නිරූපණ ක්ෂේත්‍රයේ ලිංගික අල්ලස් ගැනීම, දීම දෙකම වැරද්දක්.

art street



අසංක ප්‍රනාන්දුපුල්ලේ සමඟ

Art Street - කලා වීදිය

අපි


art street
ඡායාරූප මුහුණපොතෙන්


Question
ඔබ ගැන කෙටියෙන් පැවසුවොත් ?

Answer
මගේ නම අසංක ප්‍රනාන්දුපුල්ලේ. මගේ ගම දංකොටුව. මම මේ වෙනකොට මගේම කියලා රූපලාවණ්‍ය ආයතනයක් පවත්වාගෙන යනවා. ඒ වගේම මම දැන් වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක්. ඊට අමතරම මම කලින් විදිහටම නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයතු වලට දායකවෙමින් ඉන්නවා.




Question
ඔබ නිරුපන ක්ෂේස්ත්රයට පැමිණ කොපමණ කාලයක්ද සහ ඒ පැමිණි ගමන් මග ගැන කිව්වොත්?

Answer
මම නිරූපණ ක්ෂේත්‍රයට පැමිණෙන්නේ 2013 වසරේදීයි. මේ වන විට මේ ක්ෂේත්‍රයේ අවුරුදු 9 ගතවෙලා තියෙනවා. ඉතින් ලොකු සතුටක් දැනෙනවා මේ ආ ගමන් මග ගැන. එදා මම නිරූපණ ශිල්පියෙක් විදියට නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ අද වන විට ඒ තුළින් ලබා ගත් දැනුම සහ ආභාෂය සමඟ රූපලාවන්‍ය ශිල්පියෙක් ලෙස කටයුතු කරන්න හැකිවෙලා තියෙනවා.




Question
නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ එක්තරා කලාවක්. අලුතෙන් මේ ක්ෂේත්‍රයට පැමිණෙන අයට මොන වගේ දෙයක්ද ඔබට කියන්න තියෙන්නේ.

Answer
නිරූපණ ක්ෂේත්‍රයට එන එක ලේසී කටයුත්තක් නෙවෙයි. ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සියෙන් හදාරමින් කාලය වැයකරමින් උගත ගත යුතු දෙයක්. අපි ඉගෙන ගත් දවස් වල ලොකු තරගකාරී මට්ටමක් පැවතුනා. ඒ වගේම හොද දක්ශතා තියෙන ගොඩාක් පිරිස් ඒ අතර හිටියා. මම පුරුදු පුහුණු වීම් කළේ කොළඹ. සමහර වෙලාවට උදේ ඉදලා රෑ වෙනකල් ඒ වෙනුවෙන් කැපවෙන්න සිදුඋනා. ඉතින් ඒ සේරම ඉවර වෙලා රාත්‍රියේ ගෙදර එන්න බස් එකක් පවා නොමැතිව පැය ගනන් ඉදලා ගෙදර එන අවස්ථා තිබිලා තියෙනවා. අපි අලුත් නිසා ශෝ එකක් තියෙන්නෙ හවස 6ට නම් දවල් 2ට අපිව සූදානම් කරනවා. ඒ වගෙ ලොකූ කැපවීම් කරල තමයි අද මේ තැන ඉන්නේ. මම මේ හැමදේම කිව්වෙ බොහොම සරලවයි.




Question
සිනමාවට හෝ ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න කැමැත්තක් නැතිද?

Answer
සිනමාවට තමයි මම ගොඩාක්ම කැමති. ඒ වගේම යම්කිසි අර්ථවත් ලෙස සමාජයට වැදගත් පණිවිඩයක් දිය හැකි දෙයකට සම්බන්දවන්න ලොකු ආසාවක් තියෙනවා. ටෙලිනාටය දෙකකටම මට අවස්ථාව හිමිවුනත් මගෙ රැකියා සම්බන්ද ඉගෙනීමේ කටයුතු නිසා මට ඒ සදහා කාලය කළමනාකරණය කරගන්න නොහැකි වුනා. නමුත් අවස්ථාව ලැබුනු විට මියුසික් විඩියෝ වක කෙටිකාලිනව දායක උනා. ඉදිරියෙදී හොද නිර්මාණවලට ආරාධනාවක් ලැබුනොත් සම්බන්ද වෙනවා. දැන් මට කාලය හසුරුවා ගන්න පුලුවන්.




Question
අලුතෙන් ඔබ සම්බන්ධ ව සිටින කලා වැඩ කටයුතු මොනවාද?

Answer
රටේ පවතින තත්වය එක්ක ගොඩාක් දේවල් අපිට කරගන්න බැරි තත්වයක් අවා. නමුත් ඉදිරියෙදී අලුත් මියුසික් වීඩීයෝ කීපයකට ආරාධනා ලැබිලා තියෙනවා




Question
විදේශීය නිරූපණ කලාව ගත්තම ඒ නිරූපණ ශිල්පීන් ශිල්පිණියන්ට හොඳ සැළකීමක් පිළිගැනීමක් එම රටවල් වලින් ලැබෙනවා. නමුත් ලංකාවේ එහෙම දෙයක් දකින්නට නැහැ. ඒ ගැන ඔබේ අදහස?

Answer
මෙහෙමයි.. විදේශ රටවල්වල නිරූපණ කලාව මෙන්ම රංඟනයේ යෙදෙන නළු නිළියන්ට උනත් හොඳ පිළිගැනීමක් තියෙනවා. අසල්වැසි ඉන්දියාව ගත්තම උනත් ඒක එහෙමයි. ඒ ඒ රටවල නිරූපණ ශිල්පීන්ට හොද වටිනාකමක් සහ ඔවුන් වෙනුවෙන් හොඳ නිර්මාණ නිපදවෙනවා. ඒ තුළින් ඔවුන්ගේ දක්ශතා වලට ඉහළ ගෙවීම් පවා සිදුකරනවා. මම හිතන විදියට අපේ රටේ හොඳ නිරූපණ අවස්ථා සංවිධායනය කරන අය ඉන්නවා වගේම දක්ෂ නිර්මාණකරුවෝ අපේ ලංකාවේ ඉන්නවා. නමුත් ඒ නිර්මාණ සමාජයට මුදාහැරිමෙදී සිදුවන යම් දුර්වල තත්වයන් දැකගන්න ලැබී තිබෙනවා.

බලන්න, තවමත් අලුතින් ඇදුමක් නිර්මාණය කරල ඒක ටිකක් කොට උනත් ඒක හරි විශාල වරදක් විදියට දකින අය අපේ සමාජයේ ඉන්නවා. තව සමහර අය හිතන්නෙ නිරුපණය කරනවා කියන්නෙ වැරදි දෙයක් විදිහටයි. ඒ සඳහා එකතුව සිටින ඔහු හෝ ඇය සමජයේ නරක කෙනෙක් කියන මනසකින් තමයි බොහෝ විට ඔවුන් දෙස බලන්නේ. මේ හේතුන් නිසා අප රටේ මේ නිරූපණ ක්ශේත්‍රයට යම් බාදකයක් ඇති වෙනවා.




Question
ජයාරූප ශිල්පියෙකුට කියලා ජායාරූ කිහිපයක් අරගෙන Face Book වගේ සමාජ ජාලා වලට දමමින් තමන් නිරූපණ ශිල්පියෙක් එහෙමත් නැතිනම් තමන් Modeling කරන කෙනෙක් විදියට සමහර පිරිස් ප්‍රසිද්දියක් ලබා ගැනීමට උත්සහ කරනවා. ඔබ ක්‍ෂේත්‍රයේ සිටින කෙනෙක් ලෙස සැබෑ නිරූපණ ශිල්පියෙක් විදියට තිබිය යුතු සුදුසුකම් මොනවාද?

Answer
ඔව් ඇත්තටම. නිරූපණය සදහා යොමුවීමේදී ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුයී. අපිට වැඩ කරන්න ලැබෙන්නේ විශාල පිරිසක් එක්ක. ඒ වගේම විවිධ අදහස් ඔවුන් තුළ තියෙනවා. ඔවුන් විසින් නිර්මාණය කරන ලද නිර්මාණය එළිදැක්වීම සදහා ඔවුන් යොදාගන්නා ඩමියක් තමයි නිරුපිකාවක් හෝ නිරූපණ ශිල්පියෙක් කියන්නෙ. තමුන්ගෙ ශරීරයේ හැඩය වගේම ඉගෙන ගත යුතු බොහෝ දේ තියෙනවා. කිසි දිනෙක චායාරූප කීපයක් තමන්ගේ ෆේස්බුක් පිටුවේ පල කලාට එය පිළිගත හැකි වෙන්නේ නැහැ. පොටෝ ෂූට් කිරිමට අමතරම ස්ටේජ් එකක රෑම්ප් මොඩෙල් කිරීම අනිවාර්ය යෙන් කර තිබිම මොඩෙල් කෙනෙකුට ඉතා වැදගත් වෙනවා. පැජෙන්ට් වලට සම්බන්ද නොවුනත් මම කිව්ව ඒ අත්දැකීම ලැබිය යුතුවෙනවා. ජයා රූපවල වලට පෙනී සිටිම සරල වුවත් සජීවී ලෙස නිරුපණයේ යෙදීමට බොහෝ ඉගෙනීම් කලයුතු වෙනවා.




Question
නිරූපණ ක්ෂේත්‍රයේ හෝ රංඟන ක්ෂේත්‍රයේ තැනකට පැමිණෙන්න නම් ලිංගික අල්ලස් වැනි දේ ලබා දිය යුතු බවට රාවයක් තියෙනවා. ඒ ගැනත් සඳහන් කරන්න කැමතිද?

Answer
ඔය කියන විදියේ අල්ලස් හෝ ලිංගික අරමුණු ඉටුකරන්න ඕනේ කියන එකේදි කතාවක් තියෙනවා, අල්ලස් දීමත් ගැනීමත් වරදක්ය කියලා. සමාජයේ බහුතරයක් ඉන්නවා හොදින් වැඩකරගෙන ඉන්න අය. ඒ අය බිහි වෙන්නෙ හොඳට නිරුපණ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගැනීමෙන් පසුවයි. මම හිතන්නෙ, අපි හරියට අවබෝධයක් ඇතිව ගමනයක් යනවා නම් එවැනි දේවල් වලට මුහුණ පාන්න සිද්ද වෙන්නේ නැහැ.

ඔය කියන ලිංගික දේවල් සමහර අතලොස්සකට වෙලා තියෙන්න පුළුවන්. නමුත් අකමැත්තෙන් කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. එක්කෙනෙක් දෙදෙනෙකු එවැනි දේවල් කරලා අහුඋන නිසා මේ ක්ෂේත්‍රවල හැමෝම එහෙමයි කියලා ඒ ගොඩට දාන්න බැහැ. ඒ වගේම තමයි ඕනෑම ක්ෂේත්‍රයක තරඟකාරිත්වයක් තියෙනවා වගේම කෙනෙක්ව පසුකරගෙන ඉහළට යාමට ඇති ආශාව සහ තණ්හාව කියන දේ හිතට ඇතුළුවෙන්න පුළුවන්. ඔන්න ඔයවගේ අවස්ථාවක සමහර අය ඉදිරියට යාම ගැන පමණක් සිතමින් යම් යම් දේවල් ඔවුන් විසින්ම සිය කැමැත්තෙන් සිදුකරගන්න ඒවා වෙන්න පුළුවන්. එයින් පසු ඔවුන් විසින්ම ඔවුන්ගේ ප්‍රසිද්ධිය මේ හරහා නෙගටිව් මාර්කටිං කරගෙන ප්‍රසිද්ධියක් ලබාගන්න හදනවා. එකයි මම මුලදීම කිව්වේ අල්ලස් දීමත් අල්ලස් ගැනීමත් වැරද්දක් කියලා.

ඒකනිසා අපි හොද අවබොදයකින් සිටිමින් අපි ක්ශේත්‍ර්‍ ඉන්න්වනම් ඉතා හොදින් අපෙ ගමන සාර්තක කරගන්න පුලුවන්




Question
නිරූපණ ක්ෂේත්‍රයට එන්න හැදෑරීමක් අවශ්‍යමද?

Answer
අනිවාර්යයෙන් නිවැරදි ගමනක් යන්න නම් නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පීනියක් හට යම් ඉගෙන ගැනීමක් තිබීම අත්‍යවශ්‍යයි. අනික ක්ෂේත්‍රයට පැමිණුනත් එහි කල් පවත්වා ගෙන රැඳී සිටීම තම වාසනාව සහ උගත් දේ පුහුණුව සමඟ අනෙකා වෙනුවෙන් තිබෙන ගෞරවය ඉතාමත් වැදගත් වෙනවා.




Question
මේ දවස් වල Covid 19 එක්ක ගෙවන ජීවිතය කොයි වගේද? ඔයාගේ ආදරණිය අය වෙනුවෙන් ඔයාට ලබා දෙන්න තියන පණිවිඩය මොනවගේද?

Answer
මේ පවතින වසංගතය ඉක්මනින් දුරුවී සියලුදෙනා නැවතත් පෙර ලෙසම ජීවිතය සතුටින් ගතකරන්න ලැබේවා කියල පතනවා. මේ දවස්වල නිවසටම වී ඉන්නවා. ඉදිරියෙදී ඉතා වටිනා සමාජ සත්කාර කීපයකටම යොමුවෙන්න බලාපොරොතුවෙනවා සහ මගෙ විදේශීයව ඉගෙන ගන්නා (රුපලාවන්‍ය) කටයුතු ඉවරකරන්නත් මගේ රුපලාවන්‍යා ගාරයේ වැඩත් තව පුලුල් කරගන්නත් බලාපොරොත්තු වෙනවා. මට ආදරය කරපු සමජ ජලා මගින් මාව වචනෙකින් හරි ශක්තිමත් කරපු සියලු දෙනාටම මේ මොහොතේ ස්තූතිය පුද කර සිටිනවා.

Q & A සමඟ අපිත් එක්ක එකතු වූ අසංක ප්‍රනාන්දුපුල්ලේ, ඔබට ස්තුතිය පුදකරන ගමන්ම ඔබගේ ඉදිරි කලා ගමනට Art Street - කලා වීදිය අපි සුභ පැතුම් ගෙන එනවා.


_Giza Bee_

art street
ඡායාරූප මුහුණපොතෙන්

art street
ඡායාරූප මුහුණපොතෙන්

art street
ඡායාරූප මුහුණපොතෙන්


Post a Comment

0 Comments