතින් ඈ මිය යන්නේ සාහසික ලෙසයි. එයින් නොනවතින ඔවුන් "Norman" ජීවත්ව සිටින නිවස වෙත යන්නේ ඔහුට පහර දීමටයි.මේ සියල්ල පසුපස එක් කතාවක් වෙයි. ඒ නාඳුනන පිරිසගෙන් එක් අයෙකු "Phoenix" ගේ සැබෑම පියා වීමයි.
නමුත් මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මේ හැමදේම පසුපස සැඟවුණු මහා කුමන්ත්‍රණයක් සිනමාපටය හරහා ප්‍රේක්ෂක ඔබට දැකගන්න ලැබෙනවා. ඒ ගැන නම් සඳහන් කරන්නේ නැහැ. සැබෑ පියත් හදාගත් පියෙකු අතර යුධ සංග්‍රාමය ආරම්භය සහ කඳුලක් උපදින අවසානයක් එක්ක සිනමාපටය අපුරුවට අධ්‍යක්ෂකවරයා නිමාවට පත්කොට තිබෙනවා.
මේ දිනවල නිවෙස් වලට වෙලා ඉන්න ඔයාලට බලන්න පුළුවන් හොඳ සිනමාපටයක් විදියට "Don't Breathe 2" සිනමාපටය හඳුන්වාදෙන්න පුළුවන්. කෘතුහලය උපරිමෙන් රඳවා ගනිමින් නැරඹිය හැකි මෙම සිනමාපටය නරඹා ඔබේ අදහසුත් අපිත් සමඟ බෙදාගන්න අමතක කරන්න එපා.



0 Comments