ඇතුළාන්තයෙන් පැමිණි හාදුව - Inhuman Kiss

Art Street

මහසෝනා, කළු කුමාරයා, මෝහිණී වගේ අපේ රටට අවේනික හොල්මන් කතා තියනවා කියලා ඔයාල දන්නවා. ඉතින් අනෙක් රටවල් ගත්තමත් ඒ විදියට ඔවුන්ට අනුගත වෙච්ච හොල්මන් කතා සහ විශ්වාසයන් තියනවා. අද "Art Street - කලා වීදිය" හරහා ඔයාලට සමීප කරන්නේ වෙනස්ම විදියේ ලස්සන හොල්මන් සිනමාපටයක් තුල දිවෙන ආදර කතාවක් තේමාවුන තායිලන්තයේ නිපදවුන සිනමාපටයක් වෙතයි.

දැන් කියන්න එපා හොල්මන් කොහෙද ලස්සන කියලා... මේක බැලුවම ඒ අදහස වෙනස් වෙයි.

Inhuman Kiss

Art Street


හොල්මන් කතා බලන්න පොඩ්ඩක් බය කට්ටිය මේ වගේ කතාවකින් ආරම්භයක් ගන්න එක හොදයි. ලස්සන ආදර කතාවක් එක්ක මේ සිනමාපටය ගලාගෙන යන නිසා කිසිම බයකින් තොරව සිනමාපටය රසවිදින්න පුළුවන්, horror බලලා බලලා ඉන්න කට්ටියටත් මේක වෙනස් අත්දැකීමක් වෙයි කියලා හිතනවා.

2019 දී Inhuman Kiss සිනමාපටය ප්‍රදර්ශනය ඇරඹෙන්නේ. IMDB දර්ශකයේ සිනමාපටය සඳහා 6.8ක රේටින්ග්ස් ලැබිලා තියනවා.ඒ කියන්නේ බලන්න පුළුවන් හොද මට්ටමක තියන සිනමාපටයක් කියන එක.

සිනමාපටයේ අධ්‍යක්ෂණය Sittisiri Mongkolsiri ගෙන්.මෙහි ප්‍රධාන චරිත වලින් එකතු වන අය ගැන සඳහනක් නොකර ඉන්නම්.මොකද ඒ නම් ටික කියවන්න ගියාම ඔයාලට දිව පැටලෙන්න ඉඩකඩ වැඩි.ඒ නිසාම සිනමාපටයේ කතාව කෙටියෙන් දිග හරින්නම්.

ක්‍රාසු කියන්නේ එක ආත්මයක්.ඒ ආත්මේ මිනිහෙක්ගේ ඇඟකට ආරූඩ වුවහොත් රාත්‍රියේදී ඒ මනුස්සයාගේ ශරීරයෙන් ඔළුව වෙන්වෙලා එයාටත් නොදැනීම ගමන් කරන්න ගන්නවා.ඒ මස් හොයාගෙන.මේ හේතුව නිසාම මම මේ කියන ගමේ මිනිස්සු ඉන්නේ ගොඩක් බයෙන්.රැකට එලියකටවත් බහින්න ඔවුන් කැමැත්තක් නැහැ.ඉතින් මේ පිටිසර ගමේ ඉන්නවා සායි කියලා ලස්සන කෙළි පැටික්කියක්.මෙයාට ඉන්නවා තව හොද යාළුවො තුන්දෙනෙක් නොයී ,ජර්ඩ්,ටිං කියලා.මෙයාල හතර දෙනාම පොඩි කාලේ ඉදලම ගොඩක් සමීපයි.එකටමයි ජිවත් වෙන්නේ.සෙල්ලම් කරන්නෙත්.

Art Street


කාලෙත් එක්ක මේ අය තරුණ වෙනවා.සායී ගොඩක් ලස්සන තරුණියක්.ඉතින් කොහොම හරි සායී ට නොයී , ජර්ඩුයි ආදරේ කරන්න පටන් ගන්නවා.ඉතින් හොදම යාළුවො උනත් දෙන්නම කෙල්ලට වැඩි වැඩියෙන් ලං වෙන්න පොඩ්ඩක් තරඟ කරනවා.සායි ඉතින් ගමේ තියන කුඩා රෝහලේ තමයි වැඩ කරන්නේ.මොනවා හරි ලෙඩක් වෙලා රෝගියෙක් ගෙනාවොත් එයා උපරිමයෙන්ම සත්කාර කරනවා.

මේ තුන්දෙනාගේ ආදර කතාව ඒ විදියට ගලාගෙන යද්දී කතාව ටිකක් වෙනස් වෙන්නේ සායිගේ වෙනස් හැසිරීම නිසයි.සායි ට නොදැනුවත්ම වන වැඩක් නිසා එයා, මම අර කලින් කිව්වා වගේ "ක්‍රාසු" කෙනෙක් බවට පත්වෙනවා.එයා වත් ඒක දන්නේ නැහැ.කොහොම කොහොම හරි රැට මෙයාගේ ඇගෙන් හිස වෙන් වෙලා අමු මස් සහ ලේ හොයන්න දඩයමේ යනවා.ගම පුරා පිරිස මේ හේතුවෙන් බය වෙනවා.ඉතින් ඔය අතරේදී ක්‍රාසු ලාව දඩයම් කරන දඩයම් පිරිසක් මේ ගමට එනවා.එතනින් පස්සේ හැමදේම අවුල් ජාලාවක් වෙනවා. අවසානෙදි සායිට මොනවා වෙයිද? සායිට ට්‍රයි කරන කොල්ලෝ දෙන්නාට අන්තිමේ මොකක් වෙයිද?

මේ සියල්ලම ඔයාලට සිනමාපටය බලලම තමා තීරණය කරන්න වෙන්නේ.සිනමාපටයේ පෝස්ටරය දැක්කම නම් මේක අනිවාර්යෙන් බලයි. horror ,romantic ,thriller කාණ්ඩයට අයත් සිනමාපටයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. අමුතු කතාවක් නිසා කම්මැලි කමෙන් තොරව බලන්න පුළුවන් වෙයි..

මේ සිනමාපටය ගැන යාලුවන්ටත් කියන්න.ඒ වගේම අපේ Art Street - කලා විදීය සමූහය වගේම අපේ බ්ලොග් එකටත් එකතු වෙන්න අමතක කරන්න එපා.

තවත් මෙවැනිම අපුරූ සිනමාපටයක් සමඟ හමුවන්නම්...

Art Street


Post a Comment

0 Comments