දක්ෂ යෞවුන් ගායන ශිල්පීයෙකු, නිවේදකයෙකු සහ වැඩසටහන් නිශ්පාදකවරයෙකු ලෙසින් ජනප්‍රිය ගීත් මධුසංඛ විසින් ඔහුගේ පළමු Music වීඩියෝව වන "සැනහී" ❤️ ගීතය අද දිනයේදී එනම් නොවැම්බර් 12 වන දින සවස 6ට YouTube අවකාශයට මුදා හරින ලදී.
ගීත්ටම ආවේණික වූ හඬත්, ගායන විලාසයත් එකලෙස මුසු කරමින් නිර්මාණය වූ "සැනහී" ❤️ ගීතයේ පද රචනය යොවුන්, ජනප්‍රිය පහ රචිකා තිළිණි ලියනාරච්චි විසින් සිදු කෙරිණි. වෙනස්ම වූ සංවේදී සංගීත තාල රටාවක් සමඟ ගීතයේ තනු නිර්මාණය ශෙහාන් කෞෂල්‍ය වික්‍රමසිංහ විසින් සිදුකර තිබේ. මෙහි සංගීත සංයෝජනය වෙනුවෙන් ලහිරු ඩී.කොස්තා දායකත්වය ලබා දී ඇත.
"සැනහී සැනහී මා තුරුළේ දැවටෙනා..
දෑසක් තිබුණා හීසර සේ යාවෙනා..
සසරේ කිසිදා හැරදමා.."
මිහිරි ආදරය තුළ විරහව කැටිවූ ප්‍රේමණිය හැඟීම් අතර ඇති වූ බැඳීම් රැහැන් බිඳෙමින්, ප්‍රේමයම පමණක් අයදිමින් තනිවූ ආදරයක් තුළ සැනසෙන්නට ලතවෙන කඳුලක වේදනාව ගැන අරුත් දනවමින් ගැයෙනා වූ "සැනහී" ❤️ ගීතයේ රූප රචනාව සඳහා රංගනයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනියක්, මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙසින් අතිශය ජනප්‍ර්‍රිය නිලුෂි පවන්‍යා සමඟ කඩවසම් මෝස්‌තර නිරූපණ ශිල්පියෙක් ලෙසද රංගන ශිල්පියෙක් ලෙසද බෙහෙවින් ජනප්‍රිය කපිල ගල්පිහිල්ල සංයෝජනයවී තිබුණා.
සිනමාත්මක රුපණයක් හරහා මැවෙන්නා වූ ප්‍රේමාන්විත රූප සහ හැඩතල වලින් නිර්මාණය වූ "සැනහී" ❤️ ගීතයේ තිර පිටපත් රචනය ලාබාල වුවත් අතිශය දක්ශ උපාධිදාරිනියක් වන කෞශා වීරසිංහ විසින් සිදු කරනු ලැබ අතර වීඩියෝවේ අධ්‍යක්ෂණය සඳහා Golden Film House හී රවිඳු අබේරත්න එක්ව අපූරු සිනමාත්මක අත්දැකීමක් වීඩියෝව වෙනුවෙන් මවා තිබෙනවා.
මෙහි කලා අධ්‍යක්ෂණය සඳහා දිල්ශාන් ගුණසේකර ලියනගේ එක්ව තිබෙන අතර වේශ නිරුපණය සඳහා ආසිරි චතුරංග සහ කොණ්ඩා සැකසීම වෙනුවෙන් රුවින්ද උඩුවරගේ දායකත්වය ලබා දෙන අතර මෙහි ඇඳුම් නිර්මාණය සඳහා කනිෂ්ක සඟබෝ ඩයස් සමඟ සුවි වීරසිංහ එක්ව තිබෙනවා.
සැනහී ❤ සමඟ නව ගීතමය මුහුණුවරකින් පැමිණෙන ගීත් මධුසංඛ සහ සැනහී ❤ සමඟ එකතු වූ සියල්ලන්ටම Art Street - කලා වීදීයේ අපේ සුභ පැතුම්.❤
Geeth Madhusanka - Senahee | සැනහී (Official Music Video)
සැනහී සැනහී මා තුරුළේ දැවටෙනා..
දෑසක් තිබුණා හීසර සේ යාවෙනා..
සසරේ කිසිදා හැරදමා..
නොයමී රහසේ කොඳුරනා..
නැළවී මා හා.. බැඳි ඒ ආශා..
සිහිනේ පැවසූ කාරණා..
කඳුළේ මායා..මතකේ පාරා..
විඳිමී අඳුරේ තනිවෙලා..
වේදනා..
තනිවී ගිම්හානේ...දැවෙමී තනි අහසේ...
තරුවේ මා ළඟ ඈ නෑ සඳ සේයාවේ...
වෙරළේ හැන්දෑවේ.. සයුරේ රැළි ගානේ..
බිඳෙනා මේ හිත වාවා ගන්නම් රහසේ...
මියැදේ..සොඳුරේ අප මැව් සිහිනේ...
නැළවී මා හා.. බැඳි ඒ ආශා..
සිහිනේ පැවසූ කාරණා..
කඳුළේ මායා..මතකේ පාරා..
විඳිමී අඳුරේ තනිවෙලා..
වේදනා..
සුළඟේ ඔබ පාවී ආවද
නැවතී ඉන්නට නොවෙනා බව..
මුමුණා දුර ඈතක යන්නට යෙදුනා...
සිඹිනා තප්පරයක මතකය..
පපුවේ හිර කර විඳවමි මම..
සිහිනේ එක රැයකින් අළුවී ගියදා....
නැළවී මා හා.. බැඳි ඒ ආශා..
සිහිනේ පැවසූ කාරණා..
කඳුළේ මායා..මතකේ පාරා..
විඳිමී අඳුරේ තනිවෙලා..
වේදනා..
Song Title - Senahee (සැනහී)
Artiste - Geeth Madhusanka
Melody Composition - Shehan Kaushalya Wickramasinghe
Lyrics - Thilini Liyanarachchi
Composing / Mixing & Mastering - Lahiru De Costa @ LAV Studio
Guitar Performance - Buddhika Perera
Flute Performance - Madusara Liyanage
Starring - Nilushi Pawanya / Kapil Galpihilla
Video Director & DOP - Ravindu Abeyrathna @ Golden Film House
Script - Kausha Weerasinghe
Editor & Colorist - Ravindu Abeyrathna
Art Direction - Dilshan Gunasekara Liyanage
Make Up - Asiri Chathuranga
Hair - Ruwinda Uduwarage
Costume - Kanishka Sangabo Dias | Sue Weerasinghe
Portrait Art - Dimuthu Ekanayaka
Art Work - Thush Favourite
Location - The Antique Gallery
Assistant Director - Dil Mahaarachchi
Production Assistant - Naveen Thilanka / Sithara
Production Manager - Suranjan Madushan / Nishantha
Still Photographer - Nimodya Roshan Peiris'z
Video Production - Golden Film House
0 Comments