දුටු පමණින්ම එකිනෙකා වෙත ආකර්ෂණය වීමක්. දැක්ක ගමන් ඇතිවෙනා ආදරයක් ලෙසින් වර්ග කල නොහැකි මෙය, ආශාවක්. කාන්දම් බලයකින් වාගේ බැදීමක් ඇතිවෙනා සංතෘප්ත කරගන්නට වෙහෙසෙනා ගිනියම් හැගීමක්.
මෙම සිනමා පටිය ගෙතෙන්නේ, ආදරයක් අනුසාරයෙන් නෙවෙයි, අවසානයෙ එහෙම හැගීමක් පිළිබිඹු උනත්, එයට යෑමට ගමන් මාර්ගය වැටී ඇත්තේ, රාගය තුලිනුයි.
1929 වසරේ වියට්නාමයේ ප්‍රංශ කොලනි ව්‍යාප්ත වූ සමයේ සමාජය පසුබිම් කරගෙන තමයි කතාව ගොඩනැගෙන්නේ. 15 හැවිරිදි හිරිමල් වියේ පසුවෙනා තරුණියක්, ලිනන් ගවොමකින් සැරසුනු, තොප්පියක් පැලද සිටින ඇයගේ ප්‍රංශ ජාතික පවුලේ ඒ හැටි ගතයුත්තක් නම් නැහැ. තනිකමින් කල් ගෙව්වත් ඇය ඉගෙනීමෙහි දක්ෂ, ලේඛිකාවක වීමේ සිහිනයක් දකින හුරුබුහුටි කෙල්ලක්.
ඔහු, චීන සම්භවයක් සහිත, ධනවත්කමින් ආඩ්‍ය වූ, 30 ගනන් වල පසුවෙනා තරුණයෙක්. ඇස ගැටුනු මුල් මොහොතේ පටන් ඔවුන් දෙදෙනා එකිනෙකාට ලං වීමේ ආසාව ඉමහත්. ජාතියෙන්, වයසින්, සමාජ තත්ත්වයෙන්, අහස පොළොව මෙන් දුරස්ථබාවය සහිත දෙදෙනෙක්ගේ එකතුවීමේ අවසානය සතුටුදායක නොවෙනා වග දෙදෙනාටම අවබෝධයක් තිබුනත්, ස්පර්ශයකට, පහසකට, ශරීරයේ ඉල්ලීමට, ලොබ බදිමින් ඔවුන්ගේ එකතුවීම සිදුවන්නේම, නිරායාසයෙන්මයි.
පවුල් දෙකේම විරෝධතා එල්ල වීමත් සමග, ඔහුට නියම කරනු ලැබූ මනාලියගේ අතගැනීමත්, ඇය නැවත ප්‍රංශය බලා යාමත් සිදුවෙනවා.
ආදර සම්බන්ධයක් ඇත්තටම ඔවුන් අතර තිබුනාද, නැත්නම් එය හුදෙක් ආශාවන් සංසිදවීමේ ප්‍රයත්නයක් පමණක්ද, එය වටහාගැනීම චිත්‍රපටිය නරඹනා ප්‍රේක්ෂකයින්ට බාරයි.
The Lover 1992 තිරය වර්ණවත් කෙරූ, Romantic Drama ගනයේ සිනෙරූ පටයක්
Marguerite Duras ප්‍රංශ නවකතා රචිකාවියගේ අර්ධ ස්වයං චරිතාපදානය ඇසුරින් තමයි කතාව ප්‍රාණවත් වෙලා තියෙන්නේ.
ඇකඩමි සම්මානයකට නිර්දේශ වුනා වගේම, සම්මාන කිහිපයකට නිර්දේශිත වෙන්නත් එයින් සමහරක් දිනාගන්නටත් විවිධ සිනමා උළෙල හීදි මෙයට හැකියාව ලැබුනා.
Box Office අතින්ද සාර්ථක වුනු සිනමා පටියක් ලෙසත් හදුන්වාදෙන්න පුලුවන්.
Viduni Hettiarachchi
0 Comments