ලක් මවගේ නාමය ලොවට ගෙන යන තරුණ අධ්‍යක්ෂවරයා ලක්පති සහ "Free by Noon"

Free by Noon

_Giza Bee_

ලක් මවගේ නාමය ලොවට ගෙන යන තරුණ අධ්‍යක්ෂවරයා ලක්පති.


ලාංකේය සිනමාව ජාත්‍යන්තර සිනමාව හා තරඟ වැදී බොහෝ ජයග්‍රහණය අත්පත් කරගත් බව නොරහසකි. එමෙන්ම ලාංකේය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් හොලිවුඩයට පා තැබීමද ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. මෙරට සිටින අධ්‍යක්ෂවරයන්ගේ ද සිහිනය එයමය. අද තරුණ අධ්‍යක්ෂක්වරුන් බොහෝමයක් මෙරට බිහී වෙද්දී තවත් දක්ෂ ලාබාල අධ්‍යක්ෂවරයෙක් හොලිවුඩයට පය තබන්නේ ඔහුගේ සිහින සිනමාපටයත් සමඟයි. ශ්‍රී ලාංකීය නාමය නැවත වරක් ලොව පුරා බබළවන්නට ඔහු සමත්කම් කියන්නේ මාතෘ භූමියට කීර්තියක් එක් කරමිනි.

ලක්පති විජේසේකර නම් වූ මෙම තරුණයා කොළඹ රාජකීය විදුහලේ ඉගෙනුම ලැබූ ආදී සිසුවෙකු වන අතර ඔහු විසින් අධ්‍යක්ෂනය කරන ලද නවතම සිනමාපටය "Free by Noon" වශයෙන් නම් කොට තිබේ. අධ්‍යක්ෂවරයෙක් වීමට ප්‍රථම පාසල් අවදියේ සිටම කලා කටයුතු වලට සම්බන්ධව එකතුව සිටි ඔහු ස්වාධීන රූපවාහිනීයේ විකාශය වූ සෙල්ලම් ගෙදර ටෙලි නාට්‍ය මාලාව සඳහාද දායකත්වය ලබා දී තිබෙයි.

Free by Noon


ලක්පති මුල් වරට සිනමාපටයක් නිර්මාණය කරනුයේ "Behind the Scenes" නමිනි.පසු කාලයේ ඇමරිකාව වෙත යන ලක්පති එහි දී සිනමාව ගැන ඉගෙනුම ලැබීම උදෙසා "El Camino පාසල හා එකතු වෙන්නේ ඔහුගේ සිනමා දැනුම තව තවත් පෝෂනය කර ගැනීමේ අදහසෙනුයි. Locked, Hello, Another day වැනි කෙටි සිනමාපට කිහිපයක්ම අධ්‍යක්ෂනය කල ඔහු හොලිවුඩය වෙනුවෙන් සිනමාපටයක් නිර්මාණය කරන්නේ හාස්‍යමය සිනමාපටයක් ලෙසයි.එය Dark Comedy වර්ගයට අයත් සිනමාපටයක් ලෙස වර්ගීකරණය වෙයි.

විවහපත් වූ පුරුෂයෙක් සහ ඔහුගේ බිරිඳ පවුල් සංස්ථාව වටා ගෙතී යන කතාවකින් සමන්විත වන මෙය හුදෙක් සිත තුළ පවතින සිතුම් පැතුම් සඟවා ගෙන රහසක්ව තියා ගැනීම ගැන දැක්වෙන කතා පුවතකි.

Free by Noon


ඔක්තෝම්බර් 15 වන දින ලොස් ඇන්ජලීස් හී ප්‍රදර්ශනය අරඹමින් තව තවත් ප්‍රදර්ශන වාර සහිතව Free by Noon සිනමාපටය ඇමරිකාවේ තවත් සිනමාශාලාවල ප්‍රදර්ශනය වීමට නියමිතයි.

මෙම සිනමාපටයේ රංගනයෙන් John Eisen, Raechel Wong, Justine Herron, Melissa Howell, Addison Ohrmund, Bodie Ohrmund, Justin Olivera, Eddy Lee, Stevie Vallejo, Brandon Mitchell, Ria Patel, Cougar MacDowall, Chok Suwanavisootr, Jordan Anthony සහ Kenneth Ross දායකත්වය ලබා දෙයි.


Free by Noon

සිනමාපටයේ සංස්කරණය සඳහා ලහිරු මධුශංක එකතු වී ඇති අතර දෙවන සහය අධ්‍යක්ෂනය Nakorn Chaisri විසිනි. සිනමාපටයේ නිෂ්පාදනය සඳහා විදර්ශී වගාආරච්චී සහ Molvatu Sae-Ue සම්බන්ධවී තිබේ. විධායක නිෂ්පාදනය සඳහා ලාල් තිලකරත්න දායකත්වය ලබා දී ඇත.

අද දිනයේ තම හොලිවුඩ් සිනමා සිහිනය රිදී තිරය මත දිග හැරූ ලක්පතී විජේසේකරට Art Street කලා වීදීයේ සුභ පැතුම් එක් කරන අතර තව තවත් නිර්මාණයන් බිහි කරන්නට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමූ.

Free by Noon













Post a Comment

0 Comments