ස්වර්ණමය සිනමාවේන් පසු ප්‍රතාපවත් රංගන පෞර්ෂයක්, සුපිරි තරුවක් අවැසිම මොහොතක නොසිතූ නිමේෂයක හේමාල් සචින්ද්‍ර රණසිංහ මෙරට සිනමාවට අවතිර්ණ විය. ඒ 2012 වසරේදී 'Super Six' චිත්‍රපටය තුලිනි. සිනමාවට පැමිණීමට පෙර නිරූපණ ශිල්පියෙකු ලෙස වැඩකටයුතු කළ හේමාල් රණසිංහ අවස්ථා කිහිපයකදීම ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික තරඟ වලට ද ඉදිරිපත් විය. 2012 දී සිනමාවට පය තැබූ හේමාල් අද වන විට ලාංකීය සිනමාවට පමණක් සීමා නොවී කොලිවුඩ් සිනමාවට ද දායක වීමට වරම් හිමිකරගත් නළුවේකී. වර්තමාන සිනමාවේ වැඩිම වටිනාකමක් ඇති නළුවා ලෙස ද හේමාල් රණසිංහ සැලකිය හැක.
1984 අගෝස්තු 25 දින මාතලේ පුරවරයේදී මෙලොව එළිය දුටු හේමාල් සචින්ද්‍ර රණසිංහ පවුලේ තුන්වැන්නා වේ. ඔහුගේ පියා සේනාරත්න රණසිංහ වන අතර ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙකි. මව විශාකා චිත්‍රාංගනී මැදිවක වන අතර එතුමිය ද ආයුර්වේද වෛද්‍යවරයෙකි. හේමාල්ට සහෝදරයන් තිදෙනෙකි. හේමාල් සිය පාසල් අධ්‍යාපනය මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේන් ලබාගත් අතර ඔහු එවකට පාසලේ කැපි පෙනෙන සිසුවේකි. පාසල් විෂය භාහිර ක්‍රියාකාරකම් රැසකටම දායක වූ හේමාල් පාසල් රග්බි කණ්ඩායමේ ද සමාජිකයෙකු වේ. එසේම මලල ක්‍රීඩාවට ද දස්කම් දැක්වු හේමාල් මාෂල් ආට් සටන් කලාව ද කුඩා කල සිටම ප්‍රගුණ කළ අයෙකි. සිය පියා ප්‍රබල චිත්‍රපට ලෝලියෙකු විය. හේමාල්ගේ පියා තම ආයුර්වේද වැඩ අවසන් කළ පසු මනස සැහැල්ලු කරගැනීමට පවුලේ සියලු දෙනා සමඟ රාත්‍රි 9.30 දර්ශනය නැරඹීමට චිත්‍රපට ශාලාවට යාම පවුලේ සිරිතක් විය. ඒ තුලින් හේමාල්ට සිනමාව කෙරේ දැඩි ඇල්මක් තිබූ අතර කෙදිනක හෝ තමා දැක තිබූ සිනමා තිරයේ තමා රංගනයේ යෙදීම ඔහුගේ සිහිනය විය.
පාසල් දිවියට ආයුබෝවන් කියූ හේමාල් රණසිංහ පසුව පෞද්ගලික ආයතනයක රැකියාවට ගියේය. එකල සිනමාවට අවතීර්ණ වන්නේ කෙසේද කියා නිතරම කල්පනා කළ හේමාල් ලැබෙන ඕනෑම අවස්ථාවක් භාර ගැනීමට සැදී පැහැදී සිටියේය. දිනක් කායවර්ධන මධ්‍යස්ථානයේ සිටියදී ඔහුගේ මිතුරෙකු 2007 Manhunt තරඟයට අයදුම් කරන්න යැයි පැවසූ අතර පසුව හේමාල් එයට අයදුම් කර ඉන් ජයග්‍රහණ ලබාගත්තේය. සිනමාවට අවතීර්ණ වීමට හේමාල් තැබූ පළමු පියවර එයයි. කිසිදු විට නිරූපණ ශිල්පියෙකු වීමට අදහසක් නොතිබූ හේමාල්ගේ එකම සිහිනය වූයේ නළුවෙකු වීමයි.
2008 දී සන්නිවේදන ජාල සමාගමක වෙළෙඳ දැන්වීමකට හේමාල් දායක වූ අතර එය එකල තරමක් ජනප්‍රිය විය. එම වෙළෙඳ දැන්වීම දුටු උදාර පල්ලියගුරු මහතා හේමාල්ට මුහුණු පොත හරහා කෙටි පණිවිඩයක් යොමු කරමින් අප අලුත් චිත්‍රපටයක් කරනවා එහි සම්මුඛ පරීක්ෂණ වලට පැමිණෙන ලෙස ඔහු කියා සිටියේය. ඒ වනවිට හේමාල් 2010 Mister World Pageant තරඟාවලියට ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වී සිටියේය. ලංකාවට පැමිණි පසු හේමාල් සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ අතර ඉන් හේමාල් 'Super Six' චිත්‍රපටයට දායක වීමට වරම් හිමිවිය. 'Super Six' හේමාල්ගේ සිනමා දිවියේ ආරම්භයයි. නිරූපණ ක්ෂේත්‍රයෙන් සිනමාවට පැමිණි හේමාල් සිනමාවෙන් පුංචි තිරයට පැමිණියේ 2014 වසරේදී 'ඊළඟට මොකද වෙන්නේ' ටෙලිනාට්‍ය තුලිනි.
'Super Six' තුළින් හේමාල්ට එතරම් රසික ආදරයක් දිනා ගැනීමට නොහැකිවිය. හේමාල් රණසිංහගේ සිනමා උප්පත්තිය සිදුවන්නේ 'ප්‍රවේගය' තුලිනි. 2015 ප්‍රදර්ශනය වූ 'ප්‍රවේගය' චිත්‍රපටය ලංකාවේ අතිශය ජනප්‍රිය විය. 'ප්‍රවේගය' හේමාල්ගේ හැරවුම් ලක්ෂය වේ. 'ප්‍රවේගය' චිත්‍රපටයට දායක වීමට හේමාල්ට අවස්ථාව හිමිවන්නේ ද. 'Super Six' චිත්‍රපටය තුළිනි. ඒ 'Super Six' චිත්‍රපටයේ නර්තන පුහුණුවීම් වලදී හේමාල්ගේ හැකියාවන් දුටු නිෂ්පාදකවරයා වන සංදේශ් කමාර් මහතා 'ප්‍රවේගය' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ආරාධනා කළේය. සංදේශ් කුමාර් මහතා 'Super Six' සහ 'ප්‍රවේගය' යන චිත්‍රපටය දෙකෙහිම නිෂ්පාදකවරයා වේ. 'ප්‍රවේගය' ඩොනල්ඩ් ජයන්ත කුලුදුල් සිනමා නිර්මාණය වේ. 'ප්‍රවේගය' චිත්‍රපටයේ හේමාල්ට මහෙන්ද්‍ර පෙරේරා, ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, සනත් ගුණතිලක, රන්ජන් රාමනායක ආදී කලා ලෝකයේ දැවැන්තයින් සමඟ රංගනයේ යෙදීමේ වසනාව හිමිවිය. උදාරි පෙරේරා සහ හේමාල් රණසිංහ සුසංයෝජනය 'ප්‍රෙවේගය' තුලින් ප්‍රේක්ෂකයාට මනාව කැපි පෙනුනි.
මහෙන්ද්‍ර පෙරේරා නම් රංගන විශ්වවිද්‍යාලය හේමල්ට 'Super Six' චිත්‍රපටයේදී හමු වූ අතර 'ප්‍රවේගය' චිත්‍රපටයේ ද ඔහු සමඟ රංගනයේ යෙදීමට අවස්ථාව හිමිවිය. ඒ තුළින් හේමාල්ට මහෙන්ද්‍ර පෙරේරාගෙන් විශාල සහයෝගයක් හිමිවිය. 'ප්‍රවේගය' චිත්‍රපටයේ හේමාල්ගේ රංගනය ප්‍රේක්ෂක සිත වසඟයට පත්කළ රංගනයකි. 'ප්‍රවේගය' තුළින් හේමාල් රණසිංහට සිය නාමය ප්‍රේක්ෂක හඳවත් තුළ ඉඩහසර වෙන්කර ගැනීමට හැකිවිය. පසුව 2015 දී ජැක්සන් ඇන්තනී මහතාගේ 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටයේ ද ජැක්සන් ඇන්තනී, මහෙන්ද්‍ර පෙරේරා, කමල් අද්දරාරච්චි, සබීතා පෙරේරා ආදී ප්‍රවීණයන් සමඟ රංගනයේ යෙදීමට හැකිවිය. මෙවැනි දැවැන්තයින් සමඟ කටයුතු කිරීමෙන් විශාල දැනුම් සම්භාරයක් අත්දැකීම් සමුදායක් එක්කර ගැනීමට හේමාල්ට හැකිවිය.
2016 දී තිරගත වූ 'ආදරණීය කතාවක්' චිත්‍රපටයට ද හේමාල් සිය රංගන දායකත්වය ලබා දෙන ලදී. 'ආදරණීය කතාවක්' ප්‍රියන්ත කොළඹගේ මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි. උදාරි වර්ණකුලසූරිය, අරුණි රාජපක්ෂ, බිමල් ජයකොඩි ආදී රංගන ශිල්පීහූ මෙම චිත්‍රපටයට දායක විය. සංගීතය පසුබිම් වී නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ හේමාල් සිත්ගන්නා සුලු රංගනයක නියැලුනේය.
2016 දී තිරගත වූ 'Zoom' චිත්‍රපටය ද හේමාල් දායක විය. සමීර වක්වැල්ල මහතා අධ්‍යක්ෂණය කළ 'Zoom' චිත්‍රපටය Horror වර්ගයට අයත් චිත්‍රපටයකි. එම චිත්‍රපටය ජයලත් මනෝරත්න මහතා හේමාල් රණසිංහ සමඟ රංගනයෙන් දායක විය.
2017 දී උදයකාන්ත වර්ණසූරිය මහතා අධ්‍යක්ෂණය කළ 'බන්ධනය' චිත්‍රපටයට ද හේමාල් ද සිය රංගන දායකත්වය ලබදුනි. 'බන්ධනය' වෙනස්ම ආකාරයේ චිත්‍රපටයකි. එහිදී හේමාල් රමුවෙන් මිදී විෂම රූපී චරිතයක් නිරූපණය කළේය. ගැමි පරිසරයක පියෙකුගේ චරිතයක් ඔහු නිරූපණය කළේය.
2017 දී ප්‍රියන්ත කොළඹගේ මහතා අධ්‍යක්ෂණය කළ 'දේදුණු ආකාසේ' චිත්‍රපටයේ ද හේමාල් රංගනයේ යෙදුණු අතර එය තුන් කොන් ආදර කථාවකි. හේමාල්, චුලක්ෂි රණතුංග සහ ටීනා ශනෙල් සමඟ රංගනයේ යෙදුණු අතර ජයලත් මනෝරත්න මහතා ද සිය රංගන දායකත්වය ලබාදුන්නේය.
2019 දී පාලිත පෙරේරා මහතා අධ්‍යක්ෂණය කළ 'තාල' චිත්‍රපටයේ අසේල දන්තුරේ නම් ගුරු භූමිකාවක් හේමාල් රණසිංහ රඟ දැක්වු අතර 'තාල' චිත්‍රපටයේ කළණි දොඩම්තැන්න සහ ජයලත් මනෝරත්න මහතා ද රංගනයෙන් දායක විය. ජයලත් මනෝරත්න මහතා හේමාල් සමඟ රංගනයේ යෙදුණු සිනමාපට වල හේමාල්ට ඔහු විශාල සහයෝගයක් ලබාදුන් බව ප්‍රේක්ෂකයන්ට ඉතා හොඳින් දැක ගත හැක.
2019 දී සුනිල් ආරියරත්න මහතා අධ්‍යක්ෂණය කළ 'විජයබා කොල්ලය' චිත්‍රපටයේ හේමාල් අද්විතීය රංගනයක නියැලුනේ ප්‍රේක්ෂක සිත් වසඟයට පත්කරමිනි. 'විජයබා කොල්ලය' චිත්‍රපටයේ හේමාල් නයනානන්දගේ චරිතය නිරූපණය කළ අතර එහිදී ඔහු රඟ දැක්වූ සටන් ජවනිකා සිත්ගන්නා සුලු ජවනිකා වේ. 'විජයබා කොල්ලය' චිත්‍රපටයේ හේමාල් සමඟ අශාන් ඩයස්, සෙනාලි ෆොන්සේකා රංගනයේ නියැලුනහ. ඓතිහාසික කතාවක් වන 'විජයබා කොල්ලය' චිත්‍රපටයේ හේමාල් රඟ දැක්වූ නයනානන්දගේ චරිතයට ඔහු උපරිම සාදාරනයක් ඉටුකළ බවට අවිවාදයෙන් තොරව පිළිගත හැකි කරුණකි.
2019 දී චන්න දේශප්‍රිය මහතා අධ්‍යක්ෂණය කළ ' යූ ටර්න්' චිත්‍රපටයේ පොලිස් නිළධාරියෙකුගේ චරිතය හේමාල් නිරූපණය කළේය. චානූ දිසානායක නම් දක්ෂ නිවේදිකාව එහි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කළ අතර ඇය හේමාල්ට සිය උපරිම සහයෝගය ලබාදීම ප්‍රේක්ෂකයාට ඉතා හොඳින් දැක ගත හැකිවිය. ඇය එම චරිතයට උපරිම සාදාරනයක් කළ බව අවිවාදයෙන් තොරව පිළිගත හැකි කරුණකි. 'යූ ටර්න්' තුළ හේමාල් රඟ දැක්වූ පොලිස් චරිතය ඉතා සිත්ගන්නා සුලු චරිතයකි. ප්‍රේක්ෂකයාට දැනෙන සේ දෙබස් ප්‍රකාශ කිරීම ද එහිදී කැපී පෙණුනු තවත් කරුණකි.
2021 දී තිරගත වූ 'කොළඹ' චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ හේමාල් විසිනි. අසම රන්දිල් මහතා අධ්‍යක්ෂණය කළ 'කොළඹ' චිත්‍රපටයේ හේමාල් වෙනස්ම ආකාරයේ චරිතයක් නිරූපණය කරන ලදී. ධර්මප්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර ආදී දක්ෂ රංගන ශිල්පීන් රැසක් මෙයට දායකවී ඇත. 'කොළඹ' චිත්‍රපටය ද ප්‍රේක්ෂකයාට වෙන්ස්ම අත්දැකීමක් වනවාට කිසිදු සැකයක් නැත.
ලාංකීය සිනමාවට පමණක් සීමා නොවූ හේමාල් රණසිංහ කොලිවුඩ් සිනමාවේ ද හේමාල් රණසිංහ නාමය සනිටුහන් කිරීමට ඔහුට හැකිවිය. ඒ A.T.Gnanam මහතා විසින් අධ්‍යක්ෂණය කළ ' Second Show' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ලාංකීය සිනමාවේ සුපිරි තරුව හේමාල් රණසිංහ විසිනි. හේමාල් සමඟ පල්ලවි සුභාෂ්, කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මාන් ලාභී ජනප්‍රිය නළු අජ්මල් අමීර් මෙහි රංගනයේ යෙදෙති. ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය හේමාල්ගේ මෙම චිත්‍රපටය ද අතිශය ජනප්‍රිය වනවාට කිසිදු සැකයක් නැත. මෙම චිත්‍රපටය එකම දර්ශන තලයේ දමිළ හා සිංහල යන භාෂ ද්විත්වයෙන්ම රූගත කිරීම ද තවත් විශේෂතාවයකි.
එසේම හේමාල් රංගනයේන් දායක වූ 'Ice cream', 'සිහින අභිෂේක', 'අශාවරී', 'මාරියා' ආදී චිත්‍රපට කිහිපයක් ඉදිරියේ තිරඟත වීමට නියමිතව ඇත.
හේමාල් රණසිංහ යනු මෙරට සිනමාවේ අති දක්ෂ රංගන ශිල්පියෙකු වේ.ඔහු සතුව හොඳ පෞර්ෂයක් තිබෙන අතර තාරුණ්‍යයේ සිත් වසඟයට ගත් රංගන ශිල්පියෙකි. ප්‍රවේගයෙන් ජනතා ආදර ලැබූ හේමාල් අදවන විට ලාංකීය සිනමාවට නැතුවම බැරි චරිතයකි. හේමාල් නිතර දකින්නට නොලැබුණත් ජනතා ආදරයෙන් කිසිදු අඩුවක් නැත. තරුණියන්ගේ සිහින කුමරා ලෙස හේමාල් හඳුන්වන්නේ ඔහුගේ කඩවසම් පෙනුම, ඒ පෞර්ෂයත්වය සහ ඔහුගේ රංගන අභිලාෂය නිසාය. සමහර අසාර්ථක චිත්‍රපට පවා හේමාල් නිසා ගොඩ ගිය අවස්ථා ද නැතුවාම නොවේ. හේමාල් රණසිංහ වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම අති දක්ෂයෙකි.
සිනමාවෙන් පමණක් නොව නිරූපණ ක්ෂේත්‍රයෙන් ද හේමාල් රණසිංහ තම අනසක පතුරුවා හමාරය.
>Colombo Fashion week and Sri Lanka Design Festival යන ද්විත්වයටම සහභාගී වී ඇත.
>2009 දී ස්පාඤ්ඤයේ තිබූ The Model of the world තරඟය නියෝජනය කිරීම.
>2009 දී Male Model Of The World title එක ජයග්‍රහණ කර අතර ඊට අමතරව Best Glamour සහ Best Catwalk යන සම්මාන ද්විත්වය ජයග්‍රහණ කිරීම.
>2010 Mr.Sri Lanaka title එක ජයග්‍රහණ කිරීම සහ 2010 දී Mr.World තරඟාවලියට ලංකාව නියෝජනය කිරීම.
එසේම හේමාල් රණසිංහ සම්මාන පිට සම්මාන හිමිකරගත් නළුවෙකි.
Derana Film Awards
2016 - Most Popular Actor
2016 - Critic Award
2018 - Most Popular Actor
Hiru Golden Film Awards
2016 - Most Popular Actor
2016 - Most Promising Actor
2018 - Trend setter
Sarasaviya Awards
2016 - Jury Award
2016 - Best Actor - Nominated
Presidential Film Awards
2017 - Best Upcoming Actor
SLIM-Nielsen Peoples Awards
2018 - Actor of the Year
2018 - Youth Choice Award
2019 - Actor of the Year
2019 - Youth Choice Award
2020 - Actor of the Year
2020 - Youth Choice Award
2021 - Actor of the Year
2021 - Youth Choice Award
Rupavahini State Award
2016 - Best Supporting Actor
Signis Film Awards
2017 - Best Actor - Nominated
Dinitha Jayarathna
0 Comments