2029 දී ලංකාවට සොම්බි ප්‍රහාරයක් - "Lethal Bite"

Art Street

2029 දී ලංකාවට සොම්බි ප්‍රහාරයක්


පසුගිය දිනෙක වෙනස්ම තේමාවක් සහිත කෙටි සිනමාපටයක් YouTube අවකාශයට මුදා හැර තිබු අතර එය "Lethal Bite" ලෙසින් නම් කොට තිබෙයි.එහි සිංහල අරුත මාරාන්තික සපා කෑමයි. සොම්බි කියන වචනය සිනමාපට නරඹන බොහෝ පිරිසකට හුරු දෙයකි. ලෝක සිනමාව ගත් කල බොහොමයක් එවැනි ආරේ සිනමාපට නිර්මාණය වී ඇති අතර හුදෙක් ඒවා බෙහෙවින් ජනප්‍රිය ඒවා වෙයි. ලංකාව තුළද විටෙන් විට මෙවැනි අරුතෙන් කෙටි සිනමාපට බිහිව ඇති අතර Lethal Bite නැවුම් සහ වෙනසක් සහිත කෙටි සිනමාපටයකි.

art street


හිලුෂ හේවාගම විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කර තිබෙන Lethal Bite කෙටි සිනමාපටය කුඩා කාර්යාලයක් වටා ගෙතී යන කතාවකි. 2029 වසරේ දී කොවිඩ් පහව යෑමෙන් අනතුරුව සිදුවන සිදුවීමක් තුළ ආහාර විෂ වීමක් හේතුවෙන් සොම්බින් බවට පත් වන පිරිසක් කේන්ද්‍ර කරගනිමින් ප්‍රේක්ෂකයන්ව මවිත කරවන අතරම මෙය නුදුරු අනාගතයේදී විෂ ආහාර නිසා මෙවැනි දේවල්ද සිදුවිය හැකිය යන්න හිලුෂ නොකියා පෙන්වන රතු එළියක්ද කියා අපට සිතෙන්නට ඉඩ හරින එකකි. ඉතින් අප පරිභෝජනය සහ ආහාරයට බිමට ගන්නා වූ විෂ සහිත දේවල් වලින් පරිස්සම් වීම ගැන නැවත වරක් අපට සිතන්නට වේවි.

වෙනස්ම සිතුවිල්ලක් තුළ කණ්ඩායම් ශක්තියෙන් නිර්මාණය වූ Lethal Bite හි ධාවන කාලය විනාඩි 11ක් වුවද ඒ කාලය තුළ කිසිම අයුරකින් ඇස ඉවතට ගන්න හෝ හුස්මක් ගන්න පවා අමතක කරවන සුළු මෙන්ම තප්පරයෙන් තප්පරය ලබා දෙන කෘතුහලය අනර්ඝ එකකි.

art street


Lethal Bite හි රංගනයෙන් එක්ව සිටින පිරිසද ඔවුන්ගේ උපරිමය තුල සිනමාපටයට ජීවයක් එක් කරන අතර මෙහි රංගනයෙන් රයෝ හේරා, ප්‍රමෝද් සසලංක, තවීෂි ඇල්ලේපොළ, රාසාංගි රත්නායක, අප්සරා අමරසිංහ, ඩෙලයින් ලිණියාගොඩ, දෙව්මි සේරසිංහ, කවීන් ද සිල්වා, නදීෂානි පෙරේරා, හරින කෘස්පුල්ලේ, තිලංක ප්‍රනාන්දු, තරිඳු සංජය එක්ව තිබෙයි.

Lethal Bite හි සම නිෂ්පාදනය සඳහා තිලංක ප්‍රනාන්දු සමඟ සවින්දී මාපලගම එකතුවී ඇති අතර කැමරාකරණය සඳහා දිනුෂ චාමිකර දායකත්වය ලබා දී තිබෙයි. සංස්කරණය හිලුෂ හේවාගම විසින් වන අතර මෙහි ශබ්ධ පරිපාලනය සහ දෘෂ්‍ය ප්‍රයෝග සඳහා දින්ෂ චාමිකර විසිනි.නදීෂා පෙරේරා විසින් වේශ නිරුපණය සඳහා දාකයත්වය ලබා දී තිබෙයි. නිෂ්පාදන කළමනාකරු ලෙස රයෝ හේරා සමඟ රොෂෙල් ඩැනියල් එකතුවී තිබෙයි. සිනමාපටයේ ආලෝක පරිපාලනය සඳහා ශාලිකා ප්‍රනාන්දු එක්ව තිබෙයි.

art street

සිනමාපටය නැරඹීම සඳහා පහත YouTube link එක හරහා ඔබටද දැන් හැකියාව තිබෙයි. Lethal Bite හා එක්වූ සියල්ලන්ටම Art Street කලා වීදියේ අපේ සුභ පැතුම් සහ තව තවත් මෙවැනි වෙනසක් සහිත නිර්මාණ භි කිරීමට හිලුෂ ඔබට මෙය ශක්තියක්ම වේවා

 giza bee



Watch Now Lethal Bite | Sri Lankan Zombie Short Film | 2021






Post a Comment

0 Comments