මළවුන්ගේ මාසය ආරම්භයත් සමඟ Art Street කලා වීදිය හරහා Horror සිනමාපට පෙළක්ම ඔබ වෙනුවෙන් රැගෙන එන බව ඔබ හොඳින්ම දන්නා දෙයකි. සුපුරුදු පරිදි අදත් ඔබ වෙනුවෙන් රැගෙන එන්නේ Box Office ආදායම් ලද තවත් සිනමාපටයකි.අප රැගෙන එන සිනමාපට පෙළේ සය වන සිනමාපටය මෙයයි. Shutter ලෙසින් නම් කර තිබෙන මෙම සිනමාපටය 2004 වසරේදී තායිලන්තයේ නිෂ්පාදනය වුවකි.
නැවුම් කතා තේමාවකින් දිගහැරෙන Shutter සිනමාපටයේ අධ්‍යක්ෂණය Banjong Pisanthanakun සහ Parkpoom Wongpoom විසින් සිදුකර තිබෙන අතර ඔවුන් විසින් ඉන් ප්‍රථම Alone සිනමාපටය නිර්මාණය කරන ලදී.එයද බොහෝ සෙයින් ජනප්‍රියතාවයට පත් වූ සිනමාපටයකි. Shutter සිනමාපටය ප්‍රදර්ශනයෙන් පසුව 2,584,600 මුදලක් උපයාගැනීමට සමත්කම් ලබා තිබෙනවා. එම වසරේ වැඩිම ආදායමක් උපයාගත් සිනමාපට අතර පස්වන ස්ථානය මෙම සිනමාපටය හිමිව තිබෙනවා.
Shutter සිනමාපටයේ සුවිශේෂී බව නිසාම මෙය 2006 වසරේදී "Photo" නමින් තෙලිඟු සිනමාපටයක් ලෙසින්ද 2007 වසරේදී "Sivi" නමින් දමිළ සිනමාපටයක් ලෙසින්ද 2008 වසරේදී "Shutter" ලෙසින් හොලිවුඩයේද 2010 වසරේදී "Click" ලෙසින් බොලිවුඩයේද ප්‍රතිනිර්මාණය වී තිබෙයි. 2004 වසරේ දී නිර්මාණය වූ "Shutter" සිනමාපටයේ රංගනයෙන් තායිලන්තයේ සිටින ජනප්‍රිය තරුවක් වන Ananda Everingham ප්‍රධාන චරිතය වන "ටැන්" ගේ චරිතයට දායකත්වය ලබා දෙන අතර සෙසු ප්‍රධාන චරිත වලින් Natthaweeranuch Thongmee, සමඟ Achita Sikamana එකතුවී තිබෙයි.
Shutter සිනමාපටයේ සාරාංශය.
ජේන් සහ ටැන් යනු කලක් පටන් ආදරයෙන් වෙලී එකම වහලක් යට ජිවත් වන අවිවාහක නමුත් විවාහපත් යුවළක් ලෙස සිටින දෙදෙනෙකි. දිනක් රාත්‍රියේදී ඔවුන් තම වාහනයෙන් ගමන් කරන අතර තුරකදී අනතුරකට මුහුණ දීමට සිදුවෙන්නේ ඔවුන් ගේ නොසැළකිල්ල හේතුවෙනුයි. එදා රාත්‍රියේදී ඔවුන්ට අනතුරක් නොවුනද නමුත් එදා ඔවුන්ගේ නොසැළකිල්ල හේතුවෙන් කාන්තාවක් ඔවුන්ගේ වාහනයේ හැපී අනතුරකට ලක්වනු ලබනවා. නමුත් එදා ඔවුන් ඇය කවුරුන්ද යන්නවත් ඇයට සිදු වුයේ කුමක්ද යන්නවත් විමසීමක් කරන්න වාහනයෙන් එළියට බසින්නේ ද නැත. ඒ කාන්තාව පාළු මාවතේ තනිකර ඔවුන් දෙදෙනා පැන යන්නේ බයත් සමඟයි. නමුත් එය බැලු බැල්මටම පහත් ක්‍රියාවක් වගේම ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ජිවිත කාලේදී කරන ලද ලොකුම වැරද්දද එයයි.
ටැන් පළපුරුදු දක්ෂ ජයාරූප ශිල්පියෙක්. විවිධ විදියේ ජායාරූප ගෙන සඟරා වල පල කරන එක තමයි ඔහුගේ රැකියාව බවට පත්ව තිබෙන්නේ. ඒ වගේම එයාට එන පොඩි පොඩි වැඩත් භාරගෙන සාමාන්‍ය ජිවිතයක් ගතකරගෙන යන කෙනෙක්. ජේන් සමඟ එකම වහලක් යට දිවි ගෙවන ටැන් හට මෑතක සිටම බෙල්ලේ රුදාවක් සහ කැක්කුමක් හටගන්නට පටන් ගන්නේ ඉබේටමය. ඔහු කිසිම බර වැඩක් කරන අයෙකු නොවෙයි. ඉතින් මේ නිසාම විවිධ වර්ගයේ බාම් ගෑවත් එය සුව අතකට පත් වන බවක් ටැන්ට දැන්නේනේ නැත. එමෙන්ම ඔහුගේ කැමරාවේ හටගෙන තිබෙන දෝෂය ඔහුගේ ඔලුවට මහා බරක් විය. ඔහු ලබා ගන්නා සෑම ජායාරූපයකම එකම විදියේ අත්භූත විදියට වෙනසක් දකින්න ලැබීම එයට හේතුවයි. එම ජයාරූප තුළ අමුතු කාන්තාවකගේ රුවක් වරින් වර දක්නට ලැබෙන අතර එම කාන්තාව ඔහු ජායාරූපය ගත් ස්ථානයේ නොසිටි බවත් එවැනි කාන්තාවක් ටැන් පෙර දැක තිබුනේද නැති බවත් ඔහුට විශ්වාසය .මෙය කැමරාවේ යම්කිසි දෝෂයක් විය යුතුය යන්න ඔහු සැමවිටම අනුමාන කරමින් සිත හදාගන්නට උත්සහ කළාය.
ටැන් ගේ බෙල්ලේ ඇතිවන කැක්කුම සති ගණනක් පුරා එක ලෙසම පැවතී නිසාම ඔහු වෛද්‍යවරයෙකු හමුවීමට යන්නේ සුදුසු ප්‍රතිකර්මයක් ලබා ගැනීමටයි. එහිදී ටැන් ගේ බර පරික්ෂාවට ලක් කරන වෛද්‍යවරයා ඔහුගේ අසාමාන්‍ය බර ගැන විමතියට පත්වෙනු ලබයි. නොසිතු විරු ලෙසින් ටැන් ගේ බර දෙගුණයකට සමාන වීම හේතුවෙන්ම වෛද්‍යවරයා ඔහුට වියයාම් වල යෙදිමට කියා සිටියි. නමුත් කඩවසම් සිරුරකින් හෙබි ටැන් හට මෙවැනි දෙයක් පැවසීම බැලු බැල්මටම හාස්‍ය ගෙනදෙන්නකි.
ටැන් බෙල්ලේ කැක්කුම අමතක කරමින් සුපුරුදු පරිදි තමාගේ වැඩ රාජකාරී කරන අතරේදී දිනක් ඔහුගේ මතකයට පැමිණෙන්නේ මාස ගණනකට ප්‍රථම ජේන් සමඟ ගමන් ගත්දී සිදුවූ අනතුරයි. එදා ඔවුන් ගේ වාහනයට හැප්පුණු කාන්තාව ගැන සිහියට එන ඔහු නැවත නැවතත් කල්පනා කරනුයේ තමා ලබා ගන්නා ජයාරූප වල පෙනෙන්නට සිටින අත්භූත කාන්තාව ඇය බවයි. ඇය අවතාරයක්ව මෙලෙස පැමිණ ඇති බවට ඔහු ගේ සිතට සැකයක් උපදිනු ලබන්නේ මතකය ආවර්ජණය සමඟයි. නමුත් භූතයන් සහ හොල්මන් ගැන විශ්වාසයක් නොමැති ටැන් සාමාන්‍ය පරිදි දිවි ගෙවද්දී ඔහු ජීවත් වූ නිවස තුළ අත්භූත දේවල් සිදුවන්නට පටන් ගන්නේ ඔහුගේ සිතට බියක් සහ සැකයක් උපද්දවමිනුයි. එමෙන්ම ඔහුගේ මිතුරන්ට ද විවිධ වූ අත්භූත දේවල් ටික කලක සිට සිදුවන බව මිතුරන්ගෙන් දැන ගන්නා ටැන් තමා අතින් පෙර දිනක සිදුවූ අනතුර හේතුවෙන් තම මිතුරන්ට ද මෙලෙස දඩුවම් කරන්නේ ඇයි ද යන්න හිතේ තවත් කෘතුහලයක් උපදිනු ලබයි. ඒ අවස්ථාවේ සිට ඔහු සිදුවූ සිද්ධිය වටා ගමන් කරන්නේ මෙහි සුල මුල සෙවීමටයි. ඒ වගේම ඔහුට මෙය නිරාකරණය කරගන්න සිදුවෙන්නේ ද භූත ආත්මයක් එක්ක බව ඔහුට හොඳාකාරම වැටහී යයි.
නමුත් තවත් දවසක මේ හැමදෙයක්ම වෙනස් අතකට පෙරළෙන්නේ අහඹු ලෙසයි. මාස කිහිපයකට කළින් ජේන් සහ ටැන් ගමන් ගත් වාහනයේ අනතුරට පත් වූ කාන්තාව මහ මගකදී අහඹු ලෙස ටැන්ට මුණගැසෙයි. එයින් ඇය තවමත් ජිවත් වන බව සොයා ගන්නා ඔහු තමා පසුපස මෙලෙස හොල්මන් කරමින් තමාගේ ජීවිතය උඩු යටිකුරු කරන්න හදන භූත ආත්මය කවුරුන්ද යන්න විශාල ප්‍රේහෙලිකාවට මුහුණ දීමට සිදුවෙයි. තමන් හිරවුණු සහ තම මිතුරන් ද හිරකරමින් තිබෙන නූල් බෝලය කොතනින් පටන් ගෙන ලේහා ගන්නද යන්න ඔහුට සිතාගන්න නොහැකි දෙයකි.
ටැන් පසුපස සැබවින්ම පැමිණෙන භූත ආත්මය කවුරුන් විය හැකිද?
භූත ආත්මයට අවශ්‍ය වන්නේ මොනවාද?
මෙලෙස ඔවුන්ට කරදර කිරීමට හේතු කාරණා මොනවාද?
මේ ප්‍රශ්න සියල්ල මධ්‍යයේ ටැන් සහ ජේන් අතරමන් වෙනු ලබනවා.
මේ සියළුම ප්‍රශ්න වලට විසඳුම ප්‍රේක්ෂක ඔබට දැනගන්න නම් "Shutter" සිනමාපටය නරඹන්නම සිදුවෙනවා. එක හුස්මට කෘතුහලය පවත්වාගෙන යමින් නැරඹිය හැකි මෙම සිනමාපටය ඔබත් නිවාඩු වෙලාවක නරඹන්න.
Horror සිනමාපට නරඹන්න කැමති ඔබේ මිතුරන්ටත් මේ සිනමාපටය ගැන කියන්න. ඒ වගේම අපේ Art Street Blog එකට වගේම අපේ Facebook සමුහයටත් එකතු වෙන්න ඔයාලට ආරාධනා කරනවා. තවත් මෙවැනිම Horror සිනමාපටයක් සමඟ නැවත හමුවෙන්නම්.
0 Comments