Pet Sematary සුරතලුන් මිහිදන් කළ කනත්තේ රහස



Art Street - කලා වීදිය හරහා නුදුරේදී ආරම්භ වන්නාවූ මළවුන්ගේ මාසය නිමිති කොට ගෙන රැගෙන එන්නාවූ Horror සිනමා පෙළ ගැන ඔබ මේ වන විටත් දැනුවත් ඇති. ඉතින් මේ අයුරෙන් පෙළ ගැසුමේ දෙවැනි සිනමාපටය ඔබට සමීප කරන්නට අප සිතුවේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වූ සිනමාපටයක් වෙතයි.

සුප්‍රකට නවකතා පොත් වල එන චරිත සැබෑ ජීවිතයේදී සමහර අවස්තාවන් වලදී අපේ ජිවිත වලට ලං වෙනවා. ඒ වගේමයි සමහර පොත පතට සීමා වූ අමතක නොවන චරිත නෙක නෙක අධ්‍යක්ෂකවරුන් විසින් අප ඉදිරියට ගෙන එන්නේ ප්‍රේක්ෂකයන් වන අපව කෘතුහලයෙන් පුරෝවමින්. පොඩි කාලේ ආසාවෙන් කියවපු පොතක් සහ එහි තිබු කතාව සිනමාපටයකට එනවා කියල දැනගත්තොත්. "අම්බෝ.. මරුනේ" යයි අනිවාර්යෙන් ඔබේ මුවෙන් කියවෙයි. ඒ වගේ සිනමාපට බොහොමයක් ඔබටට මතක ඇත. මෙයත් එවැනිම සිනමාපටයකි.



Stephan King කියන නාමය බොහෝ දෙනෙක්ට හුරු ඇති. එත් ඔහු කවුද කියන එක නොදන්නා අයත් ඇති. Stephan King කියන්නේ ගොඩක් ජනප්‍රිය කතුවරයෙක්. ඔහු බොහෝ විට ඔහුගේ පොත් රචනා කරලා තියෙන්නේ Horror, Thriller පැත්තට බරවයි. 1947 දී තමයි ඔහු මෙලොව දකින්නේ. Stephan King ගේ ජිවිත කතාවත් හරි අපුරු එකක්. දවසක ඒ ගැනත් කියන්නම්. අද Stephan කියන ගත් කතුවරයා ගැන හඳුන්වා දෙන්න ගත්තේ එකම එක හේතුවක් උඩ. ඔහු විසින් රචනා කරන ලද බොහෝ කතා සිනමාපට වලට හැරවුණේ එම කතා වලට තිබු ඉල්ලුම නිසාමයි. මොහු විසින් රචිත පළමු කෘතිය වන්නේ "Carrie". මෙයත් සිනමාපටයක් ලෙස පරිවර්තනය වී ඇත. නමුත් අද ඔබ හමුවේ තබන්නේ ඔහු විසින් රචිත තවත් කෘතියක් වෙතයි.


Pet Sematary



Stephan King විසින් රචිත Pet Sematary නවකතාව අදට වසර 37කට පමණ පෙර පොතක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබනවකි. මෙහි පිටු 137කින් සමන්විතයි. Pet Sematary සිනමාපටයේ පළමු සිනමාපටය 1989දී තිරගත වූ අතර ඉන් පසුව එහි නැවත නිර්මාණයක් ලෙස 2019 වසරේදී එම නමින්ම සිනමාපටයක් තිරගත විය. මේ 2019 වසරේ තිරගත වූ Pet Sematary සිනමාපටය ගැනයි.

මෙම සිනමාපටයේ අධ්‍යක්ෂණය කරන්නේ Kevin Kölsch සහ Dennis Widmyer විසින්. සිනමාපටයේ තිබු ජනප්‍රියතාවය සහ සාර්ථකත්වය නිසාම මේ අධ්‍යක්ෂකවරුන් මෙම Pet Sematary කතාවට අදාලව නුදුරේදී තවත් සිනමාපටයක් එළි දැක්වීමට සැරසෙන බවද පැවසෙනවා. imdb දර්ශකයේ 6.1 අගයක් ගන්න මෙම සිනමාපටය සමත්වෙලා තියනවා. මෙය Horror / Mystery /Thriller ඛාණ්ඩ යට අයත්වෙයි.

මෙම සිනමාපටයට ප්‍රධාන චරිත වලින් සුප්‍රසිද්ධ නළු නිලි යුවලක් වන Jason Clarke සහ Amy Seimetz එකතුවෙලා තියනවා. මෙම සිනමාපටය මිලියන 21ක් වැනි සුළු මුදලකින් නිමවා ඇති අතර මෙහි ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 190ක් වනවා. මෙම සිනමාපටයේ බෙදා හරිම Paramount Pictures සමාගමෙන් සිදු වුවකි.

Pet Sematary සිනමාපටයේ කතා සාරාංශය


pet sematary


බොස්ටන් වල ජිවත් වල ලුවිස් සහ ඔහුගේ පවුල ලුඩ්ලොව් වෙත පැමිණෙන්නේ විඩාබර ජිවිතයට පොඩි නිදහසක් ලබා දෙන්නයි. එයට හේතුව ලුවිස්ට බොස්ටන් වල ජිවත් වෙද්දී තමන්ගේ පවුලේ අය සමග නිදහසේ ඉන්න හිටින්න කාලය අඩු වීමයි. ඉතින් මෙයාලා ලුඩ්ලොව් වල ජිවත් වෙන්න තෝරාගන්න නිවසේ ඉඩමට යාබදව තියෙනවා සුරතල් සතුන් මිය ගියාට පස්සේ භුමිධානය කරන තැනක්. ලංකාවේ නම් අපට මේ වගේ තැනක් නම් නෑ. අපේම වත්තේ කොහේ හරි වලක් කපලා වළලනවා මිසක. මේ සුරතල් සතුන් වළලන මේ භූමියත් ඒ වගේ ගොඩක් සතුන් මියගියාට පස්සේ මිහිදන් කරලා තියනවා. මිහිදන් කරලා කුරසයක් ඒ වළ ගාව සවි කරන අතර එතන මිහිදන් කල තැනක් යන්න සටහන් තබනවා.සුරතල් සතෙක් මිහිදන් කරන්න යද්දී මියගිය සුරතල් සතාගේ පාශ්‍රවය ගමන් කරන්නේ ටින් වලට කොටු වලින් ගසමින් ශබ්ධ පුජා තියමිනුයි.

ඉතින් කලින් කිව්ව සුරතල් සතුන් මිහිදන් කරන භූමියට එහෙමත් නැත්නම් ඒ සුසාන භූමියට එහා පැත්තේ තියෙන්නේ වෙනමම භූමියක්. ඒ භුමිය ගොඩක් අස්වාභාවිකයි,. ගුප්තයි. හැමවෙලේම මීදුම වගේ ගැවසෙනවා. ඒ අස්වාභාවික භුමියේ මිහිදන් කරන අයට පණ දෙන්න පුළුවන් කියලා තමයි ගම්මු අතර විශ්වාසයක් තියෙනවා.

pet sematary


ලුවිස් ටත් බිරිදටත් කුඩා දියණියක් ඉන්නවා,. ඇය හුරතල් කෙලි පොඩ්ඩක් , එයාගේ සුරතලා වුනේ පුසෙක්. ඉතින් දවසක් මේ පුසා අනතුරකට ලක් වෙලා මැරෙනවා. ඉතින් මේ ගැන දැනගත්ත ලුවිස්ගේ අසල්වැසියා වන ජේඩ් ඔහුව කැඳවාගෙන යනවා අර මුලින්ම කිව්ව අස්වාභාවික භූමියට. ඒ සුරතල් සතාව වළලන්න. සුරතල් සතුන් වළලන සොහොන් බිම පසු කරගෙන ගිහින් ඔවුන් ඇතුල් වෙන්නේ අර මිහිදන් කලාම නැවත පණ එනවා කියලා විශ්වාසය කරන භූමියට. නමුත් ලුවිස් මේ ගැන කිසිම වගක් දන්නේ නැහැ. ලුවිස් කිසිවක් නොසිතා මියගිය පුසාව ඒ භුමියේ මිහිදන් කරනවා.

ඔන්න දවසක් ගෙවිලා යනවා. ලුවිස් දකිනවා එයා පසුගිය දවසේ මිහිදන් කරපු පූසා ආපහු ගෙදරට ඇවිල්ලා ඉන්නවා කියලා.එයා පුදුම වෙනවා. ඉතින් එයා කෙලින්ම ජේඩ් ව හොයාගෙන ගිහින් අහනවා මේ පුදුම දේ ගැන. ජේඩ් මහා ලොකුවට ඒ භුමිය ගැන කියන්න දැනගෙන හිටියේ නැහැ. ඔහු කියන විදියට ඒ භුමියේ මිහිදන් කරන කෙනාට පණ ඇවිල්ලා නැවත ඉපදුනාට ඒ මතුපිටෙන් ඉන්න කෙනා නෙමෙයි ඇතුළතින් ඉන්නේ.ඒක මහා බරපතල හිතාගන්න බැරි සිදුවීමක්.

ඉතින් මේ සිදුවීමත් එක්ක කාලය ගත ගතවෙලා යනවා. ලුයිස්ගේ දියණියගේ උපන්දිනය. හැමෝම වගේ හරිම සතුටෙන් තමයි හිටියේ. එත් එදා නොසිතු දෙයක් සිද්ද වෙනවා. ලුවිස් ගේ දියණියත් එදා සිදුවන රිය අනතුරකින් ජිවිතක්ෂයට පත් වෙනවා. ඉතින් මේ සිද්දියත් එක්ක ලුවිස්ගේ බිරිඳත් ලුවිසුත් තනිවෙනවා. එත් ලුවිස්ට මතක් වෙනවා අර අස්වාභාවික භුමිය. ඔව් ඔබ හිතන විදියටම තමයි.ලුවිස් හිතන්නෙත් තමාගේ මිය ගිය දරුවාගේ දේහය අරගෙන ගිහින් අර භුමියේ මිහිදන් කරලා නැවත පණ ගන්න.

pet sematary


එතනින් එහාට සිද්දවෙන දේවල් මොනවද කියන එක නම් සඳහන් කරන්නේ නැහැ.ඒ හැමදෙයක්ම සිනමාපටය බලන ඔබට භාරයි.කෘතුහලය එක්ක විශ්මය දනවන මෙම සිනමාපටය Horror සිනමාවට ආදරය කරන ඔබ නැරඹිය යුතුම සිනමාපටයක් ලෙස හඳුන්වා දෙන්න කැමතියි.

සිනමාපටයේ කතාව ගලාගෙන යන ආකාරයද රූප රාමුවෙන් රාමුවට රැගෙන එන කෘතුහලය සහ පසුබිම් සංගීතය රූපරාමු වල පැහැය වගේම පසුබිම ඔබව වෙනම තැනකට රැගෙන යන්න සමත්කම් කියාවී. ඔබ තනිවම Horror සිනමාපට නරඹන අයෙක් නම් කළුවර රාත්‍රියේ Head Set එකක් භාවිතා කරමින්ම මේ සිනමාපටය නරඹන්න. කලින් මා කියූ සියල්ලම ඔබට අත් විඳීමට හැකියාව ලැබේවී.


නිවාඩු වෙලාවක නිදහසේ Pet Sematary සිනමාපටය නරඹා ඒ ගැන ඔබේ අදහසුත් අපි එක්ක බෙදාගන්න. සිනමාපටය ගැන ඔයාගේ යාළුවන්ට කියන්න.

අපේ Art Street Blog එකට වගේම අපේ Facebook සමුහයටත් එකතු වෙන්න ඔයාලට ආරාධනා කරනවා. තවත් මෙවැනිම Horror සිනමාපටයක් සමඟ හමුවෙන්නම්.


Post a Comment

1 Comments

  1. ආසාවක් ආවා බලන්ඩත් 😎🙄

    ReplyDelete