TRUTH OR DARE කෙටි සිනමාපටය "ABPFF" සහ "OCAYFF" සිනමා උලෙළ් සඳහා තේරී පත්ව තිබේ.


ආශිංසනී පතිරණ විසින් තිර රචනය කොට අධ්‍යක්ෂනය කරන ලද "TRUTH OR DARE" කෙටි සිනමාපටය "Atlanta Black Pride Film Festival" සහ "Open Children And Youth Film Festival" සිනමා උලෙළ දෙක සඳහා තේරී පත්ව තිබේ. මෙය ඇයගේ කුළුදුල් සිනමාපටයද වෙයි.

"Atlanta Black Pride" සිනමා උළෙල අවුරුදු 10ක් පුරා මේ වන විටත් "Georgia" හී "Atlanta" නගරයේ දී පැවැත්වෙන අතරම මෙම වසරේ සිනමා උළෙල Online සිනමා උළෙලක් ලෙසින් පවත්වනු ලබන්නේ Covid 19 හේතුවෙන් ය.

"TRUTH OR DARE" කෙටි සිනමාපටය 2021 සැප්තැම්බර් 3 සිට 4 වනදා දක්වා පැවැත්වෙන "Atlanta Black Pride" සිනමා උළෙලේ විශේෂ කෙටි සිනමාපටයක් ලෙසට තෝරා පත් කොට තිබිම විශේෂයි. "Open children and youth' සිනමා උළෙල වසර 8ක් පුරා පැවැත්වෙන අතරම "TRUTH OR DARE" කෙටි සිනමාපටය "Youth category" ඛාණ්ඩය ට එකතු වෙමින් සිනමාපටය අවසන් තරඟය දක්වාම තරඟ වැදීමට නියමිතයි.මෙවර "Open children and youth" සිනමා උළෙල 2021 ඔක්තෝබර් 4 සිට 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

"TRUTH OR DARE" සිනමාපටය එක්තරා පුද්ගලයෙකුගේ මනස තුළ ගමන් කරන්නාවූ සිතුවිලි අතර දෝලනය වෙමින් ප්‍රේක්ශකයාට වෙනම අත්දැකීමක් ලබා දෙන කෙටි සිනමාපටයකි. මෙය මිනිත්තු 9කට ආසන්නව නිර්මාණය වූ කෙටි සිනමාපටයකි.

බොහෝ සිනමාපට හෝ කෙටි සිනමාපට තරුණ අධ්‍යක්ෂකවරුන් හරහා බිහි වෙද්දී ආශිංසනී පතිරණ වැනි තරුණ අධ්‍යක්ෂිකාවක් අතින් කෙටි සිනමාපටයක් නිර්මාණය වීම ද අපේ ලාංකීය සිනමාවට කාන්තා අධ්‍යක්ෂිකාවන්ගේ හිඟය මකා දමමින් තව තවත් නිර්මාණ බිහි කරන්නට ශක්තිය ලැබෙන්නට ඇයට සුභ ප්‍රාර්ථනා එකතු කරන්නෙමූ.

මේ සිනමාපටය නැරඹීමට පහත ලින්ක් එක හරහා එකතු විය හැක.👇




Giza Bee

Post a Comment

1 Comments

  1. බොහෝම ස්තූතියි ❤️

    ReplyDelete