මරණය යනු තවත් ගමනක ආරම්භයකි "The Possession of Hannah Grace"


"හැනා ග්‍රේස්" කියන්නේ නපුරු භූත ආත්මයක් තමාගේ සිරුර තුළට ආවේශ වූ ඒ නිසා දුක් කරදරයන්ට පත්වූ තරුණ ගැහැණු දරුවෙකි. පියාගේ ආදරය මත හැදෙමින් සිටින ඇයට මෙළෙස යක්ෂයෙකුගේ ගොදුරක් වීමට සිදුවීම ද ඔහුට දරාගත නොහැක්කකි. ඒ හේතුවෙන්ම ඔහු බොහෝ උත්සහ දරමින් තම දරුවාගේ ඇඟට ආවේශ වී සිටින ආත්මය එළියට ගන්න ගත් උත්සාහයන් කෙළවරක් නැත. ඒ සියල්ලම ගඟට කැපු ඉණි වැනි. තම දියණියට තිබෙන ආදරයත් නමුත් යක්ෂයෙකු සමඟ තවත් පොර බැඳීමට නොහැකිව ඈ විඳින දුක්ඛිත ජීවිතය දෙස බලා සිටීමට නොහැකි වූ හැනා ගේ පියා ඔහුගේම දෑතින් ඇයව මරා දමන්නේ හැනා සිටින දුක්ඛිත ජිවිතයෙන් ඇයව නිදහස් කිරීමටයි. සිනමාපටයේ ආරම්භක රූප රාමු එකින් එක පෙළ ගැස්වෙන්නේ ඒ අයුරෙනි.


ඉන් මාස තුනකට පසු,

බොස්ටන් පොලිස් ස්ථානයේ සේවයෙහි යෙදුනු මේගන් කලකට පෙර සිදුවූ සිදුවීමක් හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් වෙනු ලබයි. ඒ හේතුව නිසාම ඇයට මානසික අවපීඩන රෝගයෙන් පෙළෙන්ණියකි. ඒ නිසාම ඇය පෙති වලට ඇබ්බැහි වී සිටින්නේ අවපීඩනය පාලනය කරගැනීමට උදව්වක් ලෙසිනි. ඔය අතරතුර ඇයගේ හොඳම යෙහෙළියක් වන ලීසා විසින් මේගන් හට අලුතෙන් රස්සාවක් සොයා දෙන්නේ මේ අවපීඩනයෙන් මිදේවි යන්න සිතමිනුයි. ලීසා ඇයට යෝජනා කරන රැකියාව රකියාවක්ම කිව්වට ඒක ටිකක් අමුතුයි අපි වගේ අයට. ඒකට හේතුව ඇයට බොස්ටන් වල පිහිටි රෝහලක මෘත ශරීරාගාරයේ සේවය කිරීමට ලැබෙන රැකියාවයි. නමුත් එඩිතර පොලිස් නිළධාරිනියක් වන මේගන් කිසිඳු සැකයක් බියකින් තොරව එම රැකියාවට කැමැත්ත පළ කරනු ලබයි.



මේගන් හට පළමු දින රාත්‍රියේම මෘත ශරීරාගාරයේ සේවයේ නියුක්තව වැඩ ආරම්භ කිරීමට සිදුවෙයි. එදිනම රාත්‍රියේ පළමුව සඳහන් කල හැනා ග්‍රේස් ගේ මිය ගිය සිරුර රෝහලට රැගෙන එන්නේ. මිය ගිය සිරුර මාස තුනක් ගත වුවක් වුවත් එය බැලු බැල්මට පැරණි බවක් නම් පෙනෙන්ට නොවීය. නමුත් ඇයගේ සිරුරේ කැපුම් පහරක්ද මේගන් ට දකින්නට ලැබිණි. ඇයගේ සිරුර පුළුස්සා දමන්නට ගත් උත්සහයක් ද ඒ අතර වෙයි. මිනීමැරුමක් ලෙස සැක හිතන ඔවුන් ඇයගේ සිරුරෙන් සාක්ෂි සොයන්නට පෙළඹෙන්නේ මේ හේතුන් මතයි. මේගන් හැනාගේ ඇඟිලි සලකුණු ගන්න උත්සහ කරද්දී සලකුණු ගන්නා එම උපකරණය පුපුරා යමින් සිදුවන සිදුවීමත් සමඟ මේගන් මේ ගැන තවත් සැක කරන්න පටන් ගනී.

එදින රාත්‍රියේම නාඳුනන මිනිසෙකු මෝචරිය පිටුපස දොරෙන් ඇතුළු විය යුතු බව පවසමින් මේගන්ට ආක්‍රමනශිලිව කිව්වත් ඇය එය ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නීති විරෝධී ක්‍රියාවක් ලෙසයි. නමුත් ඔහු කෙසේ හෝ ඒ ගොඩනැඟිල්ල තුළට ඇතුළු වන්නේ හොර රහසෙමයි. ඔය අතර තුර මේගන් හැනාගේ සිරුර නැවත පරික්ෂා කිරීමට පටන් ගනී. හැනා ගේ දෑස දුබුරු පැහැ වූ අතර මියගිය පසුව ඇයගේ දෑස නිල් වර්ණයට හැරවුණේ කෙසේද යන්න තවත් මේගන් හට පැන නැඟුණු තවත් ප්‍රෙහෙලිකාවකි.



කාලය කෙමින් ගෙවෙද්දී මේගන් මදක් විවේක ගත්තේය. එහෙත් ඇසෙන අමුතු ශබ්ධ නිසාම ඇය විමසිල්ලෙන් පසුවිය. මෝචරිය තුලට ගිය මේගන් ට දකින්නට ලැබුනේ හැනාගේ මළ සිරුර අතුරුදහන්ව ඇති බවයි. වහ වහා මළසිරුර සොයන්න ඇය උත්සහ ගනිද්දී පෙර ගොඩනැගිල්ලට පැමිණි මිනිසා විසින් මළසිරුර ඇදගෙන යනු ඇය දකින්නට විය. රෝහලේ පොලිසිය ඇමතු ඇය විසින් හැනා ගේ සිරුර අවසානයේදී බේරා ගනු ලැබුවාය. නමුත් මේ සිදුවීම සිදුවන අතරේදී හැනා ගේ සිරුර සොරකම් කිරීමට තැත් කළාවූ නාඳුනන මිනිසා කෑගසමින් දෙයක් පවසන්නේ මෙලෙසයි..

"හැනා ගේ මළ සිරුර පුළුස්සන්න ඕනේ... එයා මැරිලා කියලා හිතුවට මැරිලා නෑ ... " ඒ කිසිවකට පොලිසිය ඇහුම්කම් නොදී එම පුද්ගලයාව අත්අඩංගුවට ගන්නේ හැනාගේ මරණය පසුපස මේ නන්දුනන්නා ද සිටින වග සැක කරමිනුයි. නමුත් නොසිතු විලස සියල්ල වෙනස් වන්නේ නැවත හැනා ගේ මළසිරුර මෝචරිය තුළට ගෙන යාමෙන් අනතුරුවයි.

ඉන් පසුව සිදුවන සියල්ලම ප්‍රේක්ෂක සිතට බිය සහ කෘතුහලය උපද්දවන නිසාම මෙලෙස මේ සිනමාපටයේ කතාව ඔබ වෙත ලිවීම නවත්වන්නට සිතන්නේ ඔබටද මේ සිනමාපටය නරඹා "හැනා" නිසා සිදුවන අත්භූතජනක සිදුවීම් සියල්ලම සිනමාපටය හරහා නැරඹීමට ආරාධනා කරමිනුයි.



2018 වසරේ නොවැම්බර්යේ පැවැත්වෙන මළවුන්ගේ මාසයේදී ප්‍රදර්ශණය වූ "The Possession of Hannah Grace" සිනමාපටයේ අධ්‍යක්ෂණය Diederik van Rooijen විසිනි.මෙහි කතාව Brian Sieve විසින් රචිතයි. සිනාමාපටය සදහා රංගනයෙන් Shay Mitchell, Kirby Johnson, Stana Katic, Grey Damon සමග Nick Thune එකතුවී තිබෙයි. සිනමාපටය imdb වල 5.1 අගයක් ගෙන තිබෙන අතර සිනමාපටය ප්‍රදර්ශනය සමගම ඇමරිකානු ඩොලර් මිලියන 40ක ආදායමක් මේ සිනමාපටය සදහා උපයගන්න සමත්කම් ලද අතර සිනමාපටය කෘතුහලය සහ භීතිය සැමවිටම ප්‍රේක්ෂකන්ව අල්වා තබා ගන්නා සිනමාපටයකි.



මළවුන්ගේ මාසය සමගාමිව Art Street කලා විදිය හරහා රැගෙන එන Horror සිනමා පෙළේ තවත් අනර්ඝ සිනමාපටයක් මෙලෙස ඔබ වෙතට අප රැගෙන පැමිණියෙමු. මේ සිනමාපටය ගැන ඔබේ යහලුවන්ටත් කියන්න. ඒ වගේම අපේ බ්ලොග් පිටුව වගේම Facebook සමුහයටත් එකතුවෙන්න ඔයාලාට ආරාධනා කරන්නෙමු.

 giza bee


Post a Comment

0 Comments