පුංචි තිරයට ළඟදීම එන "නම්බර් 9"



විවිධ වූ කතා තේමාවන් ගෙන් ප්‍රේක්ෂකයන් වෙත එන බොහෝ ටෙලි නාට්‍ය අතර මෙගා රැල්ලෙන් මිදුණු එකම තේමාවකට කොටු නොවෙමින් ටෙලි නිර්මාණ කිහිපයක්ම බිහි කළා වූ දක්ෂතා පරිපුර්ණ අධ්‍යක්ෂකවරයෙක් ලෙස චරිත් අබේසිංහයන් හඳුන්වා දීමට හැක. විටෙක දක්ෂ ගායකයෙක්, දක්ෂ නළුවෙක් සහ දක්ෂ අධ්‍යක්ෂකවරෙක් ලෙස අප හඳුනා ගත් චරිත් විසින් අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රසාදයට පත්විය.

ජුලියා සිනමාපටය අධ්‍යක්ෂණයෙන් පසුව ඔහු විසින් අධ්‍යක්ෂණය කළා වූ ගැමුණු මහ රජ ටෙලි නිර්මාණයත් සමඟ ඔහු සතු වූ නිර්මාණශීලි හැකියාව සහ අධ්‍යක්ෂකවරෙක් ලෙසින් තිබෙන්නා වූ තාක්ෂණික දැනුම එම ටෙලි සිත්තම හරහා දැනෙන්නට සැලැස්වීය.පසුව චරිත් විසින් අධ්‍යක්ෂණය කළා වූ මිණි ගං දෑළ සම්මානනීය ටෙලි නාට්‍යකි. යං, සත්‍යා වැනි වෙනස්ම ආරේ ටෙලි කතා නිර්මාණයෙන් පසුව ඔහු විසින් අධ්‍යක්ෂණය කළා වූ තාදී සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙසින් සම්මානනීය විය. ඔහු විසින් ප්‍රේක්ෂකයන් වෙතට ගෙන ආ ටෙලි නිර්මාණ එකිනෙකට වෙනස් කතා වලින් අනුගත වූ සේම ප්‍රේක්ෂකයන් ගේ අවධානය දැඩිව ලබා ගත් ඒවා වෙයි.


චරිත් අබේසිංහයන් ගේ නවතම ටෙලි නිර්මාණය නම් කර ඇත්තේ Number 09 ලෙසයි.දෙමව්පියන් නොමැතිව ජිවත් වන දරුවන් හට සමාජය තුළින් සිදුවන සමහර අයහපත් දේවල් තුළින් සහ එයින් පසුව සමාජයට ඔවුන් වෛර කිරීමට පටන් ගැනීම හරහා අසම්මත බැඳීමක් මුලික කරගෙන ගලාගෙන යන්නා වූ කතා තේමාවකින් Number 09 ටෙලි නාට්‍ය නිර්මාණය වී ඇත. Thriller (කෘතුහලය) ශාණරය මුලික කරගෙන නිර්මාණය වන්නා වූ මෙහි කතාව දක්ෂ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන විසින් රචිතය.

Number 09 ටෙලි නිර්මාණය සඳහා අති දක්ෂ සම්මානනීය රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් එක් ව තිබෙයි. මහේන්ද්‍ර පෙරේරා, දෙව්නක පෝරගේ, උදාරි වර්ණකුලසූරිය, ධනංජය සිරිවර්ධන මෙහි ප්‍රධාන චරිත හරහා ප්‍රේක්ෂකයන් වෙතට පැමිණෙයි. එමෙන්ම මෙහි සංගීත අධ්‍යක්ෂණය සඳහා සම්මානනීය සංගීත අධ්‍යක්ෂක දිනේෂ් සුබසිංහ විසින් සිදුකර තිබෙයි.



Number 09 හි අධ්‍යක්ෂණය සහ කැමරාකරණය චරිත් අබේසිංහ විසින් සිදුකර ඇති අතර කලා අධ්‍යක්ෂණය සඳහා සරත් චන්ද්‍ර ජයවීර එක්වෙයි.නලීන් ප්‍රේමතිලක විසින් වේශ නිරූපණය සඳහා දායකත්වය ලබා දී තිබෙයි. Number 09 හි නිෂ්පාදන දායකත්වය සම්පත් වෙදගේ විසිනි.

Number 09 තව බොහෝ දිනකින් පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන් වෙතට රැගෙන ඒමට නියමිතව තිබෙයි. එමෙන්ම චරිත් අබේසිංහයන් විසින් "ඉම" නමින් තවත් ටෙලි නිර්මාණයක් සහ "චන්ඩි කුමාරීහාමි" නමින් සිනමාපටයක් ද ආදරණිය ප්‍රේක්ෂකයන් වෙතට නුදුරේදීම රැගෙන ඒමට සුදානම් වෙමින් සිටියි.

https://s.click.aliexpress.com/e/_ANTz8o


නැවුම් කතා තේමාවක් රැගත් Number 09 හා එක් වූ සියල්ලන්ටම Art Street කලා වීදියේ අපේ සුභ පැතුම් එක් කරන්නෙමු.

 giza bee

Number 09 TV Series ( Official Trailer ) A thriller
















Post a Comment

0 Comments