ජීවිතය පරදුවට තියමින් ක්‍රීඩා කරන්නෝ Escape Room: Tournament of Champions - 2021



_Giza Bee_

ජීවිතය පරදුවට තියමින් ක්‍රීඩා කරන්නෝ

Escape Room: Tournament of Champions - 2021

අද ඔබ වෙතට රැගෙන එන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් කතා බහට ලක් කරන වෙනම කතා තේමාවක් රැගත් සිනමාපටයක් ගැනයි.කෘතුහලය පිරුණු මෙම සිනමාපටය "Escape Room: Tournament of Champions" නම් වෙයි.

"Escape Room: Tournament of Champions" සිනමාපටය ප්‍රදර්ශනය ඇරඹුණේ 2021 ජුලී මාසයේදීය.මේ සිනමාපටය "Escape Room (2019)" නමින් තිරගත වූ සිනමාපටයේ ම දෙවැන්නක් ලෙසින් නිර්මාණය වුවකි.සිනමාපටය අධ්‍යක්ෂණය "Adam Robitel" විසිනි."Escape Room: Tournament of Champions" සිනමාපටය නරඹන්න ඔබත් කැමැත්තක් දක්වනවා නම් අනිවාර්යෙන් මෙම සිනමාපටයේ ප්‍රථම සිනමාපටය වූ "Escape Room (2019)" සිනමාපයට නැරඹීම අත්‍යවශ්‍යම වෙනවා.එයට හේතුව මේ සිනමාපට දිත්වයම එකට සම්බන්ධ කරමින් තමයි සිනමාපටයේ කතාව නිර්මාණය කර තිබෙන්නේ.

"Escape Room (2019)" සිනමාපටයේ ජනප්‍රියතාවය නිසාම මෙහි දෙවැන්න වූ "Escape Room: Tournament of Champions" සිනමාපටය 2020 වසරේ දී තිරගත කිරීමට කටයුතු සිදුකර සිටියත් "COVID 19" වසංගතය හේතුවෙන් ම එය කල්දැමීමට නිෂ්පාදකයන් තීරණය කර සිටියා.සිනමාපටයේ නිෂ්පාදනය "Neal H. Moritz" විසින් සිදුකර ඇති අතරම "Columbia Pictures" සහ "Original Film" සමාගම් මෙහි නිෂ්පාදන සමාගම් ලෙසින් දායකත්වය සපයා දී තිබෙනවා."Sony Pictures" සමාගම හරහා මේ සිනමාපටය ප්‍රදර්ශනය සඳහා නිකුත් කර තිබෙනවා.

සිනමාපටයේ රංගනයෙන් Taylor Russell, Logan Miller,Deborah Ann Woll Indya Moore, Holland Roden, Thomas Cocquerel, සමඟ Carlito Olivero ප්‍රධාන රංගනයෙන් එකතු වී තිබෙනවා.විනාඩි 88ක් පුරා දිවෙන මෙම සිනමාපටය සඳහා යෙදු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 15ක් ලෙස සඳහන් වන අතරම සිනමාපටය ප්‍රදර්ශනයෙන් අනතුරුව ඇමරිකානු ඩොලර් මිලියන 44ක් උපයාගන්න සමත්කම් ලබා ගෙන තිබෙනවා.



.........Escape Room: Tournament of Champions සිනමාපටයේ කතා සාරාංශය.........

"Escape Room" යනු ක්‍රීඩකයන් පිරිසක් මෙහෙයවමින් සිදුකරන්නා වූ බේරී යාමේ ක්‍රීඩාවක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මෙය නිකම් ක්‍රීඩාවක් නොව දිවි පරදුවට තියමින් ක්‍රීඩකයාට විවිධ වූ බිහිසුණු අත්දැකීම් සමඟ ක්‍රීඩා කරන සිදුවෙන්නේ විවිධ වූ හෝඩුවාවන් මුරපද සොයමින් කාලානු කුලව තරඟය නිමා කරමිනුයි. කණ්ඩායමක් ලෙසින් එකතු වෙන ඔවුන් කණ්ඩායමක් ලෙසින් එක් ව තරඟය ජයග්‍රහණය කරන්න හැදුවද මේ ක්‍රීඩාව ජයගත හැක්කේ එක් අයෙකුටම පමණක් වීම මෙහි විශේෂත්වයයි.නමුත් මේ ක්‍රීඩා කරන පිරිස් මේ පසු පස සිදුවන විශාල සුදුව ගැන හෝ මේ පසුපස සිටින මොළකරු කවුරුන්ද යන්න අල්ප මාත්‍රයක් වත් අවසන් වන තුරාවට දැනගන්නට ලැබෙන්නේ නැහැ. 2019 වසරේ තිරගත වූ ප්‍රථම සිනමාපටය නැරඹු ඔබට "Escape Room" ගැන මනා වැටහීමක් ඇතුවාට සැකයක් නැහැ.

"Escape Room: Tournament of Champions - 2021" සිනමාපටය කතාව ගලාගෙන යන්නේ එහි ප්‍රථම සිනමාපටයේ දිවි බේරා ගත් "Zoey" සහ "Ben" කියන තරුණිය සහ තරුණයා වටායි."Zoey" ට තරඟය නිමා වී දිවි බේරාගෙන පැමිණියද ඇයට අවශ්‍ය "Escape Room" හි පසුපස සිටින අය නිතීය ඉදිරියට ගෙන ඒමටයි. නමුත් මේ ගැන "Ben" ඔහුගේ අකමැත්ත පළකර සිටිද්දී Zoey තනිවම මොවුන් සොයා යන්න තීරණයකට එළඹෙනවා.නමුත් තමන්ගේ ජීවිතය බේරා ගත් මිතුරිය "Zoey" තනිවම මේ සඳහා යෑවීමට නොහැකි නිසාම අකමැත්තෙන් වුවද "Ben" ඈ හා එකතු වෙනවා.

මේ ගමනාන්තය අවසන් වන්නේ නොසිතු අයුරෙන් ඔවුන් දෙදෙනාම තවත් "Escape Room" ක්‍රීඩාවක් සඳහා කොටු වෙමිනුයි. නමුත් ඔවුන් සේම "Escape Room" හි තරඟ වැදී ජයග්‍රහණය කල තවත් පිරිසක් ඔවුන්ට මුණ ගැසෙන්නේ මේ සියල්ලම කා විසින් හෝ යොදන ලද උගුළක් ලෙස තව තවත් ප්‍රත්‍යක්ෂ කරමිනුයි. මෙවර "Tournament of Champions" ලෙසින් සැදෙන පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමට විවිධ වූ මාරාන්තික බිහිසුණු ක්‍රීඩාවන් හී නියැළෙන්නට සිදුවන්නේ ප්‍රේක්ෂකයන්ට පවා හුස්මක් ඇස්පිල්ලමක් ගස්සන්නට වත් ඉඩක් නොදෙමිනුයි. ඒ තරම් කෘතුහලයකින් නැරඹිය හැකි මෙම සිනමාපටය නොසිතන අයුරෙන් සමාප්තියක් දක්කවා ලඟා කරන්නට අධ්‍යක්ෂකවරයා සමත්වී තිබෙනවා.



මේ දිනවල නිවසටම වෙලා ගත කරන ඔයාලට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි සිනමාපටයක් විදියට "Escape Room: Tournament of Champions" සිනමාපටය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් සිනමාපටය නරඹා ඒ ගැන හොඳ නරක කමෙන්ට් එකකින් අපිත් එක්ක බෙදාගන්න.

ඒ වගේම අපේ "Art Street බ්ලොග්" එකට "Youtube චැනල්" එකට වගේම "Facebook" එකටත් ගොඩ වෙන්න අමතක කරන්න එපා. කලාවට සම්බන්ධ ගොඩක් තොරතුරු එකම තැනකින් බලාගන්න ලැබෙන වෙනස්ම තැනක් තමයි "Art Street" කියන්නේ.


YouTube



Facebook



Post a Comment

0 Comments