බිහිසුණු ගිවිසුමක් "The Djinn"

බිහිසුණු ගිවිසුමක් "The Djinn"

ඩිලන් ජේකොබ් කියන්නේ කථන ආබාධිත යෞවනයෙක්. මව අහිමිව සිටින ඩිලන් තම පියා වන මයිකල් ( මිචෙල් ) නව නිවසක පදිංචියට යනවා. මේ නිවසේ සැරි සරන ඩිලන්ට එක කාමරයකදී දුහුවිල්ල බැඳුන කැඩපතක් සහ ඩජින් කෙනෙකු කැඳවා කැඳවුම්කරුගේ කැමැත්ත ඉටුකරගන්න ආකාරය ගැන උපදෙස් අඩංගු පොතක් සොයාගන්න පුළුවන් වෙනවා.

( මේ ඩජින් කියන්නේ කවුද...? ඔබට ගැටලුවක් ඇති. ඩජින් යනු අරාබි පුරාවෘතයේ එන අධිස්වභාවික සත්ත්වයෙක්. ඇලඩින් සහ පුදුම පහනේ ඉන්න භූතයාව මතකයට නගා ගන්න. ඔහුත් එවැනි ඩජින් කෙනෙක්... ඩජින්ලා අපේ කතාවල සඳහන් වෙන කාළි අම්මා වැනි විවිධ ස්වරූප වලින් ඉන්න කෙනෙක්. කාළි අම්මා වුනත් විවිධ ස්වරූපයෙන් ඉන්නවනේ. ලේ කාළි, සොහොන් කාළි... වැනි නම් වලින් )

බිහිසුණු ගිවිසුමක් "The Djinn"


පොතේ හැටියට මේ ඩජින්වරයාව කැඳවන්නේ මධ්‍යම රාත්‍රියට පැයකට පෙර කැඳවුම්කරු විසින් ඉටිපන්දමක් දල්වලා ඒකේ දැල්වෙන ඉටි වලට කැඩපතක් ඉදිරියේ ලේ බිංදු තුනක් එකතු කරන්න ඕනේ. ඊට පස්සෙ තමන්ගෙ අභිමථාර්ථය මෙනෙහි කළ යුතු වෙනවා.

කැඳවුම්කරුගේ ඒ ප්‍රාර්ථනාවට ශක්තිය තියෙනවා නම් ඩජින් ඒ රාත්‍රියේදි කැඳවුම්කරුගේ ප්‍රාර්ථනය ඉටුකර දෙනු ඇත.

සේවාවක් ලැබෙනවා නම් ඒ වෙනුවෙන් යම් ගෙවීමක් කළ යුතුයි.

ඩජින්ගේ සේවා ගාස්තුව ගැන විශේෂයෙන්ම සැළකිලිමත් විය යුතු වන්නේ ඒ සේවා ගාස්තුව ඔබේ ආත්මය විය හැකි නිසායි.

යථෝක්ත කෘතියේ සඳහන් මේ කාරණා ඩිලන්ට තදින් දැනෙනවා. එදින රාත්‍රී මයිකල් ( මිචෙල් ) හෙවත් ඩිලන්ගේ පියා ඔහු සේවය කරන ගුවන් විදුලි නාළිකාවේ රාජකාරියට පිටත් වෙනවා. ඔහුගේ රාජකාරිය ආරම්භ වු පසු ඩිලන් වෙනුවෙන් පළමු ගීතය විකාශය කරන්නේ පිතෘ ස්නේහය FM තරංග මාලා ඔස්සේ ඩිලන්ට සමීප කරමින්.

බිහිසුණු ගිවිසුමක් "The Djinn"


මේ වෙලාවෙදි ඩිලන් ඉතා අවධානම් කටයුත්තක් වෙන ඩජින් ගෙන්වීමේ කටයුත්ත සිද්ධ කරනවා. ඩජින් වෙත ඔහුගේ ආරධානය කරන්නේ තමන්ට හුරුපුරුදු සංඥා භාෂාවෙන්. ඒත් වෙනසක් වෙන්නෙ නෑ... ඩිලන් හිත හදාගන්නේ සංඥා භාෛෂාව ඩජින්ට අවබෝධ වෙන්නෙ නැතිව ඇති කියලා හිතලා...

ඇත්තටම ඩජින් ට ඩිලන්ගෙ පණිවඩය ලැබුනද... වෙන කෙනෙකුට ලැබුනද... ඩිලන්ගෙ ප්‍රා‍ර්ථනය කුමක් වෙන්න පුළුවන් ද...

මේ කාරණා විසදා ගන්න නම් ඔබට සිද්ධ වෙනව The Djinn සිනමා කෘතිය නරඹන්න.

The Djinn ඇමරිකානු අධිස්වභාවික අද්භූත ශානරය යටතේ 2021 වසරේ මැයි මාසයේ නිකුත් වුන චිත්‍රපටයක්.

අධ්‍යක්ෂණය සහ තිර රචනය ඩේවිඩ් චාබෝනියස් සහ ජස්ටින් පවෙල් විසින්.

Ezra Dewey ඩිලන් ජේකොබ් ලෙස ප්‍රභල රංගනයක් නිරූපණය කරද්දි

Rob Brownstein මයිකල් ජේකොබ් ලෙසත්

Tevy Poe ඩිලන්ගේ මව ලෙසත්

John Erickson ඩජින් ලෙසත් රංගනයට එකතු වෙනවා...

ඒ වගේම පැයකුත් විනාඩි විසිදෙකක් පුරා දිවෙන මෙම නිර්මාණයේ වඩාත් සුවිශේෂි ලක්ෂණය වන්නේ දෙබස් මුසුව තිබෙන්නේ විනාඩි විස්සත් විසි පහත් අතර ප්‍රමාණයක. ඉතිරි සමස්ථ කාලය පුරාම සංගීතය සහ රංගනය තුළ ප්‍රභල භාෂාවක් නිර්මාණය කරනවා.

Cleveland International Film Festival (2021) සඳහා නිර්දේශිත චිත්‍රපට අතරට පැමිනෙන්න සමත් වුන The Djinn තිරගතවීම ආරම්භ කරලා පළමු සතියේදී ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රදර්ශනයෙන් ඩොලර් 50,312 ආදායමක් උපයන්න සමත් වුනා.

බිහිසුණු ගිවිසුමක් "The Djinn"


අද වෙද්දි මේ ආදායම ඇමරිකානු ඩොලර් 124,772 දක්වා වර්ධනය වෙලා තියෙන්නේ.

ගෝලීය ආදායම් වාර්ථා අනුව මේ වෙද්දි ඩොලර් 270,347 ආදායමක් උපයමින් බොක්ස් ඔෆීස් වාර්ථා අතරට එකතු වෙනවා...

ඔබේ නොනිත් ආශාව ඔබේ වටිනාම දේ නැති කරන්න පුළුවන්... ඒක නිසා අනිවාර්‍යෙන්ම බැලිය යුතු නිර්මාණයක් The Djinn..

 Dilshan Pathirage





Post a Comment

0 Comments