දක්ෂ කඩවසම් මෝස්‌තර නිරූපණ ශිල්පියෙකු ලෙසත් රංගන ශිල්පියෙකු ලෙසත් මේ වන විට නිවේදකයෙකු ලෙසත් තමා ගේ සහජ දක්ෂතා තුළින් ඉදිරියට පැමිණෙන තරුණයෙක් වන ඉසුරු ගිල්ශාන්, ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිමවෙන කුළුඳුල් කෙටි සිනමාපටය "සිනාසීමට නොවේ" පසුගිය දිනෙක රූගත කිරීම් අවසන් කරන ලදී. මේ වන විටත් සංස්කරණ අවදියේ පවතින මෙය තව නොබෝ දිනකින් Youtube අවකාෂයට මුදා හැරීමට නියමිතව තිබෙයි.
සංස්කෘතිය ගැන පමණක්ම කතා කරන ලංකාව වැනි ආසියාතික රටක් තුළ අද සමාජයේ කතා බහට විටෙන් විට ලක් වන මාතෘකාවක් කේන්ද්‍ර කොට ගනිමින් සමාජීය වශයෙන් කොන් වන සහ හාස්‍යට ලක් වන නමුත් ඔවුන්ද මනුස්සයෝ සහ ඔවුන්ටද ජිවිතයක් ඇත යන්න ගැඹුරින් විග්‍රහයක් කරන්නා වූ කතා පුවතක් "සිනාසීමට නොවේ" කෙටි සිනමාපටය තුළ අන්තර්ගත වෙයි.
මෙහි කතාව සහ තිර රචනය දුලන්ත රන්දිකගේ වන අතර ඔහු විසින් රචනා කොට කෙටි සිනමාපටයක් වශයෙන් නිර්මාණය වන තෙවැනි තිර රචනය මෙයයි. මෙහි සම අධ්‍යක්ෂණය සඳහා ද දුලන්ත එකතු වී තිබේ.
"සිනාසීමට නොවේ" කෙටි සිනමාපටයේ රංගනයෙන් ප්‍රින්සි ප්‍රනාන්දු, පමුදු වැලිකන්න, අසිත ප්‍රනාන්දු සමඟ මෙලනි ලියනගේ එක් වෙති.එමෙන්ම මෙහි කැමරාකරණය ප්‍රමිත මාලකගෙනි ( Snap Factory Crew ). ශේරාන් ගේ සංස්කරණයෙන් සහ මෙහි කළා අධ්‍යක්ෂණයෙන් එෂාන් නවාංජන දායකත්වය ලබා දෙන අතර වේශ නිරුපණය සඳහා චතුර ජයසිරි සමඟ මලික් ජයසිංහ දායකත්වය ලබා දී තිබෙයි.
මේ වන විටත් ලාංකේය සිනමාව තුළ විවිධ වූ අර්බුධ පැවතියත් අද වත්මන් තරුණ පරපුර ඔවුන්ගේ දක්ෂතා සහ මහන්සිය කැපවීම තුළින් ලාංකේය කෙටි සිනමාවක් බිහි කරමින් තිබෙයි. එමෙන්ම බොහෝ කෙටි සිනමාපටකරුවන් ලොව පුරා පැවැත්වෙන ජාත්‍යන්තර සහ අන්තර්ජාතික තරඟාවලින් හිදී සම්මානයට පාත්‍ර වීමද අප මතක් කල යුතු වෙමු.එය සැබවින්ම සතුටට කරුණකි. මොවුන්ගේ දක්ෂතා තුළින් මතු ලාංකේය විශිෂ්ඨ සිනමා නිර්මාණකරුවන් බිහි වේවි යන්න අපට බලාපොරොත්තු දල්වාගෙන සිටිය හැක. අප සිනමා සහ ටෙලි කලා කෙත ඔවුන් දිනෙක පෝෂණය කිරීමෙහිලා උරදෙති. තමන්ගේ කුළුඳුල් කෙටි සිනමාපටය ලෙසින් "සිනාසීමට නොවේ" එළිදැක්වීමට සුදානම් වන ඉසුරු ද නවක කෙටි සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස නුදුරේදීම අපේ කලා කෙතට එකතු වේවී.
"සිනාසීමට නොවේ" මෙය තවත් සමාජය තුළ කතා බහට ලක් විය යුතු මාතෘකාවක් කරවමින් මේ සඳහා වෙහෙස මහන්සි වී කැප වූ සියල්ලන්ටම Art Street - කලා වීදියේ අපේ සුභ පැතුම් ගෙනෙන්නෙමු.
0 Comments