Hide and Seek ජීවිතය බේරගන්න ඕනේ නම් හැංගිලාම ඉන්න.

Hide and Seek ජීවිතය බේරගන්න ඕනේ නම් හැංගිලාම ඉන්න.


Hide and Seek


ජීවිතය බේරගන්න ඕනේ නම් හැංගිලාම ඉන්න.

චාර්ලි කොයි මොහොතක හරි ඒවී..

Art Street - කලා වීදිය හරහා නුදුරේදී ආරම්භ වන්නාවූ මළවුන්ගේ මාසය නිමිති කොට ගෙන රැගෙන එන්නාවූ Horror සිනමා පෙළ ගැන ඔබ මේ වන විටත් දැනුවත් ඇති. ඉතින් මේ අයුරෙන් පෙළ ගැසුමේ තෙවැනි සිනමාපටය ලෙස ඔබට සමීප කරන්නට අප සිතුවේ සම්මානීය නළු නිළියන් දායකවූ සම්මානනීය Horror සිනමාපටයක් වන Hide and Seek සිනමාපටයයි.

2005 වසරේ දී ප්‍රදර්ශනය ආරම්භ කරන ලද Hide and Seek සිනමාපටයේ අධ්‍යක්ෂණය John Polson විසිනි. සිනමාපටයේ රංගනයෙන් Robert De Niro, Dakota Fanning, Famke Janssen, Robert De Niro, Dakota Fanning, Famke Janssen සමග Elisabeth Shue දායකත්වය ලබා දී තිබෙනවා. 20th Century Fox සමාගම විසින් සිනමාපටය ප්‍රදර්ශනයට මුදා හැර තිබෙන අතර සිනමාපටය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 25ක් වැය කර තිබෙයි. නමුත් සිනමාපටය ප්‍රදර්ශනයෙන් අනතුරුව උපයාගැනීම ඇමරිකානු ඩොලර් මිලියන 123ක් වෙනවා. මෙම සිනමාපටය 2005 වසරේදී හොදම Horror සිනමාපටය ලෙස Golden Treier සම්මානයෙන් පිදුම් ලබා තිබීම තවත් විශේෂයි.

Hide and Seek ජීවිතය බේරගන්න ඕනේ නම් හැංගිලාම ඉන්න.


Hide and Seek සිනමාපටයේ කතා සාරාංශය

මනෝ වෛද්‍යවරයෙක් වන ඩේවිඩ් තම කුඩා දියණිය වන එමලි හා තම භාර්යාව සමග ඉතාමත් සතුටෙන් ජිවත් වූ අයෙක්. එක දිනකදී ඔහුගේ භාර්යාව සියදිවි හානි කරගැනීම හේතුවෙන් ඩේවිඩ් සහ එමලි තනි වෙනවා. ඇයගේ මිය යාමට කිසිම හේතුවක් නොවිම නිසා ඩේවිඩ් සිටින්නේ කම්පාවෙන්. මේ නිසාම තම දියණියත් රැගෙන ඩේවිඩ් පිටිසර පළාතකට ජිවත් වීම සඳහා පිටව යනවා. ඒ සිදුවූ සියල්ල දියණියගෙන් වගේම තමාගේ සිතෙනුත් අමතක කරලීමට ගන්නා වූ උත්සහයක් ලෙසයි.

මවගේ අහිමි වීමෙන් පසුව එමලි තමාගෙන් ටික ටික දුරස් වෙන බව ඩේවිඩ්ට දැනෙන්න පටන් ගැනීමත් සමඟ ඔහුගේ සිත තවත් කණස්සල්ලට පත්වෙනවා. එමලිගේ ආශ්‍රයට යහළුවන් එකතු කර දෙන්න ඩේවිඩ් උත්සහ කලත් එමලි ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනු ලබනවා. කීප දිනකට පසුව එමලි ඩේවිඩ් ට චාලි කියලා කෙනෙක් ගැන පවසනවා. ඒ ඇයට අලුතෙන් හමුවූ යහළුවෙක් බව ඇය ප්‍රකාශ කරනවා.චාලි සමග එමලි නිතරම සෙල්ලම් කරනවා කිව්වට ඩේවිඩ් ට මේ කියන චාලිව නම් පෙන්නේ නැහැ. ඒ නිසා ඩේවිඩ් හිතන්නේ චාලි කියන්නේ එමලිගේ මනොමයේ රැදුණු යහළුවෙක් කියලා.ගොඩක් පොඩි අය තනි උනාම මේ විදියට කෙනෙක් හිතෙන මවා ගෙන සෙල්ලම් කරනවා. ඒ හැටියක්. ඒ නිසාම ඩේවිඩ් මේ දේවල් ගැන වැඩිය හිතන්න ගියේ නැහැ.

Hide and Seek ජීවිතය බේරගන්න ඕනේ නම් හැංගිලාම ඉන්න.


හැබැයි ඉතින් ඩේවිඩ් හිතන පතන දේවල් ඒ විදියටම වුනේ නැහැ. පුංචි එමලි ගේ චර්යාව එන්න එන්නම වගේ වෙනස් වෙන්න ගත්තා. ඒ වගේම නිවසේ එක එක අත්භූත දේවල් වෙන්න පටන් ගන්නෙත් ඔය අතරෙදිමයි. එමලි නම් කියන්නේ ඒ දේවල් කරන්නේ චාලි කියලා. මේ මනෝ යාලුවා නිසා ඩේවිඩ් ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේම ඩේවිඩ් ට තේරුම් යනවා චාලි කියන්නේ එමලිගේ මනොමයෙන් මවා ගත් යහළුවෙක් නොවන බව.

එතකොට මේ චාලි කවුද?

පුංචි එමලිට මොකක් වෙයිද?

ඩේවිඩ් ට මොකක් වෙයිද?

එමලිගේ අම්මට මොකද ඇත්තටම උනේ?

ඒ ටික දැනගන්න නම් ඔයාලට Hide and Seek සිනමාපටය නරබන්නම වෙනවා. එකක් කියන්නම්. මේ සිනමාපටය සාම්ප්‍රදායික සිනමාපට වලින් බැහැරව නිර්මාණය වූ Horror සිනමාපටයක් වගේම අපි නොහිතන උඩු යටිකුරු අවසානයක් මේ සිනමාපටයේ ඇතුලත් වෙනවා. ඉතින් හොද කෘතුහලයකින් මේ සිනමාපටය නරබන්න පුළුවන් නිසාවෙන්ම ඔයාලා වෙනුවෙන් මේ සිනමාපටය ගැන තොරතුරු රැගෙන පැමිණියා.

Hide and Seek ජීවිතය බේරගන්න ඕනේ නම් හැංගිලාම ඉන්න.


නිවාඩු වෙලාවක නිදහසේ Hide and Seek සිනමාපටය නරඹා ඒ ගැන ඔබේ අදහසුත් අපි එක්ක බෙදාගන්න. සිනමාපටය ගැන ඔයාගේ යාළුවන්ට කියන්න.

අපේ Art Street Blog එකට වගේම අපේ Facebook සමුහයටත් එකතු වෙන්න ඔයාලට ආරාධනා කරනවා.තවත් මෙවැනිම Horror සිනමාපටයක් සමඟ හමුවෙන්නම්.


Giza Bee






Post a Comment

0 Comments