කාලය රත්තන් හා සමාන දෙයකි. ආපසු හරවන්නත් බැරි, ලබාගන්නත් බැරි දෙයකි. අපේ ජීවිත කාලයම අපි දුවන්නෙ රේස් එකක්. හති වැටිලා නවතින්න හිතුනත් ප්‍රායෝගිකව ඒ දෙය කරන්න අමාරුයි. වගකීම් වලින් අපිව තෙරපගෙන, බැදීම් වලට යුතුකම් ඉෂ්ට කරන්න අපිව බැදිල. කවුරු හරි කිව්වොත්
" ඔයාගෙ කාලෙ ඉවරයි දැන් ඉතින් යන්න ලෑස්‍තිවෙන්න "
එතකොට ඔයා මොකෝ කරන්නෙ ?
" අනේ තව චුට්ටක් මට කාලෙ දෙන්න, මං ඉටුකරන්න ඕන වගකීම් ටිකක් තියෙනවා "
මෙහෙම කියල තව කාලේ දීර්ඝ කරගන්න ට්‍රයි එකක් ගන්න පුලුවනි ද......
පරසුරාමන්, මැදිවියේ උනාට හරිම කඩිසර, හැල්මේ දුවන කෙනෙක්. දරුවො මොනාහරි කිව්වත්
" පස්සෙ බලමු දැන් වෙලාවක් නෑ " එහෙම කියලා දුවන්න බලන් ඉන්න කෙනෙක්. පවුලෙම ගෘහ මූලිකය හැටියට හැම තීරණයක්ම ගන්නෙ මෙයා. දරුවො තුන්දෙනාම කරන්න ඕන මෙයා කියන දේම තමයි. 25 වැනි විවාහ සංවත්සරය හෙට තියෙද්දි මෙයා බිස්නස් ට්‍රිප් එකක් ගිහින් ආපහු කාර් එකේ එද්දී මුහුණ දෙන්නේ අනතුරකට. ඇස් ඇරල බලද්දී, වටේම හරිම අන්ධකාරයි. කෑලි කපන අදුර, කටහඩක් කාගේදෝ, කලු ඇදගත්ත රුවක් මෙයා ලගට හිමීට එනවා
" මං තමයි කාලය "
තමන්ව හදුන්වාදෙමින් ඔහු පවසනවා.
පරසු ගෙ කාලය ඉවරයි, එයා මැරිලා, මේ මිනිස් රුවකට සමාන කෙනා ඇවිත් ඉන්නේ පරසුව අරන් යන්න. එහෙම කොහොමෙයි යන්නෙ, මට බෑ, කියලා ඕන් පරසු මාස තුනක්, දින 90 ට තමන්ගේ කාලය දික් කරගන්නවා.
දැන් ඉතින් ටක් ටක් ගාල වැඩ ටික වෙන්න ඕන, ප්‍රමෝෂන් එක ගන්න ඕන, වැඩිමහල් දුවව බන්දන්න ඕනේ, බිරිදගෙ අසනීපයට ප්‍රතිකාර කරන්න ඕනේ, පිටරට ඉන්න පුතාව බලන්න ඕනේ, බාල දුවගෙ ජීවිතයත් සෙට්ල් කරන්න ඕනේ.
කාලය තමයි මේ ඔක්කෝටම හරහට ඉන්නේ
ඉතින් පරසුට මේ සේරෝම නියමිත කාලයට කලින් අවසන් කරගන්න පුලුවන් වේවිද ? ඔන්න ඕකයි මේ චිත්‍රපටියේ කතාව. හරිම අපූරු කතා තේමාවකින් මනසට කතා කරන වේගවත් ලෝකයේ ජීවත් වෙන අපි කොච්චර දේවල් වලට ආසා කලත් අපේ ගිණුමේ තියෙනා හොද නරක අනුව අපේ ලැබීම තීරණය වෙනවා යැයි කියාදෙන පාඩම් පොතක් වගේ චිත්‍රපටියක්.
Vinodhaya Sitham මේ මාසයේ 13 වන දින රිලීස් වුනු, Comedy Drama ෆිල්ම් එකක්
ප්‍රධාන චරිත රගන Samuthirakani ගේ අධ්‍යක්ෂනයක් තමයි මේ සිනමා සිතුවම.
Viduni hettiarachchi
0 Comments