සත්‍ය කතාවක් පසුබිම් කරගෙන නිර්මාණය වූ Gonjiam: Haunted Asylum (උන්මන්තකාගාරයේ ශාපය)

Art Street



_Giza Bee_

උන්මන්තකාගාරයේ ශාපය

Gonjiam: Haunted Asylum

සත්‍ය කතාවක් පසුබිම් කරගෙන නිර්මාණය වූ සිනමා තේමාවල් වලට ප්‍රිය කරන හැමෝටම මේ සිනමාපටය සුවිශේෂ එකක් වන බව සත්‍යක්.එක හුස්මට නරබන්න පුළුවන් වන මෙම සිනමා සිත්තම ගැන කියන්න මත්තෙන් සත්‍ය කතාව ට පාදකවූ දේ ගැන පොඩි හැදින්වීමක් එක්කම පටන් ගන්නම්.. සිනමාපටය නරබන්නට පෙර එය ගොඩක් වැදගත් වෙයි.

art street


අද සිනමාපටයේ නම Gonjiam: Haunted Asylum

මේ ලෝකයේ ඇත්තටම පවතින ස්ථානයක් වටා ගොඩ නැගුනු සිනමාපටයක් තමයි Gonjiam: Haunted Asylum කියන්නේ.දකුණු කොරියාවේ පිහිටි Gonjiam මානසික රෝහල CNN TRAVEL වැඩසටහනට අනුව ලොව තියන බයානක තැන් 7න් එකක්. මෙයට Gonjiam උම්මත්තකාගාරය කියලත් කියනවා. ඉතින් මේ සිනමාපටය ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ 2018 මාර්තු මාසේ. ප්‍රදර්ශනය ආරම්භයත් එක්කම ඔවුන්ට සිනමාපටය නොපෙන්නන ලෙස නඩුවක් ගොනු වෙනවා. ඒ අර මම මුලින්ම කිව්ව පැරණි Gonjiam මානසික රෝහලේ ගොඩනැගිල්ලේ අයිතිකාරයා. ඔහු නඩුව ගොනු කරන්නේ මේ සිනමාපටය නිසා ඔහුට හිමි වී තිබෙන එම ගොඩනැගිල්ලේ වටිනාකම බිද වැටෙනවා කියලයි. නමුත් උසාවියේ අවසන් තීරණය වෙන්නේ සිනමාපටය ප්‍රදර්ශනය නොනවත්වන ලෙසයි. ඒ හේතුවෙන්ම සති තුනක් පමණ ඇතුලතදී මෙම සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 20කට ආසන්න මුදලක් උපයගන්නවා. තවද imdb 6.2 ක අගයක් මේ සිනමාපටයට ලැබී තිබෙනවා.

ඇඟේ මවිල් කෙලින් කරන්න තරම් සුපිරි මෙම සිනමාපටයේ තවත් සුවිශේෂ දෙයක් තියෙනවා. එයට හේතුව මෙහි රංගනයෙන් දායක වන නළු නිලියන් ඔවුන්ගේම නම් වලින් මෙම සිනමාපටයේ පෙනී සිටීමයි.

මේ Gonjiam මානසික රෝහල ගැන ගොඩක් කට කතා තියෙනවා. එයින් ප්‍රධානම කතාව තමයි මේ රෝහලේ හිටපු මානසික රෝගීන්ව මරලා දාලා එහි අධ්‍යක්ෂකතුමිය රෝහලෙන් අතුරුදහන් උනා කියන එක. තවත් සමහර කියන්නේ රෝගීන් සියල්ලම මරලා දාලා ඒ අධ්‍යක්ෂකතුමිය බෙල්ල වැලදගෙන මැරුණා කියලයි. තවත් කට කතාවක් තමයි මේ රෝහලේ තියන කාමර අංක 402 කියන කාමරයේ දොර ඇරියොත් ඒ කෙනාට ශාපයක් වදිනවා කියන එක. ඉතින් මේ දොර කාටවත් කවමදාවකවත් අරින්න බැරි විදියේ දොරක් කියලයි කියන්නේ.


art street


ඔන්න එක දවසක් ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක් මේ අත ඇරලා දාලා තියන රෝහලට යනවා. නිකම්ම නෙමෙයි යන්නේ. අතේ video recorder එකකුත් අරගෙන.ඒ දෙන්නා හදන්නේ කොහොම හරි 402 කාමරයේ දොර අරින්න. ඉතින් මේ දෙන්න එකතු වෙලා මේ දොර අරින්න ලොකු වෑයමක් දරනවා. එත් එක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එක පාරටම එයාලට ශබ්ධයක් ඇහෙනවා. ඒ ගමන්ම එයාලා ගේ video recorder එකත් නවතිනවා. එතනින් එහාට මේ ළමයි දෙන්නට සිදු වෙච්ච දෙයක් නැති වෙනවා. ඔය ගැන එක්තරා පුවත් පතක සඳහන් වෙනවා. ඒ පුවත දැක්කට පස්සේ horror times කියන YouTube චැනල් එකේ ජූන් තීරණය කරනවා මේ රෝහල ගැන ඇත්ත නැත්ත හොයන්න.

ඉතින් ජුන් මේ සදහා තනිවම නෙමෙයි යන්න සුදානම් වෙන්නේ. තවත් පිරිමි ළමුන් තුන්දෙනෙක් සහ ගැහැණු ළමුන් තුන්දෙනෙක් මේකට සම්බන්ධ කරගනන්වා. ඒ වගේම මෙයාල එකතු වෙලා මේ අත්දැකීම විදගන්න ගමන් සජීවීව එයාලගේ චැනල් එකෙන් පෙන්වන්න තමයි සුදානම. මෙයාලගේ එකම අරමුණ තමයි views මිලියනයක් අරගෙන YouTube එක හරහා සල්ලි හොයන එක.

කට්ටිය යොදාගත්තු දවසේ රාත්‍රියේ රෝහල කිට්ටුවෙන්ම කුඩාරමක් හදාගන්නවා. ජුන් කුඩාරම ඇතුලේ ඉදලා අවශ්‍ය දේවල් හදාගද්දී අනිත් හය දෙනා විශේෂිත වූ කැමරා සහ සංවේදී උපකරණ වගේම තවත් තවාත් දේවල් අරගෙන මධ්‍යම රාත්‍රියේදී රෝහල ඇතුලට යන්න පිටත් වෙනවා. ඔවුන්ට මගදී හමු බිම වැටිලා තියන සුදු පැහැති යට කලිසමක් හම්බවෙනවා.. එය අරගෙන ගහක ගැටගහලා ගමන් සලකුණක් කියමින් විහිලු කරමින් ආපසු ගමන යන්න පිටත් වෙනවා. කොහොමෙන් කොහොම හරි මේ 6 දෙනා Gonjiam මානසික රෝහල තුලට ඇතුල් වෙනවා. එතනින් එහාට තමයි හැම දෙයක්ම පටන් ගන්නේ.

art street


සියල්ල මෙසේ වෙද්දී හොදම හරිය ලියන එක නවත්තනවා.මොකද මේ සිනමාපටය නරබද්දී ඒ කෘතුහලය , බිය ඔයාලගේ හිතට දැන්විය යුතුම නිසා. ඒ වගේමයි සිනමාපටය බලද්දී දැනෙයි අනෙකුත් බලපු horror සිනමාපට වලට වඩා තාත්වික බවක් වගේම අමුතු විදියට දකින රූප රාමු මෙහි එය විශේෂයි.

සිනමාපටය බලපු බොහෝ දෙනෙක්ට හිතෙයි හොද horror ෆිල්ම් එකක් බැලුවා කියලා. අන්තිමට කියන්න ඕනේ. Gonjiam මානසික රෝහල මේ පෘතුවියේ තියෙන සැබෑ ස්ථානයක් වගේම අදටත් හොල්මන් සිටිනවා යැයි සනාථ වූ තැනක් බව මතකයේ තබාගන්න.

art street





Post a Comment

0 Comments