Secret of the Rose ලාංකේය සිනමාවේ ප්‍රථම ගොතික් සිනමාපටය විදෙස් ප්‍රදර්ශනයට සැරසේ

Art Street
_Giza Bee_

ලාංකේය ප්‍රථම ගොතික් සිනමාපටය වන

"Secret of the Rose - රෝස රහස" නුදුරේදීම විදෙස් ප්‍රදර්ශනයට සැරසේ..

"ඉරාන් ගොඩමුන්න" යනු අද පරම්පරාවේ සිටින වෙනස් විදියට සිනමාව දකින තරුණ අධ්‍යක්ෂකවරයෙක්."රෝස රහස" යනු ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණයයි.පෙර කලෙක "හෙල ලඟ" නමින් සිනමාපටයක් නිෂ්පාදනය කල ධම්මි ගොඩමුණ්න ඉරාන් ගොඩමුණ්නගේ ආදරණීය මව වෙනවා.ඇය Secret of the Rose - රෝස රහස සිනමාපටයේ නිෂ්පාදිකාව වෙනවා.

"රෝස් විලා" බංගලාවට ඔබව සාදරයෙන් පිළිගනිමූ.

සීතල කඳුකරයේ මීදුම අතර හිස ඔසවා සිට මහා යෝධ බංගලාව සැමවිටම අත්භූත හැඩයක් මෙන්ම කියා ගත නොහැකි ගුප්ත බවකින් සියවස් ගණනක් සිට වැජඹෙමින් තිබුන තැනකි. බැලු බැල්මට හිස් බවකින් පිරුණු මෙය පිටස්තර ලෝකයෙන් බොහෝ සෙයින් නිදහස්ව තිබුණු තැනකි.දිනක් "රෝස් විලා" නමින් නම් කොට ඇති මේ බංගලාවට නටාලියා සහා ඇයගේ අවරුදු හතක පමණ වන දියණිය පැමිණෙන්නේ ඔවුන්ගේ ජිවිත වලට නැවත නිදහසේ හුස්මක් ගැනීමටයි.නමුත් ඔවුන් කිසිසේත් ම මේ බංගලාව රහස් වලින් පිරුණු තැනක් බව අල්ප මාත්‍රයක් වත් දැන සිටියේ නැත.නමුත් සැබවින්ම මතුපිටෙන් තිබෙන ගුප්ත බංගලාව පෙනෙනවාට වඩා එහි සිරවී තිබුනේ කාටත් නොකී රහසක්මය.

බංගලාව බලා ගැනීමට සිටි තවත් පුද්ගලයෙකු ද විය.තරමක් වයස් ගත වූ මේ පුද්ගලයා කාලයක් තිස්සෙම මේ "රෝස්විලා" හි සේවයේ නියුතු අයෙකි.දින කිහිපයක්ම යන තුරුම අත්භූත දේවල් වෙන්න පටන් ගැනීමත් සමඟම නටාලියා ට එය මහත් කෘතුහලයක් මෙන්ම හිතට බයක් ගෙන දෙන්නක් බවට පත් වෙනවා. නමුත් එක් දිනයක දී නටාලියා හට "රෝස් මේරී" නම් කාන්තාව ගැන දැනගන්න ලැබෙන්නේද මේ හේතු කාරණා සමඟයි. ඇයගේ මිය යාමෙන් අනතුරුව මෙම බංගලාව ට පිවිසෙන අයට විවිධ ප්‍රශ්න පැන නඟින බවද ඈ දැනගන්නේ බංගලාවේ වැඩ කරන තැනැත්තාගේන්මය.

Art Street


නෝමන් යනු අශ්වයන් බලාගන්නා තරුණයෙකි.අමුතු ස්වරූපයකින් හෙබි ඔහු ද විටෙක අත්භූත පුද්ගලයෙකු සේම ගුප්ත බවෙන් පිරි මනුස්සයෙකි.එමෙන්ම ඔහු කලක සිට මානසික රෝගයකින් පෙළෙන අයෙකි.එහෙත් ඒ හැමදේම පිටස්තරයන්ගෙන් සඟවා සිටින්නට ඔහු ගන්නේ ලොකු වෑයමකි.දිනක් තරුණ රූපශ්‍රීයෙන් සිටින නටාලියා ව දකින නෝමන් ගේ සිත තුළ ඈ කෙරේ කැමැත්තක් සහ ආදරයක් හට ගන්නේ නාටාලිද නොදනුවත්මයි.

එක්තරා සීතල රාත්‍රියක නෝමන් ගේ රහසිගත ආදරය සඟවා ගෙන සිටිනවා සේම බංගලාව තුල සැඟවී තිබු රහස් කෙමින් කෙමින් එළියට එන්නට පටන් ගන්නේ නටාලියා ට සිතා ගත නොහැකි ලෙසයි.

නටාලියා සහ ඇයගේ සිඟිති දියණියගේ ඉරණම කෙසේ නම් "රෝස විලා" තුළ රැකේවිද?

නෝමන් ගේ රහසිගත ආදරය නටාලියා පිළිගනීවිද?

මේ බංගලාව තුළ සැඟවුණු රහස කුමක්ද?

මේ හැම දෙකටම පිළිතුරු "SECRET OF ROSE" එහෙමත් නැතිනම් "රෝස රහස" සිනමාපටයේ අන්තර්ගතව තිබේ.

SECRET OF ROSE


කිසිදාක නොදුටු ලාංකීය සිනමාපටයක වෙනස් කලාත්මක පැහැයන් ගෙන්ද වර්ණ රටාවන්ගෙන්ද සංගීතයෙන් ද රංගනයනයන් ගෙන්ද පරිපුර්ණ වෙමින් කෘතුහලය භීතිය එකට මුසු කරමින් තැනුණු මේ නැවුම් සිනමාපටය ලාංකීය සිනමාවේ ප්‍රථම ගොතික් සිනමාපටය ලෙස රන් අකුරෙන් ලියවේවී.

වෙනස් සිතුවිලි එකට කැටි වූ සිනමාත්මක වින්දනයක් දකින්න කැමති බොහෝ ලාංකීය ප්‍රේක්ෂකයන්ටද මෙය නුදුරේදීම නරඹන්න හැකියාව ලැබේවි.

සිනමාපටයේ රංගනයෙන් මනා රංගන පෞර්ශවයකින් හෙබි සම්මානනීය නළු රොෂාන් රවින්ද්‍ර සහ නව සිනමාවේ ආදරණිය පෞර්ෂත්වය වූ රොෂාන් රණවන සමඟ නවක නිළියක් ලෙසින් වින්ඩි මැදපාත එකතු වී සිටින අතරම රිචාඩ් වීරක්කොඩි,මිලින්ද පෙරේරා, ගයනා සුදර්ශනී, ශේනේලී සමරදිවාකර Secret of the Rose හි අනෙකුත් චරිත මවන්නට එකතු වී සිටී.

මෙහි පසුබිම් සංගීතය ගැන නොකියාම බැරි දෙයකි.ගොතික් සිනමාවට උචිත අයුරෙන් සංගීතයෙන් සිනමාපටය පෝෂණය කරළීම සඳහා භාගෙශ්‍රී ෆොන්සේකා මැනවින් කටයුතු කොට තිබේ.

Secret of the Rose සිනමාපටයේ අධ්‍යක්ෂණය ඉරාන් ගොඩමුන්න වන අතරම තිර රචනය සඳහා ඉරාන් ගොඩමුන්න සමඟ චන්ද්‍රරත්න මාපිටිගම සුසංයෝජනයෙන් නිමවී තිබෙයි.

Art Street


මෙහි නිෂ්පාදනය සිදු කර ඇත්තේ ඉරාන් ගොඩමුන්න තරුණ අධ්‍යක්ෂකවරයාගේ මව වන ධම්මි ගොඩමුණ්න විසිනි.

තවමත් පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මෙරට සිනමාශාලා ද මුහුණ දී ඇති දැඩි අර්බුදය හේතුවෙන්ම Secret of the Rose - රෝස රහස සිනමාපටය බොහෝ විට ලාංකීය ප්‍රෙක්ශකයන් වෙතට ලබන වසරේදී දැකබලා ගැනීමට හැකියාව ලැබේවී. එමෙන්ම මෙම වසරේ අග භාගයේදී මෙම සිනමාපටය එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය වැනි රටවල් වල ප්‍රදර්ශනයට සූදානම් වෙමින් තිබෙනවා.

ඉවසිල්ලෙන් සිටින්න..

සැඟවුණු රහස් බොහොමයි..



art street

art street

art street


Post a Comment

0 Comments