_ෂර්ලි සමරසිංහ_
ගීතය විලාසිතාවක් කළ
Yellow Beatz
රිද්මයානුකූල ගායනයත් එක්ක ගීතය විලාසිතාවක් බවට පත් කරගත් යෞවනියන් හතර දෙනෙක් එකතුවෙන Yellow Beatz මනරම් ගී රිද්මයක් කරළියට මුසු කරන්න සමත් වෙලා.
සමාජ මාධ්‍ය ඔස්සේ මෙි ආකර්ෂණීය ගීත නිරන්තරයෙන්ම රැගෙන එන Yellow Beatz දවසෙන් දවස ජනප්‍රියත්වය වගේම නිර්මාණ පැත්තෙනුත් ඉහළ තැනකට ගමන් කරන බව පෙනෙනවා.
| ඡායාරූප ෆේස්බුක් ගිණුමෙන් |
කණ්ඩායම් සංගීතය ගැන කතා බහ කරද්දී Three Sisters කණ්ඩායම අපට අමතක කරන්න බැහැ.
ඒ අතරින් ඉන්ද්‍රානි පෙරේරා ගායන ශිල්පිනිය අපේ රටේ සංගීත භාවිතාවෙි පුරාවෘත්තයක්. (legend) වින්දනාත්මක ගී ඉසව්වක් ස්පර්ශ කරන මේ යෞවනියන් හතර දෙනා ලංකාවේ අමරණීය ගී රසවත්ව ඉදිරිපත් කිරීම අලුත් අත්දැකීමක්.
අපි බොහෝ දෙනෙක් කැමතියි නිදහසේ ගීතයක් ගායනා කරන්න.
නර්තනයක යෙදෙන්න
මේ ගායනා තුළ ඒ නිදහස්කාමී බව අපට දැනෙනවා.
ප්‍රවීණ ගායන ශිල්පීන් අපේ රටේ ගායනා කරපු ඉතාමත් වින්දනාත්මක ගායනයන් වගේම විදෙස් රටවල ගීත පවා ඔවුන් ගායනා කරන්නේ අසන්නා ප්‍රබෝධවත් කරමින්.
Yellow Beatz කණ්ඩායම ගීතය තුළට සජීවි බවක් ගෙනෙන්නට විවිධ තානයන් ඒ ගීතයට එකතු කරනවා. වචන වලට එහා ගිය විවිධ හඬ උපයෝගී කරගනිමින් ඒ ගීතයත් එක්ක ජීවමාන වෙන්න ඔවුන් දරන උත්සාහය විශේෂයි.
| ඡායාරූප ෆේස්බුක් ගිණුමෙන් |
ඒ අද්දැකිම් අපේ හදවතට රඳවා ගන්න තරම් සියුම් හර්දයාංගම බවක් එකතු කරන්නට ඔවුන් සමත් වෙලා. ගීතයක් රස විදින්න රිද්මය මොන තරම් බලපානවද කියල Yellow Beatz අපිට අද දවසේ මතක් කරලා දෙනවා.
ඔවුන්ගේ ගීත You Tube තුළ රස විදින්න.
Yellow Beatz You Tube Channel
| ඡායාරූප ෆේස්බුක් ගිණුමෙන් |
0 Comments