Pee nak Review


_Giza Bee_

"Pee nak"

.....පීනක්ගේ ශාපය.....

            ජිවිතේ අප කවදාවත් නොහිතු නොසිතු විවිධ ප්‍රස්තුතීන් නොයෙකුත් ආකාරයෙන් අපට මුණ ගැහේ ඒවා අපි විසින්ම විසදගන්නේ කාලය විසින් ජීවත් වීමට පාඩමක් උගන්වන අකාරායෙනී.අප අපගේ ජීවිත වලට කොතෙරම් අත්දැකීම්, ආශ්වාදය, කුතුහල, ආදරය, කරුණාව, වෛරය, ක්‍රෝධය, බිය යන නොයෙකුත් අංග සිනමපට තුලින් උකහාගනී. එහි හොද හා නරක යන අංග දෙකම ඇත.බොහෝ අය පරණ සිනමා නැරඹීමට කැමැත්තක් දක්වයි තවත් බොහෝ අය සටන් ජවනිකා සහිත සිනමා නැරඹීමට කැමැත්තක් දක්වයි,තවත් බොහෝ අය අත්භූත සහ ත්‍රාසය දනවන සිනමා පට නරඹයි, තවත් අය විකට විහිලු සිනා දනවන සිනමා පට නරඹයි නමුත් මෙම සියලූම අංග එකට එකතුවූ සිනමා පටයක් බලන්න ලැබෙන්නේ ඉතාමත්ම කළාතුරකිනි. එවනිම ආකරයේ සිනමාපටයක් ලෙස 2019දී පිටවූ "Pee nak"(පී නක්ගේ ශාපය)නම් තායි සාම්ප්‍රදායික සිනමාපටය පෙන්වා දිය හැක.

මෙහි එක් ප්‍රධාන චරිතයකුත් අනු චරිත දෙකක්ද කතාවේ මුල් ප්‍රස්තුතිය ගනී. මෙහි ප්‍රදාන චරිතය "nong" නම් වේ.ඔව් මේ වනවිටත් තරුණ වයසේ සිට ජීවිකාව ගෙන යාමට සූදානම්ව සිටියදී තම නිවස සමග ඇති වූ ප්‍රශ්ණ නිසාවෙන් නිවසෙන් පැනයාමට සිතා තම අතැති බෑගයද ගෙන බසයකට නගී.මෙහිදී අහඹු ලෙස "Balloon, first සහා got" ඔහුගේ පැරණි යහලුවන් තිදෙනෙක් මුණ ගැසේ. ඔවුන් තිදෙනා මෙම රථයට ගොඩවන්නේ විනෝද චාරිකාවක්‍ යාමටය.මෙහිදී විශේෂයෙන්ම සදහන් කල යුතු කාරණාව විය යුත්තේ "ballon සහා first" සමලිංගික (Gay) පුද්ගලයන් දෙදෙනෙකී. ඔවුන් දෙදෙනාම Nong ගේ පසුපස හඹා ගිය දෙදෙනෙකී. got යනූ Tooth continued bone loss(දන්ත හනු ඛණ්ඩන) නම් දුර්ලභ රෝගයෙන් සත්‍ය ලෙසම අරූපී වූ කාන්තාවකී. නමුත් ඔහු එය ලෝකයට නොපෙන්වන ලෙස හොදින් ඇද පැලද සිනාසෙම්න් සිටී. තායිලන්තය යනූ හොදින් සමාජශීලි රටකී නමුත් ඔවුන් සමලිංගිකයන්ටද සලකන්නේ එකම ආකරායෙනි මන්ද ඒ රටේ සමලිංගික විවාහ සම්මත නිසාවෙනී. මෙලස එකට එකතුවන nong, got, first සහා balloon බසයේ කතාවෙමින් ගමන් කරයි. කතාවන අතර මග nongගේ උපන්දිනය බව දැනගත් මොවුන් එය බසයතුලම කෑ ගසම්න් සමරයි. මෙම කෑ ගැසිල්ල දෙස බලන බසයේ රියදුරු මහතා දකින්නේ මහත් බිය ජනක රූපයකී මන්ද ඔවුන් හිස නැතුව නටයි. මෙය ඔහුගේ සහය සේවකයාටද පෙන්වයි. මොවුන් දෙදෙනාම මෙය දැක එක්වරම සිහිසුන් නැතිව වැටේ.බසයද ඒ මේ අත ධාවනයවී ලොරි රථයක ගැටි අනතුරකට ලක් වේ. ඉන්පසු මොවුන් සියලු දෙනාම රෝහල් ගත කරන අතර got මෙම අනතුරෙන් මියයයි. අවසානයේ ඉතුරුවන්නේ මෙම යාලුවන් තුන් දෙනා පමණී මේ අවස්තාවේ nongගේ අනතුර ගැන දැන ගෙන ඔගේ පියා රෝහලට පැමිනේ. පියා සහා පුතු අතර සංවාදයක් ඇතිවන අතර මෙම සංවාදය අසා සිටි වයෝවෘද්ධ භික්ශූන් වහන්සේ නමක් එම ස්තානයට වැඩ කරුණු පැහැදිලි කොට nong හට යම් ස්තානයකට ගොස් නොකියා පැවිදි වන ලෙස කියන අතර එම හිමි නම nong හට කලු පැහැති බුදුන්ගේ රුවක් සහිත pendent එකක් ලබා දේ. nong මෙම භික්ශූන් වහන්සේගේ අදහස පිලිගෙන එම ස්තානයට යන්න හදන අතර එයට first සහා Balloonද සහාභාගී වේ. ඔවුන් දෙදෙනා මෙම ගමනට යැමට් සූදානම් වූවේ Nong තමාට කැමතිකර ගැනිමේ අරමුනෙනී.ඔවුන් මේ යන්නේ ඉතාමත් භයංකර ගමනක් බව ඔවුන් කිසිවෙක් නොදනී.




ඔවුන් තිදෙනා ඉන් පසුව එලබෙන්නේ මහා ඝණ වනාන්තරයකට මැදිව කිසිම මනුස්ස පුලුටක් නැති අත් හැර දැමු හා සමාන ඉතාමත් ඉපැරැණි"Thummanakanimit" යන පන්සලටයි. පන්සල ඇතුල් වන තැනම "Pee nak" නම් මලවුන් වෙනුවෙන් සැකසූ "spirit house,ghost house"නොහොත් "ආත්ම නිවාසයක්" වේ තායිලන්තයේ ඕනැම මළගිය අයකු සිහි කිරීම පිණිස ඔහුගේ අවශේෂ වස්තුන් තැම්පත් කර සකසන ලද කුඩා නිවාසයන් ඇත. එය හුදෙක් අපගේ නිවාස වල දෙවියන් උදෙසා තබන පහන් කුටි හා සමානය. ඔවුන් මරණින් පසු ඔවුන් සුජීවත්ව සිටින අයවලුන් සදහා උදව් උපකාරිකරන බව සිතයි. එලෙස "pee nak"කියන්නේද එලෙස මරණයට පත් වූ අයකී."Pee nak"ද මියයාමට පෙර මනුශස්‍යකී ඔහු යම්තාක් අකුසල කටයුතු කර ඇත. එහෙත් මවගේ කැමැත්‍ත මත "pee nak"මහන වීමට කැමති වන අතර ඔහු මහන වීම පිණ්ක්ස තම සහෘදයින්ගේ කර පිටින් මහත් පෙලසරින් "Thummanakanimit"විහාරය වෙත රැගෙන එයි. ඔහු එම විහාරයේ මුල් දොරින් ඇතුල් වීමට පෙරම මහා සුලගක් ඇවිද එම දොරේ උඩ සකසා තිබූ ධර්මචක්‍රයට අකුණක් ගසයි එම. අකුණු සරින් කුඩුවූ ධර්ම චක්‍රයේ කොටසක් "pee nak"ගේ හිසමතට වැඩු ඔහු එම ස්තානයේදීම මියයයි.එය දැක ඔහුගේ මවටද පිස්සූ හැදෙන අතර එතැන් දා පටන් මෙම විහාරයට කිසිදු ලෙසක මහන වන අයකුට එමට ඉඩ හසරක් නොමැති වේ.නමුත් එම විහාරයේමහන වී පැමිනි අයට "pee nak" ගෙන් කරදරයක් නොමැත. මේ වන විටත් එම විහාරයේ වයෝවෘද්ධ ස්වාමීන්වහන්සේ නමක් සහා කුඩා සාමනේර හිමි නමක්ද වාසය කරන අතර ඔවුන්ටද "pee nak"ගෙන් කරදරයක් නැතුවාමද නොවේ.


nong මෙම පන්සලට එන විටද මහන වීමට පැමිනි එක් තරුණයකූ "pee nak"ගේ ආත්මයට හසුවී මියගොස් ඇත. මේ කිසිවක් නොදන්නා Nong, Baloon සහා First කෙසේ හෝ අවසානයේ එම විහාරයේම මහන කම් පිරීමට හැකිවේ.

මෙලෙස විහාරයට ඇතුල්වූ nong, ballon සහා firstට කුමන ආකාරයේ අත් දැකීමක් විදිමට සිද්ධ වේද? ඔවුන්"pee nak"ගෙන් බේරී මහනදම් ලබා ගන්නේ කෙසේද?

"pee nak"ගේ වෛරය කුමක්ද? එය කෙසේ සංසිදේද? රෝහලේදී nong හට දුන් pendant එකත් එම හිමියනුත් "pee nak" අතර ඇති සම්බන්ද කම කුමක්ද? "Pee nak" ආත්මීය නිදහසක් ලැබුනාද?

යන්න මෙම කතාව නැරඹීම තුලින්ම දැනගැනීමට හැක.

අතිශය ත්‍රාසය භීතිය සහා එය පරයා යන විකටත්වය සමග අතිශය රසවින්දනය කල හැකි සිනමාපටයක් මෙන්ම සමාජයෙන් කොන් වූ අසම්මත ලිංගවාදය කෙරේ ඇති වෛරීය අදහස් මෛත්‍රියට හැරවිය හැකි තරමේ යම් වටිනාකමක් ඇති සිනමා පටයක් ලෙස."pee nak" "පීනක්ගේ ශාපය" නම් මෙම Thai සිනමාපටයක් ලෙස පෙන්වා දිය හැක.





Post a Comment

0 Comments