මොරිෂස් දූපතේ සිටි අවසාන යුදෙව් ජාතිකයාත් මියයයි - "Dybbuk"



" මොරිෂස් දූපතේ සිටි අවසාන යුදෙව් ජාතිකයාත් මියයයි "

කතාව පටන්ගන්නේම අවමංගල්‍යයකින්, මරණයේ සේයාව මුලු දූපත වටාම පැතිරෙන්න ගතවෙන්නේත් සුලු කාලයක්

සෑම් සහ මාහී තමන්ගේ නව වාසස්ථානය වන මොරිෂස් දූපතට පැමිණෙන්නේත්, ජීවිතයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ කිරීමටයි. ඔහුගේ රැකියාව අතිශයින්ම වගකීම් සහගත සහ භයානක එකක්. න්‍යෂ්ටික අපද්‍රව්‍යන් නිසිලෙස බැහැර කරනා මධ්‍යස්ථානයේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙසින් වැඩ බාරගන්නා ඔහු නිසිලෙසින්ම එම කර්තව්‍යය කලේ නැති වුනොත් නම්, මුලු දූපතම වැටෙන්නේ අනතුරුදායක අඩියකටයි.

නව නිවස අලංකරණයේ යෙදී ඉන්නා මාහී, ඇන්ටික් ෂොප් එකකින් ගෙනෙන්නේ පෙට්ටියක්. දැව වලින් සාදනු ලැබූ, සය කොනකින් යුතු තරුවකින් හැඩ වුනු, නොදන්නා අක්ෂර සමූහයකින් යමක් ලියා තැබු අමුතු තාලේ පෙට්ටියක්. ඉන්පසු අමුතු සිදුවීම් වලින් නම් මේ ගෙදරට අඩුවක් වෙන්නැහැ.
මාහී, ඇයට දර්ශනය වෙන්නේම සුදු ගවුමකින් සැරසුනු, අමනුෂ්‍ය ආත්මයක්. සෑම් මුලදී විශ්වාස කරන්නට අදිමදි කලත් පසුව ඔහුත් ඔහුගේ හිතවත්ම පූජකතුමෙකුව ගෙන්නන්නත් කටයුතු කරනවා.



නිවසේ තිබුනු පෙට්ටිය මේ සියල්ලටම හේතුව බවයි ඔහු සෑම්ට හෙළිදරව් කරන්නේ

" ඩිබුක් කියල හදුන්වන මෙහි තමයි ඉස්සර සිටි යුදෙව් ජාතිකයන් ඔවුන්ගේ විවිධ වූ අරමුණු වෙනුවෙන් අතෘප්තිකර ආත්මයන් ශරීරයෙන් වෙන්කොට සිරකරන්නේ. පෙට්ටිය ඇරියොත් එහි සිටින ආත්මය ආවේශ වෙන්න පුලුවන් "

මෙහි වැඩිදුර සත්‍ය දැනගන්න සෑම් යුදෙව් රබායිතුමෙක් සොයාගෙනත් යනවා

" ඩිබුක් කියන්නෙ යුදෙව් සංස්කෘතියේ එන ජනකතාවක් වගේ, එහි කොච්චර ඇත්තක් තියෙනවද කියලා හරියටම කියන්නත් බැහැ.

එය ආවාට ගියාට කාටවත් ආවේශ වෙන්නෙත් නැහැ, ශරීරයයි ආත්මයයි නිසි ලෙස පෙළගැසී නැති, හැඩ ගැසී නැති කෙනෙක්ටයි මානසික බිදවැටීමක් සහිත අයෙකුටයි පමණයි එහි බලපෑම බලපැවැත්වෙන්නේ "

ඒ වෙලාවේම ඇමතුමකින් සම්බන්ධ වෙන මාහී කියන්නේ තමන්ට දරුවෙක් ලැබෙන්නට ඉන්නා වගයි.

ඇත්තටම හරි සතුටුයි නේද, ඒත්........

ආත්මයෙන් ඔවුන්ව ගලවා ගන්නේ කවුරුන්ද

රබායිතුමන්ගෙ පුතා තමයි පිළිසරණට එන්නේ. ඔහු මේ පෙට්ටිය කවුරුන් විසින්, කුමක් අරභයා සෑදුවේ දැයි සොයාගෙන යද්දීයි දැනගන්නට ලැබෙන්නේ, #එස්රා ගැන වගේම යුදෙව් අදුරු මායා චාරිත්‍රයන් ගැන. සාපයක් බැද ඇති මේ ආත්මයේ අරමුණ

" මොරිෂස් දූපතත් එහි සිටිනා මිනිස්සුන්වත් විනාශ කරන්නට හැකියාව ඇති කෙනෙක්ගේ ශරීරය අත්පත් කරගැනීමයි, මෙහි සිටිනා අවසාන යුදෙව් ජාතිකයාත් මළ පසු "



පළිගැනීමේ වියරුවෙන් සිටිනා ආත්මයකින් මේ භූමිය සහ සෑම් ගේ පවුල නිදහස් කරගන්නට හැකියාව ලැබේවිද ?

Supernatural Horror ෂානරයට වැටෙනා මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Emraan Hashmi විසින්

2017 වසරේ ආපු Ezra මලයාලම් චිත්‍රපටිය පසුබිම් කරගෙනයි මෙම චිත්‍රපටිය නිමවී ඇත්තේ

මෙම චිත්‍රපටි දෙකම අධ්‍යක්ෂනය කර ඇත්තේද Jay K නම් අධ්‍යක්ෂකවරයා විසින්මයි

 viduni hettiarachchi



Post a Comment

0 Comments