ලාංකේය YouTube අවකාශයට එකතු වන ප්‍රථම Horror (හොල්මන්) කතා මාලාව "Last Message" මළවුන්ගේ මාසයේ දී ප්‍රදර්ශනයට සැරසේ.
ලෝක සිනමාව ගත් කල ලෝකය පුරා විවිධ වූ වර්ගයේ සිනමාපට මෙන්ම කෙටි සිනමාපට බිහිව ඇති අතර මතුවටත් බිහිවෙමින් පවති. රූපවාහිනීය තුළද විවිධ වු වර්ගයේ ශාණර වලින් ටෙලි නාට්‍ය ප්‍රදර්ශනය වෙයි. ලාංකේය සිනමාව, රූපවාහිනීය ගත් කල්හී ද ඇත්තේ මෙවැන්නකී. නමුත් ලාංකේය YouTube අවකාශය මේ වන විටත් දක්ෂතා පිරි තරුණ තරුණියන් ඔවුන්ගේ දක්ෂතාවයන් ඒ හරහා ලොව පුරා සිටින YouTube ග්‍රාහකයින් වෙතට රැගෙන යමින් තිබීම විශේෂයකි. එකම රාමුවකට කොටු නොවූ දක්ෂ මෙන්ම විවිධ වූ හැකියාවන් ඇති තරුණ පිරිස් බොහෝමයක් මේ හරහා දැකගන්න ලැබෙයි.
"Last Message" Mini Series Poster |
"Tokka Cinema" කියන්නෙත් එවැනිම එකම රාමුවකට කොටු නොවුනූ කෙටි සිනමාපට හරහා ලංකාව තුළ කතා බහක් ඇති කරගත් තරුණ කණ්ඩායමකි. මොවුන් YouTube අවකාශය හරහා ග්‍රාහකයන් වෙත විවිධ වූ වර්ගයේ නිර්මාණ ඉදිරිපත් කර ඇති අතරම ඉන් බොහෝමයක් අන්තර්ජාතික වශයෙන් තරඟාවලීන් සඳහා තේරී පත් වී තිබේ.
ලක්ෂාන්, මනුරංග, ලුක්ශාන් සහ අභිෂේක් යන මිතුරන් හතර දෙනා එකතුව කණ්ඩායමක් ලෙසින් නිර්මාණය කරන ලද Tokka Cinema හරහා මේ වන විටත් විවිධවූ වර්ගයේ කෙටි සිනමාපට 16ක් නිර්මාණය කර ඇති අතර ඒ තුළ CGI Animation කෙටි සිනමාපටයක් ද වෙනවා.
Last Message Mini Series Special Character Poster |
ඔවුන් විසින් නැවත වරක් ලාංකේය YouTube අවකාශ ඉතිහාසය තුළ නොමැකෙන නමක් එකතූ කරමින් තවත් පියවරක් ඉදිරියට තබන්නේ ලඟදීම ආරම්භ වන්නාවූ මළවුන්ගේ මාසයේ දී ඔවුන් විසින් නිර්මාණය කරන ලද Horror Mini series එහෙමත් නැතිනම් හොල්මන් කතා මාලාවක් එළිදක්වමිනුයි. මෙහි විශේෂතා බොහෝමයක් ඇති අතරම ප්‍රධාන වශයෙන්ම මෙය ලාංකීය YouTube අවකාශයේ ප්‍රථම වරට නිකුත් වන Horror Mini Series කතා මාලාව ලෙසට එකතු වීමට නියමිතයි.
Tokka Cinema YouTube චැනලය හරහා මින් පෙර නිකුත් කරන ලද "Doll in the House" කෙටි සිනමාපටය හා සැබැඳිව දිවෙන මෙම Mini Series මාලාව නම් කොට ඇත්තේ
"Last Message" යනුවෙනුයි. කතාංග 5 කින් නිර්මාණය වී තිබෙන මෙම කතා මාලාව ඔක්තෝම්බර් මස 30 වන දින සිට සති අග සෙනසුරාදා රාත්‍රී 7ට Tokka Cinema YouTube චැනලය හරහා නිකුත් කිරීමට නියමිතයි.
Last Message කතා මාලාව සඳහා මූලික වන කතා පුවත යොදාගනු ලබන්නේ වර්ථමානයේ සිදුවන අප කවුරුත් මුහුණ දී තිබෙන දෙයක් මතය. ඔබට එහිනෙදා ජීවිතයේ බොහෝ විට කෙටි පණිවිඩ හෝ මුහුණු පොත හරහා විවිධ වූ මිතුරන්ගෙන් Messages ලැබෙනු ඇත. ඒ අතර දකින්න ලැබෙන සුලභ ගනයේ Message එකක් ලෙස,
"මෙම Message එක 10 දෙනෙකුට යැව්වොත් ඔයාට අද දවසේ සුභ දෙයක් අහන්නට ලැබේවී"
වැනි Message ඔබටද ලැබී ඇත. ඔබද එලෙස තව අයට එය යවා හෝ නොයවා සිටි කෙනෙක් විය හැක. ඉතින් මෙවැනි කෙටි පණිවිඩයක් එහෙමත් නැතිනම් Message එකක් නිසා සිදුවන අත්භූත සහ කෘතුහලය පිරිණු කතා මාලාවක් Last Message කතා පුවත තුළින් ප්‍රේක්ශකයන් වෙතට සමීප වීමට නියමිතව ඇත.
Last Message කතා මාලාවේ අනෙකුත් විශේෂත්වය වන්නේ මෙහි රංඟනය උදෙසා ලංකාවේ ශිල්පීන් පමණක් නොව විදෙස් ශිල්පිණියක් ද සහභාගී වීමයි. එමෙන්ම කොවිඩ් වසංගතය හමුවේ මෙම ශිල්පීන් විවිධ වූ ප්‍රදේශයන්වල ජීවත් වූ බැවින් එකී කතා මාලාවට අදාල ඇතැම් දර්ශන අධ්‍යක්ෂවරයාට නිසි පරිදී ලබා ගත නොහැකි වූ නිසාවෙන් රංඟනයට දායකවූ පිරිස විසින්ම මෙම කතා මාලාවට අවශ්‍ය දර්ශන රූගත කිරීම් සිදුකර තිබීමම තවත් විශේෂ කරුණකි. Online මාර්ගයෙන් එම විඩියෝ දර්ශන ලබාගෙන සංස්කරණය සිදුකර ඇති අතර මේ සඳහා VFX/Green Screen වැනි නව තාක්ෂනික ක්‍රම යොදාගෙන සිදුවීම ද තවත් විශේෂයකි.
සැමවිටම වෙනසක් දකින්න කැමති මෙහි අධ්‍යක්ෂවරයා වන ලක්ෂාන් පෙරේරා මෙම කතා මාලාව වෙනුවෙන් විදේශීය නළු නිළියන් සොයා ගිය දුෂ්කර ගමනේදී බොහෝ දෙනෙකුගේ ප්‍රතික්ෂේපවීම් හමුවේ පසු නොබසමින් අවසන් වශයෙන් ඔවුන්ට පිලිපීන් ජාතික තරුණියක් මුණ ගැසෙන්නේ Facebook හරහායි. ඇය නමින් Mishiwa Gallardo වන අතරම ඈ සිනමාව ගැන අධ්‍යාපනය ලබන මෙන්ම කෙටි සිනමාපට කිහිපයක්ම නිර්මාණය කලා වූ අයෙකි. ලාංකීය කලා කටයුත්තක් වෙනුවෙන් සහභාගී වන ඇයගේ පළමු අවස්ථාව මෙයයි. Mishiwa මේ හා එකතු වීම සමඟ Last Message කතා මාලාවට තවත් වෙනසක් මෙන්ම විශේෂයක් රැගෙන ඒමට සමත්කම් කියනු ලබයි.
Last Message කතා මාලාව ලාංකේය ප්‍රේක්ශකයන්ට පමණක් සීමා නොවී ඉංග්‍රිසී, දෙමළ, හිංදි, ජපන් සහ තෙලිඟු භාෂාවන් ගෙන් YouTube උපසිරැසි ගැන්වෙන මෙය ලොව පුරා සිටින Horror කතාවන් නැරඹීමට කැමති අය වෙනුවෙන්ම නිර්මාණය වී ඇත.
Last Message හී රංඟනයෙන් දායකවුවන්.
•° Mishiwa Gallardo °•
Nigmy ලෙසින් චරිතයට එකතු වන ඇය පිලිපීන් ජාතික තරුණියකි.
•° ඉසුරු ධනංජය °•
Dilan (dean) ලෙසින් කතාවේ ප්‍රධාන චරිතයට රංඟනයෙන් එකතු වන ඔහු සැබෑ ජීවිතයේ දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වන අතර ලෝක සිනමාවේ Comic Characters ඇඳීමේ මනා හැකියාවක් ඇති තරුණයෙකි.
•° ඔසඳ බණ්ඩාර විජේකෝන් °•
Jebo නම් චරිතයට රංඟනයෙන් එකතු වන මොහු මෙරට නව පරපුරේ ජනප්‍රිය ගායකයෙකු වන අතර "සුන්දරයි ආදරේ" ඔසඳ විසින් ගායනා කරන ලද ගීතයකි.
•° හංසනී නව්‍යාංජනා °•
Teena ලෙසින් චරිතයට එකතු වෙයි. ඇය Tokka Cinema හි Zero කෙටි චිත්‍රපටයටද රංගනයෙන් දායක වී ඇත.
•° ආශිංසනී පතිරණ °•
Shani ලෙසින් එම චරිතයට රංඟනයෙන් දායක වන ඇය මේ වන විටත් කෙටි සිනමාපට කිහිපයක්ම නිර්මාණය කලා වූ දක්ෂ අධ්‍යක්ෂකවරියකි.
•° ලුක්ෂාන් කවිඳු °•
Tokka Cinema කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන මොහු Tokka Cinema හී බොහෝ කෙටි සිනමාපට සඳහා දායකත්වය ලබා දෙන අයෙකි.මෙම කතාවේ ඔහු Gayan ගේ චරිතය වෙනුවෙන් රංඟනයට දායකත්වය සපයනු ලබයි.
•° සඳුනිකා ඉන්දීවරී °•
මෙම කතා මාලාවේ විශ්වවිද්‍යාලය කථිකාචාර්යවරියක් ලෙස ඇය ප්‍රථම වතාවට Tokka Cinema සමග රංගනයෙන් එකතු වෙයි.
•° අභී සේනාධීර °•
මෙම කතා මාලාවේ විශේෂ චරිතයක් වෙනුවෙන් දායකත්වය ලබා දෙන ඔහුද Tokka Cinema හී දක්ෂතා පිරි නිත්‍ය සාමාජිකයෙකි.
The Last Message නිෂ්පාදන දායකත්වය
අධ්‍යක්ෂණය සහ තිර රචනය
ලක්ෂාන් පෙරේරා
සංස්කරණය, VFX සහ වර්ණ සංයෝජනය
ලුක්ෂාන් කවිඳු
සහය අධ්‍යක්ෂනය සහ සම්බන්ධීකාරක
අභිෂේක් සේනාධීර
නිෂ්පාදනය
මනුරංඟ කරුණාරත්න
කතා සංකල්පය
ඉසුරු ධනංජය
කතාව නිර්මාණයට දායකවූවෝ
අනුෂ්ක රසාංජන ද සිල්වා ( ඇඩ්මින් - Facebook සිනමා තක්සලාව සමූහය)
ප්‍රගීත් ශාන් (ඇඩ්මින් - Facebook තතු සිනේරූ සමූහය)
ප්‍රධාන කැමරා අධ්‍යක්ෂනය
ලක්ෂාන් පෙරේරා
සහය කැමරා අධ්‍යක්ෂනය
ලුක්ෂාන් කවිඳු සහ Tokka Cinema කණ්ඩායම
දෙවන සහය කැමරාකරණය සහ අධ්‍යක්ෂනය
(4 වන කතාංගයේ කොටස වෙනුවෙන්)
ආශිංසනී පතිරණ
දෙවන සහය කැමරාකරණය
ජානකී ඒකනායක සමඟ ලක්ෂිත ප්‍රසාද්
දෙවන සහය කැමරාකරණය සහ අධ්‍යක්ෂනය
(පිලිපීනයේ රූගත කිරීම් වෙනුවෙන්)
Mishiwa Gallardo
දෙවන සහය කැමරාකරණය
Jennifer Aguilar
විශේෂිත ඇඳුම් නිර්මාණය
ලසන්ත ප්‍රමුදිත සිල්වා
(Torrential නර්ථන පාසලේ නිර්මාතෘ මෙන්ම දක්ෂ සහ ජනප්‍රිය නර්තන ආචාර්‍ය)
වේෂ නිරූපණය
අභිෂේක් සේනාධීර
දෘෂ්‍ය ප්‍රයෝග කැමරාකරණය සහ කළමනාකරණය
TC Brothers
පසුතල ආලෝක කරණය
TC Brothers
චිත්‍රපට සංගීත නිර්මාපක සහ ශබ්ද නිර්මාණය / පසුබිම් සංගීත නිර්මාණය
ලුක්ෂාන් කවිඳු / ලක්ෂාන් පෙරේරා
සහය කාර්ය මණ්ඩලය
Jennifer Aguilar
මහේෂා මෙන්ඩිස්
ජානකී ඒකනායක
ලක්ෂිත ප්‍රසාද්
මානුක ප්‍රනාන්දූ
තරුෂි ප්‍රනාන්දූ
හිරුෂි ප්‍රනාන්දූ
Last Massage කතා මාලාවේ රූගත කිරීම් බත්තරමුල්ල, පැලවත්ත, කලල්ගොඩ, මොරටුව සහ අනුරාධපුර යන ප්‍රදේශයන් හී රූගත කිරීම් කර ඇති අතර ලංකාවෙන් එපිට පිලිපීනයේ දර්ශන රූගත කිරීම් සිදුකර ඇත.
2021 ඔක්තෝම්බර් මස 30 වන සෙනසුරාදා සවස 7ටත් ඉන්පසු එන සෑම සෙනසුරාදාවන් 5ක දීම එක් දිනකට එක් කොටසක් බැඟින් මුදා හරින අතර Last Massage කතා මාලාව නැරඹීමට Tokka Cinema Youtube චැනලය හා එකතු වීමට ප්‍රේක්ශක ඔබට හැකියාව තිබෙයි.
Last Massage Mini Series - Season 01 ලෙසින් නිකුත් කරන කතා මාලාව තවත් Season කිහිපයකින්ම ඉදිරියේදී දැක බලා ගන්න ලැබෙන අතර Tokka Cinema Youtube චැනලය දැන්ම Subscribe කර තියාගන්න.
Last Massage Mini Series - Season 01
දිග හැරුම
Episod - 01
ඔක්තෝම්බර් මස 30 වෙනිදා - සවස 7
Episod - 02
නොවැම්බර් මස 06 වෙනිදා- සවස 7
Episod - 03
නොවැම්බර් මස 13 වෙනිදා - සවස 7
Episod -04
නොවැම්බර් මස 20වෙනිදා -සවස 7
Episod - 05
නොවැම්බර් මස 27වෙනිදා -සවස 7
Special Event
නොවැම්බර් මස 28 වෙනිදා - රාත්‍රී 9
ලාංකේය YouTube අවකාශය වෙනුවෙන් ප්‍රථම වතාවට නිර්මාණය වන Horror Mini Series එකක් සේම වෙනස් Horror කතා පුවතකින් බිහි වෙන Last Massage කතා මාලාව වෙනුවෙන් දායකත්වය සැපයූ සියල්ලන්ටම 'Art Street - කලා වීදීයේ" අපි සුභ පැතුම් එක් කරන අතර තව තවත් මෙවැනි වෙනසක් සහිත සාර්ථක නිර්මාණ එළිදක්වන්නට ශක්තිය ලැබේවා කියා Tokka Cinema කණ්ඩායමයට අප ප්‍රාර්ථනා එක් කරන්නෙමූ.
0 Comments