"Coming Soon"
යුක්තියක් සොයා පැමිණි සිනමාපටය
බොහොමයක් සිනමා ප්‍රේක්ෂකයන් කැමති ශාණරයක් තමයි HORROR කියන්නේ. ඉතින් නුදුරේදීම ආරම්භ කරන්නාවූ මළවුන්ගේ මාසය හා සමගාමිව Art Street- කලා වීදියේ අපි, අපේ ආදරණීය සාමාජිකයන් වෙනුවෙන් HORROR සිනමාපටපෙළක්ම රැගෙන එන්න තීරණය කළා.
හොලිවූඩ්, බොලිවුඩ්, කොලිවුඩ්, තෙලිඟු, මලයාලම්, ජපන්, චයිනිස්, තායි, කොරියන් වගේම තවත් ලෝකේ බිහිවූ ප්‍රසිද්ධ HORROR සිනමාපට මේ හරහා ඔයාලාට සමීප කරනවා වගේම සිනමාපටය බලලා නැතිනම් එහි ටොරන්ට් ලින්ක් එක අවශ්‍ය අයට ලබා දෙන්නත් මේ හරහා අපි කටයුතු කරනවා.
..........Coming Soon.........
2008 වසරේ දී ප්‍රදර්ශනය වූ Coming Soon සිනමාපටය අධ්‍යක්ෂණය Sophon Sakdapisit විසින් සිදුකර තිබේ. සිනමාපටයේ රංගනයෙන් තායිලන්තයේ කඩවසම් නළු නිළි යුවළක් වන Vorakan Rojchanawat, Sakulrath Thomas රංගනයෙන් දායක ලබා දී තිබෙනවා. සිනමාපටය විනාඩි 80 ක කාලයක් ධාවනය වන අතර මෙහි Box-office ආධායම $3,716,394 කි.මෙම සිනමාපටයේ කතාව ලියා තිබෙන්නේ Sophon Sakdapisit විසින්. Shutter (2004) සහ Alone (2007) වැනි ප්‍රේක්ෂකයන් අතර වඩ වඩාත් කතා බහට ලක්වූ සිනමාපට දිත්වයේ රචකයා වන්නේද ඔහුයි. එම නිසා මේ සිනමාපටයත් ප්‍රථමව කියූ සිනමාපට දිත්වයේ මෙන්ම වෙනස්ම වූ කතාවක් ඇතුලත් වූ Horror සිනමා අත්දැකීමක් ලැබිය හැකි හොඳ සිනමාපටයක් ලෙස හඳුන්වා දිය හැක.
සිනමාපටය පුරා ලබා දී තිබෙන පසුබිම් සංගීතය සහ කැමරාකරණය මොහොතින් මොහොත ප්‍රේක්ෂකයන්ව සිනමාපටය තුළ ගිල්ලවා ගන්නා අතර Coming Soon සිනමාපටය ඔබ තනිවම නරඹනවා නම් Head Set එකක් භාවිතා කරමින් රාත්‍රී කාලයේ නරඹන්න කියා ඉල්ලා සිටිනවා. ඔබට වෙනස්ම අත්දැකීමක් මේ තුළින් ලබා ගන්න හැකියාවක් ලැබේවී.
Coming Soon සිනමාපටයේ කතා සාරාංශය
සිනමාපටයක් සිනමා ශාලාවක ප්‍රදර්ශනය කරන්න කලින් ඒ ෆිල්ම් එකේ cam කොපි එකක් එළියට එන එක ගොඩක් ප්‍රසිද්ධ කරුණක්. එය එක්තරා මාෆියාවක්.ඒක ගොඩක් කල් ඉදලා සිදුවෙන දෙයක්.ඒවාට අපි පයිරට්ස් ෆිල්ම් කියලා තමයි කියන්නේ. මේ සිනමාපටයට සඳහා පාදක කරගෙන තියෙන්නෙත් එවැනිම වූ කතාවක්.
තායිලන්තයේ තියන එක්තරා සිනමශාලාවක ඉන්න දෙන්නෙක් එකතු වෙලා මේ විදියට සිනමාපටය ප්‍රදර්ශනයට දින කිහිපයකට උඩදී එහි කැමරා කොපි එකක් හොරෙන් එළියට දාන්න ලැහැස්ති වෙනවා. නිකම්ම නෙමෙයි. සල්ලි වලට. ෂේන් කියන්නේ සල්ලි තියන කොල්ලෙක් නෙමෙයි. ෂේන්ට කෙල්ලෙකුත් ඉන්නවා. එයත් වැඩ කරන්නේ මේ සිනමා ශාලාවේමයි. සල්ලි නැති නිසාම තමයි ෂේන් මේ දේට කැමති වෙන්නේ. මෙයාලා එකතු වෙලා කාටත් රහසේ නිකුත් කරන්න හදන්නේ නුදුරේදී ප්‍රදර්ශනයට සැරසෙන Horror වර්ගයේ සිනමාපටයක් කැමරා ගත කරන්නයි.
ෂේනුයි එයාගේ යලුවෙකුයි එදා රෑ එකතු වෙලා Horror ෆිල්ම් එක එළියට පන්නන්නයි හදන්නේ. ඉතින් කොහොම හරි දෙන්නා එක්ක එකතු වෙලා සිනමාශාලාවේ හරිබරි හැංගිලා ෆිල්ම් එක ස්ක්‍රීන් එකේ play කරනවා. ෂේන් ඉන්නේ ප්‍රෝජෙච්ක්ටර් කාමරේ. යාළුවා කැමරාවත් අටවාගෙන සිනමා ශාලාවේ ඉදගෙන ෆිල්ම් එක බලනවා. ටික වෙලාවකින් ෂේන් ට නොදැනිම නින්දයනවා. නින්ද ගිහින් නැගිටලා බලද්දී එළි වෙලා. සමහර නඩත්තු සේවකයෝයි සිනමාශාලාව පිරිසිදු කරන්නොයි ඔක්කොම ඇවිල්ලා. ෂේන් බයවෙලා වගේ යනවා සිනමාශාලාව ඇතුළට. මොකද මේ හොරකම අහු උනොත් ඉඳලා හමාරයි. පොලිස් කුඩුවේ තමා නතර වෙන්න වෙන්නේ. එත් සිනමාශාලාවේ එයාගේ යාළුවා පෙන්න නැහැ. එත් එයා හිටිය තැන කැමරාව බිම වැටිලා ෂේන්ට හම්බවෙනවා.
යාළුවාට එතකොට මොකද උනේ?
එයා කළින් නැගිටලා ගිහින් ද?
ෂේන් කැමරාවේ රූගත වූ ඒවා හෙමින් බලන්න පටන් ගන්නවා. සිනමාපටය මුල්කොටස හොඳින් පටිගත වෙලා තිබුනත් හදිස්සියේම වගේ කැමරාව බිමට වැටෙනවා වගේම තිරයෙන් මිදී ඒ වෙනුවට තම මිතුරාව කැමරාවේ රූගත වෙලා තියෙනවා ෂේන් දකිනවා. ඒ එක්කම යහළුවා බය වෙලා පස්සෙන් පස්සට බිම දිගේ යනවා ඔහු දකිනවා. ඇත්තෙන්ම මොකක් වෙන්න ඇතිද? ඒ මොහොතේ ෂේන් ට ඒ දෙයින් තිගැස්මක් වගේම බයක් සහ කෘතුහලයක් සිතට එනවා.
ෂේන් රාජකාරි ඉවර වෙලා එයාගේ යාළුවා නැවතිලා ඉන්න කාමරේටත් යනවා. එත් එයා එකේ පෙන්න නැහැ. නමුත් එයාගේ කාමරේ අමුතු මඩ සහිත පාද සලකුණු දකිනවා. ෂේන්ගේ හිතට ටිකක් බය හිතෙන්නේ යාළුවාට අනතුරක් වෙලා ඇති කියලා. එදා රාත්‍රියේදී ෂේන් ලඟට සිනමාපටය ගන්න ඔවුන්ට සල්ලි දීපු අය එනවා. එත් ෂේන් ට එදා ඒක දෙන්න වෙන්නේ නෑ. මොකද මුළු සිනමාපටයම එදා රාත්‍රියේදී පටිගත වෙලා තිබුනේ නැති නිසා. කොහොම හරි එයාලගෙන් එදා දවස විතරක් ෂේන් අමාරුවෙන් ඉල්ලා ගන්නවා. අයෙත් ෂේන් සිනමාහලට යන්නේ රාත්‍රියේදී හොරෙන් සිනමාපටය කුඩා කැමරාවෙන් පටිගත කරගන්නයි.
පෙරදා වගේම ෂේන් තනිවම සිනමාපටය play කරනවා. නමුත් ෂේන් එදා රාත්‍රියේදී සිනමාශාලාවේදී ලොකු අකරතැබ්බයකට ලක් වෙනවා. එක එක අමුතු ශබ්ධ එක්ක ෂේන් වෙනම ලෝකෙක හිරවෙනවා වගේ දැනෙන්න ගන්නවා. ඇත්තෙන්ම සිනමාශාලාව තුළ එදා රාත්‍රියේදී ෂේන් හොල්මනක් දකිනවා. නිකම්ම හොල්මනක් නෙමේ. සිනමාපටයේ සිටින හොල්මනම පණ පිටින් ඔහු ඉදිරියේ ඉන්නවා. එහෙම දෙයක් වෙන්න පුලුවන්ද? සිනමාපටයේ රඟපාන හොල්මන් චරිතය කොහොමද සැබවින්ම තමන්ගේ ජිවිතයට හොල්මන් කරන්නේ. ෂේන් වැළලී ගිය කතාවක් හොයන්න පටන් ගන්නේ එතන ඉදලා.
මෙවැනි කතාවකින් ආරම්භ වන Coming Soon සිනමාපටය නරඹන්නන්ට වෙනස්ම වූ Horror . Thriller අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙන සිනමාපටයකි. මෙහි කතාව මෙලෙස සාරාංශ ගත කලේ සිනමාපටයේ කතාව Spoil නොවිය යුතු නිසායි. නිවාඩු වෙලාවක නිදහසේ Coming Soon සිනමාපටය නරඹා ඒ ගැන ඔබේ අදහසුත් අපි එක්ක බෙදාගන්න. සිනමාපටය ගැන ඔයාගේ යාළුවන්ට කියන්න.
අපේ Art Street Blog එකට වගේම අපේ Facebook සමුහයටත් එකතු වෙන්න ඔයාලට ආරාධනා කරනවා. තවත් මෙවැනිම Horror සිනමාපටයක් සමඟ හමුවෙන්නම්.
0 Comments