YCF වෙතින්, 'ළමා ලොවෙන් කලා ලොවට' මාර්ගගත රසාස්වාදන වැඩසටහන

Art Street


YCF වෙතින්, 'ළමා ලොවෙන් කලා ලොවට' මාර්ගගත රසාස්වාදන වැඩසටහන හෙට ......... !

ජගත් ළමා දින සැමරුම වෙනුවෙන් හෙට දින එනම් ඔක්තෝබර් 01 වැනිදා උදෑසන 10 ට සිට පුරා දෙහෝරාවක් මාර්ගගතව රසවින්දන සංවාදයක් පැවැත්වීමට තරුණ කලාකරුවන්ගේ සංසදය මුලපුරා ඇති අතර එය ඔවුන් නම් කොට ඇත්තේ 'ළමා ලොවෙන් - කලා ලොවට' යන තේමාවෙනි.

ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම රංගාචාර්යවරයෙකු ද වන පුබුදු ගමගේ මහතාගේ මුඛ්‍ය දේශනයකින් හැඩගැන්වෙන මෙම මාර්ගගත වැඩසටහනේ තවත් දෙසුමක්, යොවුන් සිනමා කලා විචාරක අකාශ් තාරුක පෙරේරා විසින් සිදු කිරීමට නියමිත ය.

නව පරපුරේ ජනප්‍රිය නිවේදක දෙපළක් වන තේෂාන් වීරරත්න සහ කවී වික්‍රමසිංහ විසින් මෙහෙයවන මෙම වැඩසටහන සඳහා ළමා ලොව සිත් දිනාගත් සම්මානනීය ළමා තරු වන සචින් චතුරංග මෙන්ඩිස්, තිශාක්‍ය සංකලන කුමාරණතුංග, දෙනෙත් ආකර්ෂ, ප්‍රවීන් කටුකිතුලේ, හිමාෂ මනුප්‍රිය, ඊසර භාෂිත, අමිරු කෝරලගේ, ඉෂිනි තමෝද්‍යා සහ අගසි දෙව්නි සහභාගී වීමට නියමිත ය.

රසමුසු කතාබහින්, ගීතයන්ගෙන් මෙන්ම ඉලක්කගත අනාගතවාදී කතාබහකින් අරුත් ගැන්වෙන මෙම සුබවාදී දෙහෝරාවට තරුණ කලාකරුවන්ගේ සංසදයේ නිල Facebook ගිණුම වන 'Youth Celebrity Forum' පිටුව හරහා ද සජීවීව එක්විය හැකිය.

ඊට අමතරව ජයග්‍රාහී මුල් සිය දෙනෙක් හට පහත සඳහන් Zoom ප්‍රවේශය ඔස්සේ ද මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට ඔවුහු ඉඩහසර වෙන්කොට ඇත.

ZOOM LINK




Post a Comment

0 Comments