Google Kuttappan සමඟ ලාංකීය තරු යුගළයක් දකුණු ඉන්දියානු සිනමා අඹරේ
Tharshan Thiyagarajah යනු යාපනයේ ඉපදුන එමෙන්ම පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. ඔහුගේ කඩවසම් පෙනුම සමඟ නිරූපණ ක්ෂේත්‍රයට පැමිණෙන ඔහු 2016 වසරේදී පැවති Mr. Sri Lanka තරඟයේ Mr. Sri Lanka ලෙසින් අබිසෙස් ලැබීය. පසුව ඔහු විසින් තම රැකියාවද පසෙකලා නිරුපණ ක්ෂේත්‍රය හරහා දිගු ගමනක් පැමිණි අතරම වෙළඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ හරහා රංගනයෙන් තව තවත් ඔහු වෙත ආදරය කරන රසික පිරිසක් ගොඩනඟා ගත්තාය. එයින් පසුව ඔහුට ඉන්දියානු සිනමාපටයක ප්‍රථම වරට රංගනයෙන් දායකත්වය ලබා දෙන්න හැකි වන අතර ඔහු Verenna Vendum දකුණු ඉන්දියානු සිනමාපටය හරහා දුෂ්ටයෙකු ලෙසින් ඉන්දියානු රිදී තිරයට හඳුන්වා දෙන ලදී. නමුත් Tharshan වඩ වඩාත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියතාවයට පත් වන්නේ 2018 වසරේ දී ඔහු ඉදිරපත් වූ දක්ෂ සහ සම්මානනීය නළු කමල හසන් මෙහෙයවූ "BIG BOSS 3" සමඟයි. එයින් පසුව ඔහුට ලැබූ ආකර්ෂණය හේතුවෙන්ම ඉන්දියානු වෙළඳ දැන්වීම් බොහොමයක පෙනී සිටින්නට ද අවස්තාව සේම සිනමාපට කිහිපයකම දායකත්වය ලබා දෙන්න හැකියාව ලැබුණි.
![]() |
| ඡායාරූප අන්තර්ජාලයෙනි |
Losliya Mariyanesan යනු shakthi Tv නරඹන්නන්ට නම් නුහුරු අයෙකු නොවෙයි. කිලිනොච්චියේ දී උපද ලද ඇය නිරූපණ ක්ෂේත්‍රය හරහා ජනප්‍රිය නිවේදිකාවක් බවට පාත්‍ර වූ අයෙකි. කුඩා කල සිටම රංඟනයට දක්ෂතා දැක්වූ ඇය කොලිවුඩයට සම්බන්ධ වන්නේ Friendship ද්‍රවිඩ සිනමාපටය හරහායි. 2019 වසරේ දී Losliya ද කමල හසන් විසින් ඉදිරිපත් කරන ලද "BIG BOSS 3" සඳහා එකතු වන අතරම එහි දෙවැනි ජයග්‍රාහිකාව බවට පත්වෙමින් එරට ප්‍රේක්ෂක ආදරයට මෙන්ම ජනප්‍රියත්වයට ඈ පාත්‍ර විය.
![]() |
| ඡායාරූප අන්තර්ජාලයෙනි |
Tharshan ගේ සහ Losliya ගේ මීළඟ සිනමා ආගමනය සිදුවන්නේ Google Kuttappan සිනමාපටය හරහායි. Sabari සමඟ Saravanan විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම සිනමාපටයේ Tharshan, Losliya ට අමතරව K.S. Ravikumar, Prankster Ragul සමඟ දකුණු ඉන්දියානු ද්‍රවිඩ සිනමාපට වල හාස්‍ය රංඟන ශිල්පී Yogi Babu එකතු වී තිබේ.
![]() |
| ඡායාරූප අන්තර්ජාලයෙනි |
තම පියාගේ ගේ විරුද්ධත්වය මත පිට රටක සමාඟමකට සේවයට යන තම පුතා නැති පාළුව මකා ගැනීම උදෙසා තම පියාව බලා ගැනීමට සමාගමේ නිෂ්පාදිත රොබෝ කෙනෙකු අත්හදා බැලීමක් ලෙසින් තම නිවසට එවීමෙන් පසු සිදු වන සිද්දි ධාමයක් වටා ගොඩ නැඟුණු මානුෂිය සහ හැඟීම් වලින් සමන්විත වන කතා පුවතකින් නිර්මාණය වූ ජනප්‍රිය මලයාලම් සිනමාපටයක් වන Android kunjappan version 5.25 සිනමාපටයේ ප්‍රතිනිර්මාණයකි.
![]() |
| ඡායාරූප අන්තර්ජාලයෙනි |
K.S.Ravikumar කුමාරගේ නිශාපාදනයකි.Ghibran ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද Arivu ගේ කැමරා අධ්‍යක්ෂනයෙන්ද පෝෂණය වන මෙම සිනමාපටයේ සංස්කරණය Praveen Antony විසිනි. සිනමාපටයේ කලා අධ්‍යක්ෂණය සඳහා Sivakumar දායකත්වය ලබා දී ඇති අතර රොබෝ නිර්මාණය සඳහා Prasun Basu එකතු වෙයි. ගීත සඳහා පද රචනයෙන් Madhan Karky, Viveka සමඟ Arivu එකතු වී තිබෙයි. සිනමාපටයේ ඇඳුම් නිර්මාණය සඳහා Kavitha සමඟ Moorthy එකතු වී ඇති අතර වේශ නිරුපණය සඳහා Kothandam එකතු වී තිබේ.
සිනමාපටයේ VFX දායකත්වය Workflow Entertainments ආයතනය මඟිනි. විනාඩි 150ක් දිවෙන Google Kuttappan සිනමාපටය 2022 වසරේ පෙබරවාරි මස දී ප්‍රදර්ශනය සිදු කිරීමට යොදාගෙන ඇති බව ද සඳහන්.
![]() |
| ඡායාරූප අන්තර්ජාලයෙනි |
![]() |
| ඡායාරූප අන්තර්ජාලයෙනි |







0 Comments