_Giza Bee_
ලෝක සිනමාව ගත්තම යහළුකම් ගැන ඕනෑම තරම් සිනමාපට බිහිවෙලා තියෙනවා. මෑතකදී නිකුත් වුන දකුණු ඉන්දියානු සිනමාපටයක් වන Friendship හරහාද කතා කරන්නේ මේ මිත්‍රත්වය ගැනයි. 2018 වසරේ නිර්මාණය වූ මලයාලම් සිනමාපටයක් වන Queen සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙසින් John Paul Raj සමඟ Sham Surya විසින් Friendship අධ්‍යක්ෂණය කරනු ලබනවා. මෙම සිනමාපටයේ ප්‍රධානම කරුණ නම් ඉන්දියානු ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු වන Harbhajan Singh විසින් මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය සඳහා දායකත්වය දෙන අතරම ලාංකීය නිවේදිකාවක් සහ නිරූපණ ශිල්පිණියක් වන Losliya Mariyanesan මේ සඳහා චරිතවත් වීමයි. Harbhajan විසින් Friendship සිනමාපටයට ප්‍රථම සිනමාපට 5ක් සඳහා කෙටි චරිත වලින් හමුවී ඇති අතරම Losliya ගේ ප්‍රථම සිනමා ආගමනය මෙයයි. සැබවින්ම ලාංකික අපට මෙය ආඩම්බර වීමට හැකි අවස්ථාවකි.
1992 වසරේ යාපනයේ උපත ලද ලොස්ලියා ශක්ති රූපවාහිනී නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසින් 2015 සිට 2019 වසර දක්වා රැකියාවේ නියුතු වූ ලාංකීය ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වූ අයෙකි.පසු කාලයේ රැකියාවෙන් ඉවත් වෙන ඇය 2019 වසරේ කමලා හසන් විසින් ඉදිරිපත් කරනු ලබන BIg Boss Season 03 සඳහා සහභාගී වන ඇය එම තරඟයෙන් ඉන්දියානු දමිල ජනතාවගේ ආදරය නොඅඩුව ලබමින් තුන්වස ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එයින් පසු ලැබෙන ජනප්‍රියත්වය හේතුකොට ගෙන ඇයට ඉන්දියානු සිනමාවට එකතු වීමට අවස්තාව උදාවී තිබෙනවා.
Harbhajan සහ Losliyaට අමතරව මෙම සිනමාපටයේ ප්‍රවීණ සහ දක්ෂතා සහිත රංගන ශිල්පීන් එකතු වී තිබෙන අතර Arjun Sarja, Sathish වැනි අය ඒ අතර සිටිනවා. එමෙන්ම තවත් අලුත් තරුණ මුහුණු රැසක් මේ සිනමාපටය හරහා හඳුන්වා දෙනු ලබනවා.සිනමාපටය සැප්තැම්බර් 17 වන දින නිකුත් වූ අතර සිනමාපටය හරහා Losliya විසින් මවන්නා වූ රංගනය තුළින් සැබවින්ම ඈ රංගනයට ආධුනික බවක් නම් ප්‍රේක්ෂකයන්ට දැනෙන්නට ලැබෙන්නේ නැහැ. ඇය මැනවින් ඒ චරිතය සඳහා සාධාරණයක් ඉටු කර තිබෙන බව ඔබටත් සිනමාපටය නැරඹු විට හැඟේවී.මේ වන විටත් බොහෝ රසික ප්‍රතිචාර මැද ඉන්දියානු සිනමාහල් වලදී Friendship සිනමාපටය තිරගත වෙයි.
Friendship සිනමාපටයේ කතා සාරාංශය
සිනමාපටයේ කතාව දිවයන්නේ විශ්ව විද්‍යාලයක් කෙන්ද්‍ර කර ගනිමිනුයි. Jeeva , KPY Bala, Shakti සහ Prabhu කියන්නේ ඉංජිනේරු උපාධිය සඳහා එම විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ අලුත් කාණ්ඩයමේ සාමාජිකයන් වගේම මිතුරන් හතර දෙනෙකි. විශ්ව විද්‍යාලයක් කිව්වම ඉතින් සීනියර්ස් ලාගේ රැග් වලට එහෙම මුහුණ දෙන්න වෙන එක සාමාන්‍ය දෙයක්.ඉතින් මෙයාලටත් මේ දේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔය වගේ වෙලාවක විශ්ව විද්‍යාලයට ඇතුලත් වන Bhajji සික් ජාතිකයෙක් වෙනවා. Bhajji කොහෙත්ම කැමැත්තක් නැහැ රැග් කිරීම් වැනි දේවල් වලට. ඔහු පැමිණීමත් සමඟම සීනියර්ස් ලාට ඉංජිනේරු පිඨයේ සිසුන්ට රැග් කිරීම හෝ කරදර කිරීම වෙනුවෙන් ඔහු විරුද්ධව නැඟී සිටිනවා. මේ හේතුන් එක්ක Bhajji සමඟ Jeeva , KPY Bala, Shakti සහ Prabhu හොඳ මිතුරන් බවට පත් වෙනවා.
Anitha කියන්නේ බොහොම සුන්දර දඟකාර සතුටෙන් ඉන්න තරුණ කෙල්ලෙක්. ඉතින් ඇයද මේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නේ ඉංජිනේරු උපාධිය ලබා ගැනීමටයි. නමුත් එකම කරුණ නම් ඉංජිනේරු අංශය සඳහා එකඳු තරුණියක් විශ්ව විද්‍යාලය තුළ නොවීමත් එකම තරුණිය Anitha වීමත්ය. මෙය හැමෝටම පුදුමයට කරුණක් වගේම Bhajji වැනි තරුණයෙකු මේ විෂය තෝරා ගැනීමට හේතුවත් කෙල්ලන් මෙම විෂය හදාරන්නේ නොමැති කමත් පංතිය පුරා විවිධ මෝස්‌තර වලින් එන කෙල්ලන් දැකගන්න නොලැබෙන නිසාත්ය. Anithaගේ පැමිණීම ගැන දැනගන්නා Bhajji විසින් තම යහළුවන්ට පවසන්නේ පැමිණෙන කෙල්ලව ගණන් නොගෙන තමන්ගේ පාඩුවේ ඉන්නා ලෙසයි. නමුත් Anithaගේ පැමිණීම සමඟ මේ සියල්ල වෙනස් වෙන්නේ ඇයගේ තිබෙන නිරහංකාරකම, මිත්‍රශීලිත්වය, කතා බහා, සිනහව, සුන්දරත්ව දේවල් එක්ක පංතියේ සිටින පිරිස වහ වහා ඈ සමඟ මිතුරු වීමයි. අවසානයේ Anitha ව ප්‍රතික්ෂේප කල Bhajji ද ඇයගේ හොඳම යහළුවා බවට පත් වන්නට මහා කාලයක් ගතව යන්නේ නැහැ.කිසිදාක බිඳිය නොහැකි යහළුකමක් Bhajji, Anitha, Jeeva , KPY Bala, Shakti සහ Prabhu අතර ඇති වෙනවා. ඒ කාලය හරිම සුන්දර විදියට ඉගෙනීමත් සමඟම ගෙවී යනවා. ඒ වගේම ඇයට නේවාසිකාගාර කාමරයේ තවත් මිතුරියක් මුණගැහෙනවා. ඒ Madhu. අනතුරක් හේතුවෙන් ඇවිදගන්න බැරි ඈ සමඟ ද Anitha හොඳම මිතුරිය බවට පත් වෙනවා.
එක්තරා දිනයකදී Bhajji ඇතුළු පිරිස ඔවුන්ගේ සිනියර්ස්ලා එක්ක රණ්ඩුවකට පැටලෙන්නේ Anitha හට කරන ලද අනවශ්‍ය විහිළුවක් හේතුවෙනුයි. දුරදිග යන ප්‍රශ්නය විදුහල්පති දක්වාම යන අතරම මේ අනවශ්‍ය විහිළුව විහිළුවක් ලෙසට Anitha භාරගත්තද සිදුවූ දේවල් හේතුවෙන් දින කිහිපයකට Bhajji ඇතුළු යහළුවන් පිරිසට විශ්ව විද්‍යාලයට පැමිණීම තහනමකට විදුහල්පතිවරයා පත්කර සිටිනවා. කරන්න කිසිම දෙයක් නොමැතිව බලා සිටින යහළුවන් දකින Anitha ඔවුන්ට යෝජනාවක් කරන්නේ ඈ සමඟ ඈ කියන දිහාවට යන්න එන්න ආරාධනාවක් එක්කයි. යහළුවන් සියල්ලන්ම එය අනුමත කරන අතර Bhajji, Anitha, Jeeva, Shakti සහ Prabhu ඔවුන්ගේ මෝටර් බයිසිකල් වල නැඟී සුන්දර ගමනක් යන්න පටන්ගන්නවා. මේ සුන්දර ගමන අවසන් වන්නේ Anitha ගේ නිවසෙනුයි.
Anitha ගේ නිවසේ සැවොම යහළුවන් සියල්ලන්ම ආදරයෙන් පිළිගන්නා අතරම Anitha විසින් වසන් කරගෙන සිටි දෙයක් ඔවුන්ට දැනගන්න ලැබෙනවා. ඒ ඇය පිළිකාවකින් පෙළන බවයි. මේ හේතුව සමඟ මිතුරන් සියල්ලන්ම දුකට පත්වෙන අතරම ටික දිනකට පසුව Anitha රෝහල් ගත කරන්නේ ද අසනීප තත්වය හේතුවෙන්මයි. දින ගණනාවකට පසු නැවත සුව අතට පත් වෙන Anitha නැවත විශ්ව විද්‍යාලය වෙතට පැමිණෙන අතර ඈ ආදරයෙන් පිළිගන්න විශ්ව විද්‍යාලයේ තම මිතුරන් සේම සීනියර්ස්ලා ඇතුළු සැවම බලාගෙන සිටිනු දැකීම Anitha ට සතුටක් ගෙන දෙන්නකි.
එක්තරා දිනක රාත්‍රියේ Anitha ගේ මිතුරිය වූ Madhu තරප්පු පෙළකින් පෙරලි වැටීම හේතුවෙන් රෝහල් ගත කරන අතර ඇයට කතා කිරීමටවත් සිහියක්වත් නොමැති විය.මේ අතර Bhajji, Jeeva, Shakti සහ Prabhu රෝහල වෙතට යන්නේ Madhu ගේ සුවදුක් බැලීමටයි. නමුත් රෝහලට ගොස් නැවත පැමිණීමේදී ඔවුන්ට දැනගන්නට ලැබෙන්නේ Anitha මියගොස් තිබෙන බවයි. එය සාමාන්‍ය මරණයක් නොවන බවත් එය මිනීමැරුමක් හේතුවෙන් ඈ හට මරණය උදා වූ බවත් දැනගන්නා මිතුරන් පිරිස කියාගත නොහැකි දුක්ඛිත තත්වයකට මුහුණ පාන්නට වෙන්නේ ඔවුන්ට පමණක් නොව මුළු විශ්ව විද්‍යාලයක් ම හඬවමින් ඒ සමනළිය නොකියාම යන්නට ගොස් තිබෙන නිසායි.
Anitha ගේ මරණයට වගකිව යුත්තන් සොයා යන ගමන ආරම්බ වන්නේ ඉන් පසුවයි. දුක කේන්තියක් බවට පත් වෙමින් යුක්තියක් සොයා යන ගමනේ යහළුවෙක් වෙනුවෙන් පණ දෙන්න සිටින යහළුවෝ කණ්ඩායමේ ඉරණම වෙනස් අතකට පෙරළෙන්නේ මිනීමැරුම ඔවුන් පිරිස විසින් සිදුකලා යන්න සැකකරුවන් ලෙසින් උසාවිය මඟින් ප්‍රකාශ කිරීමත් සමඟයි. ඉන් පසුව සිද්ද වෙන්නේ මොකක්ක්ද කියලා ඔයාලට දැනගන්න නම් අනිවාර්යෙන් සිනමාපටය නරඹන්නම වෙනවා.
කම්මැලි කමකින් තොරව නැරඹිය හැකි මෙම සිනමාපටය යාහළුවන් සහ ඒ ආදරය ගැන කියවෙන අපුරු සිනමාපටයකි. ඒ වගේම තවත් මෙවැනිම සිනමාවට සම්බන්ධ දේවල් දැනගන්න Art Street කලා විදිය බ්ලොග් එකට වගේම අපේ ෆේස්බුක් පිටුවටත් ගොඩවෙන්න අමතක කරන්න එපා..
ලාංකේය නාමය තව තවත් බබළවන්න දකුණු ඉන්දියානු තරු ගොන්නේ වැජබෙන්න පියවරක් ඉදිරියට තැබූ Losliya Mariyanesan හට Art Street අපේ සුභ පැතුම්.
0 Comments